Main Logo

Monday 1 April 2024

මෛත්‍රිපාල ප්‍රකාශය පිටුපස ඉන්නෙ කවුද?

 

මෛත්‍රිපාල ප්‍රකාශය පිටුපස ඉන්නෙ කවුද?

 

ඊයේ (මාර්තු 31) සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව මෛත්‍රිපාල සිරිසේන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කියා ඇත්තේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාව ඉන්නා බවයි. එය අප්‍රේල් පළමුවැනි දා බොරුවක් කලින් ඉදිරිපත් කිරීමක් . ඊයේත් පාස්කු ඉරිදා දවසක්. සන්ඩේ ටයිම්ස් පුවත්පත කියන කතාව, එනම් මෛත්‍රිපාල එවැනි ප්‍රකාශයක් කර තිබීම ඇත්ත වුවත්, මෛත්‍රිපාල කියන කතාව ඇත්ත විය හැකි ? ඉන්දියාව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ? සන්ඩේ ටයිම්ස් පුවත්පතේ අදාළ ප්‍රවෘත්තියට සබැඳිය පළමුවැනි කොටුවේ.

 

මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයෙක්. එහෙත් ඔහුට කතාව ජනාධිපති සිටි කාලයේ දැන ගන්න ලැබිල නැහැ. පාස්කු ප්‍රහාරයෙන් අවුරුදු පහකට පස්සෙ තමයි ඔහු ගැන දැනගෙන තියෙන්නෙ. සන්ඩේ ටයිම්ස් පුවත්පත කියන විධියට විදේශ තානාපති කාර්යාලයක් සමග සම්බන්ධකම් තියෙන අයකු මෛත්‍රිපාලට කතාව කියල තියෙන්නෙ. පේන විධියට මෛත්‍රිපාල කතාව විශ්වාස කරලා. දුතයා සඳහා සාක්‍ෂි ඉදිරිපත් කරලා ?

 

ඉන්දියාව පාස්කු ප්‍රහාරය ගැන කල්තියා මෙරට බුද්ධි අංශවලට දැනුම් දුන්න බව දවස්වල කියා තිබුණා. තමන් කරන්න යන වැඩක් එසේ දන්වාවිද යන ප්‍රශ්නය ඇති වෙනවා. කාට හරි කියන්න පුළුවන් තමන් කෙරෙහි සැක කිරීමක් ඇති නොවීම සඳහා එසේ කිවුවා කියාත්. අපි තර්ක විශ්වාස කරන පඬිනැට්ටන් නොවැ.

 

අපට හතුරුම රටවල් වී ඇත්තේ ඉන්දියාව (ඉන්දියාව නමින් අද දන්නා ප්‍රදේශය) හා බිරිතානිය. බව මා කියන්නේ අද ඊයේ නොවෙයි. අද ඇමරිකාව අනෙක් රටවල් මෙන් අප ආණ්ඩු කරන එක වෙන කරුණක්. එහෙත් මෑතක දි දෙමළ ජාතිවාදය හා සමග බැඳුණු කොටි ත්‍රස්තවාදයටත් අනුග්‍රහය දැක්වූයේ බිරිතානිය හා ඉන්දියාව.  බිරිතානි හිටපු අගමැති ඩේවිඩ් කැමරන් මෙරටට පැමිණ නැටූ නාඩගම් බොහෝ දෙනාට අමතකයි. අවුරුදු තිස්පහකට පමණ පෙර අපට සිංහල අවුරුද්දට සුබ නැකැත් කිහිපයක් තිබුණු බව අමතක ජාතියක් ගැන මොනවා කියන්න ? විජමු 1989 සංස්කෘතික ඇමති වීමෙන් පසුවයි ඔය රාජ්‍ය නැකැත් කමිටුව පිහිටුවල එක සුබ නැකතක් ගන්න කිවුවෙ.

 

කොහොම වෙතත් අපට ඉන්දියාවේ වැඩ විසූ මිතුරන් ලෙස සැලකිය හැක්කේ බුදුහාමුදුරුවන් මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණිය. අපට භාරතීය සංස්කෘතියෙන් නොයෙකුත් දේ ලැබී ඇති බව පැහැදිලියි. එහෙත් භාරතය පොදුවේ ගත් කල  අපට සළකා ඇත්තේ මිතුරන් ලෙස නො වෙයි. අදත් ඉන්දියාවට අවශ්‍ය අප තම පාලනයට නතු කර ගන්න. එහෙත් පාස්කු ප්‍රහාරය පිටුපස ඇත්තේ ඉන්දියාව කියන එක නම් ප්‍රශ්නයක්.

 

මා කලින් දවසක ඉන්දියාව බටහිර සමග කරන ගණුදෙනු වැඩිවන බවත් රුසියාව සමග කරන ගණුදෙනු අඩුවන බවත් සඳහන් කළා.  "ඉන්දියාව බටහිරත් එක්ක සම්බන්ධකම් දියුණු කර ගනිමින් ඉන්නවා. අතර රුසියාව වැනි රටවල් එක්ක කරන ගණුදෙනු අඩු කරමින් ඉන්නවා." සුපුරුදු පරිදි පඬි නැට්ටකු එය විකෘති කර දක්වා තිබුණා. මෝදිගේ ඉන්දියාවට ලෝක බලවතකු වෙන්න අවශ්‍යයයි. මෝදි තව වරක් අගමැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා. මෝදිට බටහිර අවශ්‍යයයි. බටහිරටත් චීනයට විරුද්ධ ඉන්දියාව අවශ්‍යයි. එහෙත් බටහිර හා ඉන්දියාව අතර ප්‍රශ්න තියෙනවා. බටහිරයන් අවසානයේ දී කැමති වෙන එකක් නැහැ ඉන්දියාව ලෝක බලවතකු වෙනවට.

 

මෛත්‍රිපාල කියන කතාව සිදු වූවක් නම් ඔය දුතයා සම්බන්ධ වෙන්නෙ බටහිර තානාපති කාර්යාලයකට ? මා දන්නේ නැහැ. මෛත්‍රිපාල කියන්නේ සිදු වුවක් කියාත් මා දන්නේ නැහැ. එහෙත් මෛත්‍රිපාලගේ ප්‍රකාශය පිටුපස ඉන්නේ කවුද කියා හොයා බැලීම අවශ්‍ය වෙනවා. කාදිනල්තුමා මහ මොළකරු කතාව කියනකම් කවුරුත් දැන හිටියේ පාස්කු ප්‍රහාරය අයිඑස්අයිඑස් වැඩක් ලෙසයි. සංවිධානයත් තවත් බටහිර රටවලුත් බව පිළිගෙන තිබුණා. කාදිනල්තුමා සැකයක් මතු කළෙත් දේශපාලන අරමුණකින්. අද කාදිනල්තුමා කරන්නෙත් දේශපාලනය. මෛත්‍රිපාල කරන්නෙත් දේශපාලනය.

 

එහෙත් වෙනසක් තියෙනවා. මෛත්‍රිපාල ඉන්නෙ බයෙන්. ඔහුට පාස්කු ප්‍රහාර කතාව නිසා රුපියල් කෝටි ගණනක් ගෙවන්න වෙලා. ඔහු අත්අඩංගුවට ගන්න පුළුවන්. ඔහු මේ කියන පාස්කු කතාව අත්අඩංගුවට ගනීවි යන බිය නිසා කරන්නක් ? මෙරට දේශපාලනයේ ඇමරිකාව බිරිතානිය හා ඉන්දියාව මෙන් නෙදර්ලන්තය වැනි රටවලුත් ඇඟිලි ගහනවා. චීනයත් ඇඟිලි ගහනවා. ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදිත් ඇඟිලි ගහනවා.

 

අප පහැදිලිව කියා ඇති ඉන්දියාව සජිත් පසුපස ඉන්නවා කියා. ඇමරිකාව හිතන තරම් රනිල්ට සමීප නැහැ. එහෙත් ඔහු බිරිතානියට සමීපයි. එකල ඉන්දියාව බිරතානි ඔටුන්නේ මැණික ලෙස හැඳින්වුණා. බිරිතානි අධිරාජ්‍යයට ඉන්දියාවේ තිබූ වැදගත්කම නිසා. අද බිරිතානි අගමැති ඉන්දීය සංක්‍රමණිකයකුගෙන් පැවත එන්නෙක්. ඒත් බටහිර හා ඉන්දියාව අතර නොපෑහෙනකම් තියෙනවා.

 

මෛත්‍රිපාලගේ ප්‍රකාශය නිසා වාසිය කාට ? කාදිනල්තුමාට වෙන්න බැහැ. මෙරට කතෝලික සභාවේ මහා මොළකරු නොදන්න බව කියන තරමට කාදිනල්තුමාගේ දේශපාලනයට හොඳයි. අපි දන්න කරුණක් නම් යහපාලන ආණ්ඩුව හා ඉන්දියාව අතර තිබූ නොහොඳ. සන්ඩේ ටයිම්ස් පුවත්පතට අනුව මෛත්‍රිපාලත් බව කියා තියෙනවා. කියා ඇත්තේ ඉන්දියාව යහපාලන කාලෙ පාස්කු ප්‍රහාරය පිටුපස හිටියා කියන එක තහවුරු කිරීමට වෙන්න පුළුවන්.

 

එහෙත් යහපාලන ආණ්ඩුවට විරුද්ධ ඉන්දියාව එවැන්නක් කරාවි යන ප්‍රශ්නය අහන්න වෙනවා. අනෙක් අතට යහපාලන ආණ්ඩුව බිඳ වැටුණෙ පාස්කු ප්‍රහාරය නිසා නො වෙයි. කතෝලික ප්‍රදේශවල ඡන්ද වැඩිපුර වැටුණේ යහපාලනයට විරුද්ධ වු ගෝඨාභයට නොව යහපාලන අපේක්‍ෂකයාට.

 

මෛත්‍රිපාල මේ ප්‍රකාශය කර ඇත්තේ වෙනත් අයකුගේ වුවමනාවට ද? ප්‍රශ්නය මෛත්‍රිපාල කියන දේ නොව ඔහු පිටුපස ඉන්නෙ කවුද යන්නයි.  සන්ඩේ ටයිම්ස් පත්තරේ දවසක් ඉස්සර වුණාවත් ? 




 

 

 https://www.sundaytimes.lk/240331/