Main Logo

Thursday 7 March 2024

නොනවතින සැලසුම

 

නොනවතින සැලසුම

 

දේශපාලන වශයෙන් මෙතරම් ව්‍යාකූලත්වයක් මීට කලින් ඇති වී නම් අවස්ථා දෙක තුනක විය යුතු . අද විවිධ අය විවිධ කතා කියනු අසන්න පුළුවන්. මාස හයෙන් අවුරුද්දෙන් රට ගොඩ ගන්න පුළුවන් කියා සමහරු කියනවා. ජාමුලෙට ගිහින් කොන්දේසි වෙනස් කරගන්නවා කියා ඇතැමුන් කියනවා. මේ සුරංගනා කතා කාලය කිවුවත් වරදක් නැහැ. මේ කතා අහල රැවටෙන අයත් නැතුවා නො වෙයි.

 

මහින්ද හොරා ගෝඨාභය හොරා පාස්කු කතා ආදිය 2021- 22 වකවානුවේ පැතිරෙවුවා. රට අර්බුදයට ගියේ හොරකම් නිසා කියා විශ්වාස කරන අය විශාල පිරිසක් ඉන්නවා. ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණා. අර්බුදය මවාපු එකක්. කොවිඩ් ප්‍රශ්නය තිබුණත් අපට රට ගෙන යෑමේ හැකියාවක් තිබුණා. එහෙත් තෙල් ගෑස් ප්‍රශ්න ඇති කෙරුණා. මෙය බටහිරයන්ගෙ හා ඉන්දියාවෙ සැලැස්මක්. ගෝඨාභය තමා ඉවත් කිරීම පිළිබඳ පොතක් ලියා ඇති බව දැනගන්න ලැබුණා. එය පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා කරන ලද  ජාත්‍යන්තරයේ අනුග්‍රහය ලද කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වා තිබෙන බව කියනවා. එවැනි පොතක් නිකුත් කිරීම ගැන සතුටු වන අතර පොත කියවීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

එහෙත් ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතාව පරගලයන් විශ්වාස කරන එකක් නැහැ. ඔවුන් හිතාගෙන ඉන්නෙ තමන් ආතල්ගම දී ලත් ආතල් ආදිය නිසා ගෝඨාභයට 2022 ජූලියේ යෑමට සිදු වූ බවයි. එහෙත් එහි ඊනියා න්‍යායාචාර්යයන් අද වටලප්පන් බිරියානි බෙදූවන් ගැන කතා කරනවා. අප දන්නේ නැහැ වටලප්පන් බෙදූ අය පරගලයේ කිනම් අංශයක සහභාගි වුණා කියා. කෙසේ වෙතත් කාදිනල්තුමා හා කතෝලික පූජකවරු සොහොයුරියන් කුරුස උස්සාගෙන පැමිණියවුන් කාදිනල්තුමාගේ දෑගසවුවන් හා ගිහියන් පුටුවල වාඩි වී සිටිය දී ඉතා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බිම අසුන් ගෙන සිටි චීවරධාරීන්   ඉස්ලාම් යාඥාකරුවන් කොටි වෙනුවෙන් පහන් දැල්වුවන් ආතල්ගම දැක ගන්න පුළුවන් වුණා.

 

එය ඊනියා නිර්ප්‍රභූ පරගලයක් කියා පරගලකරුවන් කියන්න පුළුවන්. සමහර විට අර කාදිනල්තුමා ඇතුළු පිරිස බිරියානි බෙදූ අය ආදීන් නිර්ප්‍රභූ ස්ථරවල අය වෙන්න ඇති. ඊටත් වඩා ගෝඨාභය එලවලා පත්කර ගන්නෙ කවුද කියා පරගලකාරයන් දැන හිටියෙ නැහැ.  ඔවුන් කතා කෙළෙ රෙද්ද කඩා දැමීම ගැන මිස පසුව අඳින රෙද්ද ගැන නො වෙයි. ඔවුන් එය දැනගන්න විධියක් නැහැ. පරගලය සම්පූර්ණයෙන් බටහිරයන් හා ඉන්දියාව සැලසුම් කළ එකක්. ඉතා කෙටියෙන් කියනවා නම් එය සිංහල බෞද්ධ විරෝධි සැලසුමක්.

 

කෙසේ නමුත් ගෝඨාභය ඉවත් කිරීමෙන් පසු අංක එකේ නිර්ප්‍රභූවරයකු ජනාධිපති කර ගත්තා. ඊනියා ආර්ථික අර්බුදයක් නොව දේශපාලන ප්‍රශ්නයක්. බටහිර බලවේගවලට හා ඉන්දියාවට අවශ්‍ය වෙලා තිබුණා ගෝඨාභය හා මහින්ද ඉවත් කරන්න. දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක්. ඔවුන්ට අවශ්‍ය වෙලා තිබුණෙ  මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ හා ගෝඨාභයගේ සැලසුම් යටතේ නන්දිකඩාල් කලපුවේ තමන් ලත් පරාජය පිළිබඳ පළිගැනීමට. ඔවුන් දේශපාලනය ඊනියා ආර්ථික අර්බුදයක් බවට පත්කළා.

 

මේ එක දවසකින් කළ දෙයක් නො වෙයි. යහපාලනය ගෙන ආවේත් රාජපක්‍ෂලා ඉවත් කරන්න. එහි දී ඔවුන් බැසිල් නිසා ශ්‍රී නි පක්‍ෂයෙන් ගිය මෛත්‍රිපාල යොදා ගත්තා. ඉන්පසු දින පනස්දෙකේ ආණ්ඩුව වැට්ටවීමට රනිල් මංගල මෝදිදාස් ආදීන් පමණක් නොව බැසිල් දිලිත් ආදීන් සහභාගි වුණා. මා මෙසේ කීම ගැන විවිධ අය සතුටු නොවන බව මා දන්නවා. එහෙත් මෙහි 2010 පමණ සිට නොනවතින ක්‍රියා දාමයක් මා දකිනවා.

 

අද විවිධ ව්‍යවස්ථා සංශෝධන මැතිවරණ ක්‍රම වෙනස් කිරීම් විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම ආදිය ගැන කතා කරනවා. මේ කිසිසේත් සඳහා අවස්ථාව නො වෙයි. පාර්ලිමේන්තුවක හා ජනාධිපති ධුර කාලයක අවසානයේ ව්‍යවස්ථා සංශෝධන කිසිසේත් සුදුසු නැහැ. අතර ජනාධිපතිවරණයට කලින් මැතිවරණයක් පැවැත්වීම ගැනත් කතා වෙනවා. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට පුළුවන් යෝජනා සම්මුතියකින් ජනාධිපතිට කියන්න පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියා.

 

මෙහි තවත් යම් සැලැස්මක් තියෙනවා ? මෙහි අරමුණ යම් ආකාරයකින් රනිල් තවත් අවුරුදු පහකට ජනාධිපතිධුරයේ තබා ගැනීම ? අද බටහිරයන්ට අවශ්‍ය රනිල් තව දුරටත් ජනාධිපති ධුරයේ තබා ගැනීමටයි.  අවශ්‍යතාව ඉටු කර ගැනීමට ඇමරිකන් රටවැසියා ක්‍රියා කරනවා ?

 

අවසානයේ සියල්ල නැති වී ගියේ ගෝඨාභයට. ඔහුට දරු මුණබුරන් බැලීමටවත් ඇමරිකාවට යන්න බැහැ. සංචාරක වීසාවක්වත් ලැබෙන්නේ නැහැ.   මහින්දටත් මීළඟ මැතිවරණයෙන් පසු දේශපාලනයක් නැහැ. ඔවුන් වෙනුවෙන් කඩේ ගියත් කිසිවක් ලැබෙන්නේ නැහැ. එහෙත් මා කඩේ යනවා. සිංහල බෞද්ධ සංස්කෘතියට.