ජනාධිපති පොරය
අද තරම් ව්‍යාකූලත්වයක් මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ වෙන කිසි දා තිබී ඇතැයි හිතන්න බැහැ. රනිල් අද හෙට පාර්ලිමේන්තු මැතිවරණයකට එකඟ වේය කියා හිතන්න බැහැ. ඔහුට මේ පාර්ලිමේන්තුව හොඳයි. මේ පාර්ලිමේන්තුව ඔහුට විරුද්ධ ව කිසිවක් කරන එකක් නැහැ. මේ පාර්ලිමේන්තුවට වෙනත් ජනාධිපතිවරයකු ගැන එකඟත්වයකට පත් වෙන්න බැහැ.
ඒ අතර අද පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්‍ෂවල සාමාජිකයන් යැයි කියන මන්ත්‍රීවරුන්ට
පක්‍ෂවලින් බාහිර වෙනත් විවිධ සම්බන්ධකම් හිතවත්කම් තියෙනවා. පොහෙට්ටුවේ විවිධ කණ්ඩායම් තියෙනවා. ඇතැම් ඇමතිවරු පැහැදිලිව ම ඉන්නේ ජනාධිපති රනිල් සමග. ඔවුන් පසුගිය දා පොහොට්ටු රැස්වීමකට සහභාගි වී තියෙනවා. ඒ රැස්වීමේ දී වාග් ප්‍රහාර එල්ල වී තියෙනවා. එහි දී බැසිල් රාජපක්‍ෂ වෙනුවට නාමල් රාජපක්‍ෂ ජාතික සංවිධායක ලෙස තෝරා පත් කරගෙන තියෙනවා. සමහර ඇමතිවරුන් එයට විරුද්ධයි. ඔවුන්ට අවශ්‍ය බැසිල්. එහෙත් ඔවුන්ගේ ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුවේ කවුරුන්වත් නොව රනිල්. කොහොමටත් බණ්ඩාරනායක යුගය වගේ ම රාජපක්‍ෂ යුගයත් අවසන් වෙලා.
ජාතික
සංවිධායක බැසිල් වුණත් නාමල් වුණත් අද පොහොට්ටුව සංවිධානය කරන එක පහසු වැඩක් නො වෙයි. රාජපක්‍ෂ පවුලේ අසමගිය තව තවත් වැඩි වෙලා. ශිරන්ති රාජපක්‍ෂ ඒ අසමගියේ දී විශාල කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලියි. ඇයට ඇත්තේ නාමල් රජ කරවන සිහිනය පමණයි. ඒ සිහිනය සැබෑ වන්නක් නො වෙයි. මහින්ද දේශපාලන වශයෙන් අද අක්‍රීය වෙලා. බටහිර සැලැස්ම ඉතා සාර්ථක වෙලා.
ඒ අතර විජේදාස රාජපක්‍ෂ වෙනත් වැඩකට අර අඳින බවක් පේනවා. ඔහු කැමතිලු ජනාධිපති අපේක්‍ෂක වෙන්න. ප්‍රශ්නය මොන පක්‍ෂයෙන් ද යන්නයි. විජේදාස රාජපක්‍ෂ හා මෛත්‍රිපාල සිරිසේන අතර යම් ඇයි හොඳයි කමක් තියෙනවා ද? ඔහු ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉදිරිපත් වේවි ද? සමහර ශ්‍රී ල නි ප ඇමතිවරු පක්‍ෂයෙන් නෙරපල. ඔවුන් රනිල් සමග එකතු වීමට බොහෝ දුරට ඉඩ තියෙනවා.
රනිල්ට ජනාධිපතිවරණයකින් ජයග්‍රහණය කරන්න පුළුවන් ද? පොහොට්ටුවේ හා ශ්‍රී ල නි පක්‍ෂයේ සමහර ඇමතිවරු හා මන්ත්‍රීවරු රනිල් සමග එකතු වුණත් පොහොට්ටු ඡන්දදායකයන් බහුතරයක් රනිල්ට ඡන්දය දේවි කියා හිතන්න බැහැ. අරුන් සිද්ධාර්ථන් රනිල්ට යම් ඡන්ද ප්‍රමාණයක් ලබා දේවි. එහෙත් රනිල්ට දිනන්න තවත් ඡන්ද ඕන වෙනවා. එ ජා පක්‍ෂයට ඡන්ද නැහැ.
එ ජා ප පැත්තෙ ඡන්ද තියෙන්නෙ ස ජ බලවේගයෙ. එහි ඉන්න කබීර් හෂිම්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා වැනි මන්ත්‍රීවරුන් ප්‍රතිපත්තිමය වශයෙන් ඉන්නෙ රනිල් එක්ක. එහෙත් රනිල් සමග ඉඳිමින් ඡන්ද ගන්න බැහැ. පාර්ලිමේන්තුවට
එන්න බැහැ. ඒ නිසා ඔවුන් සජිත් සමග ඉන්නවා. අද බිරිතානිය හා බටහිර රටවලට අවශ්‍ය රනිල් තවදුරටත් ජනාධිපති ධුරයෙ රඳවා ගන්න. එහෙත් ඉන්දියාවට එවැනි අවශ්‍යතාවක් නැහැ. ඉන්දියාවට අවශ්‍ය සජිත් ජනාධිපති වෙනවා දකින්න.
රනිල්ට දිනන්න පුළුවන් එක විධියක් තමයි සජිත් එක්ක ගිවිසුමකට එළඹීම. ඒ සඳහා දැනටමත් සාකච්ඡා පැවැත්වෙනවා නම් පුදුම වෙන්න දෙයක් නැහැ. සමහර බටහිර රටවල් ඒ ගැන උනන්දුවක් දක්වනවා වෙන්න පුළුවන්. මෙරට ඡන්දදායකයන්ට අපේක්‍ෂකයන් තෝරන්න බැහැ. අඩු තරමෙන් පක්‍ෂවල සාමාන්‍ය සාමාජිකයන්ටවත් එසේ තෝරාගන්න බැහැ. ඡන්දදායකයන්ට කරන්න පුළුවන් තෝරල ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ට ඡන්දෙ දෙන එක පමණයි.
අප
කෙතරම් බටහිරින් හා ඉන්දියාවෙන් පාලනය වෙනවා ද කියන එක සමහරුන්ට හිතාගන්නවත් බැහැ. අද ජනාධිපති අපේක්‍ෂකයා තෝරන්නේ බොහෝ විට ඔවුන්. බටහිර සැලැස්ම කෙතරම් සාර්ථක වී තියෙනවා ද?
පොහොට්ටුවට අද ජනාධිපති අපේක්‍ෂකයෙක් නැහැ. ඔවුන් අවසානයේ දී රනිල් තෝරා ගනීවි ද විජේදාස රාජපක්‍ෂ තෝරා ගනීවි ද වෙනත් කවුරුන් හරි තෝරා ගනීවි ද කියන්න බැහැ. ඒ කවුරුන් තෝරා ගත්තත් ඡන්දදායකයන් කුමක් කරාවි ද?
අද
ඩලස් චම්පක ජී එල් ආදීන්ට යන එන මං නැති වෙලා. ජ වි පෙරමුණ ජා ජ බලවේගය විසින් ගිලගෙනු ලැබිලා. ඔවුන් සමාජවාදය හැර දමා පළාත් සභා වැළඳ ගෙන. ඔවුන් සිංහල බෞද්ධ විරෝධී වෙලා. මෝදි හා බටහිර නායකයන් සතුටු ඇති. මෝදිදාස්ට ලෝක සංචාරයක යෙදෙන්න පුළුවන්.
තව
මාසයක් දෙකක් යන විට විවිධ සංධාන හැදේවි. ජාතිකත්ව ඡන්ද දෙතුන් අතකට බෙදී යන්න ඉඩ තියෙනවා. එ අතර ජාමුල අපට තව තවත් කොන්දේසි දමාවි.