Main Logo

Saturday 30 March 2024

අනුර හා අරුන්

 

අනුර හා අරුන්

 

මෝදිදාස් කැනඩාවට ගිහින් මෝදිට ඕන ප්‍රකාශ කරලා. අරුන් සිද්ධාර්ථන් ඒවට උත්තර දීල. පළමුවැනි කොටුවෙ තියෙන සබැඳියෙන් අරුන්ට අනුරට සවන් දෙන්න පුළුවන්. අරුන් ජා පක්‍ෂයට ගිය එක ඇත්ත. ඒත් ඔහු තම ජාතික ප්‍රතිපත්තිය වෙනස් කරගෙන නැහැ. මෝදිදාස් වි පෙරමුණ ඔළුවෙන් හිටවලා. ටිල්වින් කියනවා වි පෙ ප්‍රතිපත්ති හා ජා ප්‍රතිපත්ති අතර වෙනසක් නැහැ කියලා. කියන්නෙ වි පෙරමුණත් දැන් පළාත් සභාවලට පක්‍ෂ කියන එක ? ටිල්වින්ලා ලාල් කාන්තලා තවමත් වි පෙරමුණේ , ජා බලවේගයෙ , දෙකේම , දෙකෙන් එකකවත් නැද්ද?

 

මෝදිදාස්ගෙ ප්‍රකාශ ගැන මෝදි සතුටු වෙන්න ඇති. මේ සබැඳියේ ඇති කතාවෙ මෝදිදාස් කරුණු දෙකක් කියනවා. එකක් අර සම්බන්ධන් මෝදිදාස්ගෙ අත් අල්ලන් කියපු කතාව. සම්බන්ධන් මෝදිදාස්ට (එකල රනිල්දාසට) කිවුවලු තමන්ට දෙවැනි පංතියෙ පුරවැසියෙක් වෙන්න ඕන නැහැ කියලා. ඔය කතාවෙ  කිසිම හරයක් නැහැ. අදත් ලංකාවෙ දෙවැනි පංතියෙ පුරවැසියන් වන්නෙ සිංහල බෞද්ධයන්. බව ප්‍රසිද්ධියේ කියා ඇති එක ප්‍රධාන දේශපාලනඥයා ගෝඨාභය රාජපක්‍ෂ.

 

ප්‍රනාන්දුපුල්ලෙ කිවුවලු තමාට ඇමති කෙනකුගෙන් ඉහළට යන්න බැහැ කියලා. ඔහුගෙ ආගමක් හින්ද නොවෙයි. ඔහුට ඊට වඩා දක්‍ෂතාවක් නැති නිසා. මට සිංහල බෞද්ධයකු වුණත් අඩු තරමෙන් මන්ත්‍රීවරයකු වෙන්න බැහැ. මට මහජනයා ආකර්ෂණය කරගන්න දක්‍ෂතාවක් නැහැ. මට දේශපාලන වශයෙන් ප්‍රාදේශීය නායකයකුවත් වෙන්න බැහැ. මා කරාව කුලයට අයත්. ඒත් පාණදුරේ මිනිසුන්වත් මට ඡන්දෙ දෙන්නෙ නැහැ. සමහරු කියනවා මෙරට රාජ්‍ය නායකයා වෙන්න ගොවිගම කුලයට අයත් වෙන්න ඕන කියා.  ඒත් ප්‍රේමදාස එය බොරු කළා. අද සජිත් නායකයා. ඔහුටත් මිනිසුන් කුලය නොබලා ඡන්දෙ දෙනවා. ඔහු ජනාධිපති වෙයි නැද්ද කියා මට කියන්න බැහැ. එහෙත් මිනිසුන් ගොවිගම රනිල්ට වඩා සජිත්ට ඡන්දෙ දෙනවා.

 

ඊයේ මහා සිකුරාදා. ලංකාවෙ නිවාඩු දවසක්. එහෙත් ක්‍රිස්තියානි ඇමරිකාවෙ මහා සිකුරාදා නිවාඩු දවසක් නො වෙයි. මේ ලිපිය ලියන්නෙ ඇමරිකාවෙ මහා සිකුරාදා. මට නම් හැමදාම නිවාඩු. ඒත් අද ඇමරිකාවෙ වැඩ කරන දවසක්. ලංකාවෙ හැම ආගමක වැදගත් දවස්වලට නිවාඩු ලැබෙනවා. මා ලියන ලිපිවලට හා හා ලකුණූ කළත් පාස්කුව ගැන ලියූ ලිපියට කිසිවකු මේ වන තුරුත් හා හා ලකුණූ කරලා නැහැ. මෙරට ඇත්තේ ක්‍රිස්තියානි ආධිපත්‍යයක්.

 

හිතන්න එපා බිරිතානියෙ හින්දු භක්තිකයකු අගමැති වුණෙ හින්දු කම නිසා කියා. ඔහු බිරිතානියෙ ක්‍රිස්තියානි සංස්කෘතියෙ විශේෂත්වය නොව ආධිපත්‍යය පිළිගන්නවා. ලංකාවෙ තියෙන ප්‍රශ්නය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය පිළිගැනීමට සම්බන්ධන්ලා අකමැති වීම. අරුන්ට එය ප්‍රශ්නයක් නොවෙයි. ඒත් මෝදිදාස් කැනඩාවට ගිහින් බයිලා කියනවා ඊනියා දෙවැනි පංතියේ රටවැසිකමක් ගැන.

 

මෝදිදාස් ඉන්දියාවට ගිහින් කියනවා එහි හින්දු සංස්කෘතියට විශේෂත්වයක් අවශ්‍ය නැහැ. මුස්ලිම් පල්ලි කඩලා හින්දු කෝවිල් හදන එක වැරදියි කියල. අර කැනඩාවෙ දි ඝාතනය කෙරුණු සික් නායකයා ගැන කැනඩාව කී දේ මෝදිදාස් දන්නවා ? නරක සික් නායකයා ගැන මොනවත් කිවුව නම්. ජෙප්පන් කියාවි මෝදිදාස්ට එය අදාළ නැහැ කියල. මගේ කතාව ඒක නොවෙයි. රටවල විශේෂිත සමහරවිට අධිපතිවාදී සංස්කෘතියක් තියෙනවා. කැනඩාවෙත් තියෙනවා. ක්‍රිස්තියානි සංස්කෘතිය. ඒත් මෝදිදාස් ලංකවෙ සිංහල බෞද්ධ සංස්කෘතිය විශේෂිත සංස්කෘතිය ලෙස පිළිගන්නවාට විරුද්ධයි.

 

මෝදිදාස් කියනවා කෙනකුගෙන් ප්‍රශ්නය මොකක් කියල අහන එක වැඩක් නැහැ. තැනැත්තා තමාට ප්‍රශ්නයක් තියෙන බව කියනවා නම් ඒක පිළිගන්න කියා. සම්බන්ධන්ලාට ඇති ප්‍රශ්නය මෙරට දෙමළ වෙල්ලාලයන්ට විසිවැනි සියවසේ දෙවැනි දශකය පමන වන තෙක් තිබුණු ආධිපත්‍යය ඉන් පසු නැති වීමට පටන් ගැනීම. අතර අරුන්ලාට තියෙන ප්‍රශ්නය වෙල්ලාලයන්ගේ වහලුන් හැටියට ජීවත් වීම. මෝදිදාස් අරුන් කියන දේ පිළිගන්නවා ? අරුන්ට ප්‍රශ්නයක් තියෙන බව ඔහු කියනවා.

 

මා කියන්නේ සම්බන්ධන් කිවුවත් අරුන් කිවුවත් තමන්ට ප්‍රශ්නයක් ඇතැයි කියා පිළිගන්න ඕන නැති බවත් හොයලා බලලා ගැන තීරණයක් ගත යුතු බවත්. මෙරට වෙල්ලාලයන් ගැන මා හොයල බලල තියෙනවා. මා සම්බන්ධන්ගෙ කතාව පිළිගන්නෙ නැහැ අරුන්ගෙ කතාව පිළිගන්නවා. දැන් ජෙප්පකු අහන්න බැරි නැහැ අරුන් ජා පක්‍ෂයට ගිය එක පිළිගන්නවා කියා. ජෙප්පන් විශිෂ්ට ගණයේ තාර්කිකයන්.

 

මෝදිදාස් කියනවා පළාත් සභා ජනතාවගෙ අයිතියක් කියලා. කවුරු ඉල්ලපු අයිතියක් ? පළාත් සභා අපට ඉන්දිරාගෙ ඉන්දියාව බලෙන් පටවපු ආයතන. අද පළාත් සභා ඡන්දවල දි මිනිසුන් ඡන්දෙ දෙන බව ඇත්ත. ඒත් ඒකෙන් කියනවා පළාත් සභා මිනිසුන්ගෙ අයිතියක් කියල. මෝදිදාස්ට අද පළාත් සභා පිළිගන්න වෙලා. නැත්තන් මෝදිගෙන් විසුමක් නැහැ.

 

මා නම් ධනපති ක්‍රමය ආදිය ගැන ඊනියා සමාජවාදීන් හිතන ආකාරයට හිතන්නෙ නැහැ. මේ පවතින සමාජ අසාධාරණ කිසිම ක්‍රමයකට සම්පූර්ණයෙන් නැති කරන්න බැහැ. අපට කළ හැක්කේ යම් ආකාරයකට අවම කිරීම පමණයි. දැන් මිනිසුන් මේ ක්‍රමයෙ ජීවත්වෙනවා. ඒකෙන් කිසිවකු කියනවා මේ ක්‍රමය මිනිසුන්ගෙ අයිතියක් කියලා. අයිතිය පිළිගෙන අපි රකිමු කියා.

 

මෝදිදාස්ට 1987 මතක නැත් ? මිනිසුන් පළාත් සභාවලට විරුද්ධ වුණා. වි පෙ හරහා දෙවැනි අසාර්ථක විප්ලවය ඇරඹුවා. එය අසාර්ථක වුණෙ මිනිසුන්ට පළාත් සභා ඕන වුණ නිසා නො වෙයි. එදත් අදත් වි පෙ තකතීරු දේශපාලනය නිසා. එදා වි පෙ පළාත් සභා ඡන්දවලටත් විරුද්ධ වුණා. ඡන්දය දෙන්න ගිය අයට දඬුවම් දුන්නා. දඬුවම් ලැබූ අය අද ඉන්නවා නම් මොනවා කියාවි ? එදා පළාත් සභාවලට විරුද්ධ ක්‍රියාකාරකම්වල නිරත වීම නිසා මියගිය වි පෙ සාමාජිකයන් මෝදිදාස් පළාත් සභා මිනිසුන්ගෙ අයිතියක් කියන විට කොහේ හරි ඉඳන් අහගෙන ඉන්නවා නම් මොනවා හිතනවා වෙන්න පුළුවන් ? මියගිය අයගෙ ඥාතීන් මෝදිදාස්ට හොඳට සලකාවි.

 

අසාර්ථක විප්ලවයෙන් විජේවීරත් ඝාතනය කෙරුණා. පැරණි නායකයා. වත්මන් නායකයා කොහොම හරි යටත්විජිත ආදීන් සමග බේරිලා. කාලෙ බිල්ලන් ගැනත් කියවුණා. බිල්ලන් මිය ගියේ නැහැ. 1987 ඉඳන් අවුරුදු හතළිහක් යන්න ඉස්සර වි පෙරමුණට වෙලා තියෙන වෙනස්කම්. අද ඔවුන් මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියෙ විශේෂත්වය පිළිගන්නවාට විරුද්ධයි. පළාත් සභා මිනිසුන්ගෙ අයිතියක් කියා පිළිගන්නවා. ඒත් ඔවුන් එක් දේකින් නම් වෙනස් වෙන්නෙ නැහැ. තකතීරු දේශපාලනයෙන්.

 

අද වමක් නැති දඟලන වමාලා මෝදිදාස් වටා කැරකෙනවා. තේරුම් ගන්න පුළුවන්. ඔය වමාලාටත් අද ඇති සමාජවාදයක් නැහැ. ඔවුනුත් මාක්ස්වාදය පශ්චාත් මාක්ස්වාදය ඔවුන් කලක් අනුගමනය කළ පශ්චාත්නූතනවාදය අරක මේක ප්‍රතික්‍ෂෙප කරනවා. අතර ඔවුන් හැමදාමත් සිංහල බෞද්ධ විරෝධීන්. වමාලාට අද එල්ලෙන්න තියෙන එකම අත්ත සිංහල බෞද්ධ විරෝධී ජා . ටිල්වින් දිනනතුරු කියනවා ජා හා වි පෙ ප්‍රතිපත්ති එක සමාන කියා. ටිල්වින් වෙන අතක් බලාගත්තෙ නැත්නම් මැරෙනකම් ඒක කියන්න වේවි.  

 

ජෙප්පන් කියාවි මා ජාතිවාදය අවුස්සලා රාජපක්‍ෂලා බලයට ගේන්න උත්සාහ කරනවා කියා. ජෙප්පන් විශිෂ්ට ගණයේ බුද්ධිමතුන්.

https://www.facebook.com/share/v/YUTNN1kJPKmbaHPA/?