Main Logo

Wednesday 3 April 2024

බටහිර විද්‍යාවේ මූලික අධ්‍යයන හා අප

 

බටහිර විද්‍යාවේ මූලික අධ්‍යයන හා අප

 

ඊයේ (අප්‍රේල් 2) ලිපියට ප්‍රතිචාර කිහිපයක් තිබුණා. ගැන යමක් කියන්න ඕන. එහෙත් ඊට කලින් මට මග හැරුණු දෙයක් සඳහන් කරන්න ඕන. මා කීවේ මෙරට උගතුන් බටහිර පොතක් පතක් කියවා එය සිංහලෙන් කියා තම උගත්කම ප්‍රදර්ශනය කරන බවයි. එහි දී කිව යුතුව තිබූ කරුණක් මග හැරී ගොස් තියෙනවා. සමහරු තමන් කියවා ඇති දේ තමන් තේරුම් ගත් ආකාරයෙන් ලියන බව. ඔවුන් තේරුම් ගෙන ඇත්තේ කෙසේ යන්න එහි දී බලපානවා.

 

එක් අයකු කළු කුහර ගැන කියන විට මාරක ලිඳේ බයිසිකල් පැදීම වතුර බාල්දියක වතුර කැරකෙවන්න සැලැස් වූ විට වතුර මැදින් යටට ගොස් බාල්දිය හා ගෑවෙන තැන්වලින් ඉහළට යෑමෙන් සෑදෙන කුහර ගැන ලියා තිබුණා. අයින්ස්ටයින් එඩිංග්ටන් ඕපන්හයිමර් ආදීන් මේ වන විට මියගොස් තිබීම හොඳට ගියා. නැත්නම් ඔවුන් කතාව අහලා මිය යන්න තිබුණා. ඕපන්හයිමර් ගැන චිත්‍රපටයක් තැනූ අය කෙසේ වෙතත් බැලූ අයකුටවත් බැරිද මේ නූතන විද්‍යාඥයා ගැන චිත්‍රපටයක් හදන්න. අලුතෙන් නළුවකු හොයන්න කරදර වෙන්න ඕන නැහැ.

 

එක් අයකු කියා තිබුණේ සිරිල් පොන්නම්පෙරුම අලුත් අදහස් ඉදිරිපත් කර ඇති නිසා මගේ කියමන, එනම් අපට බටහිර විද්‍යාවේ අලුත් අදහස් ඉදිරිපත් කිරීමට තරම් චින්තනයක් නැතැයි යන්න බොරු වන බවයි. සිරිල් පොන්නම්පෙරුම දක්‍ෂ විද්‍යඥයකු බව සැබෑව. මා දන්නා තරමින් මේ වන තුරු ඇමරිකානු විද්‍යා ඇකඩමියේ අධිසාමාජිකයකු (Fellow of the National Academy of Sciences) ලෙස තේරුණූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති එකම තැනැත්තා පොන්නම්පෙරුමයි.

 

එහෙත් ඔහුට බටහිර විද්‍යාවේ මධ්‍යයේ අලුත් අදහසක් ඉදිරිපත් කරන්න බැරි වුණා. ඔහු පර්යේෂකයෙක් ලෙස මූලික වශයෙන් පර්යේෂණ කෙළේ අජීව වස්තුන්ගෙන් ජීවය විකාශය විය හැකි යන්න පිළිබඳවයි. එය ඔහුගේ අදහසක් නොවෙයි. ඊට පෙර සෝවියට් විද්‍යාඥයකු වූ ඔපැරින් හා පසුව අමෙරිකානු විද්‍යාඥයකු වූ මිලර් මේ අදහස මත පත්‍රිකා ලියා තිබුණා. මිලර් ගැන දිනවලත් කතා කෙරුණා මට මතකයි. පනස්ගණන්වල ඔහු සුප්‍රසිද්ධ මිලර් යුරේ පරීක්‍ෂණය කිරීමෙන් ප්‍රසිද්ධියට පත් වුණා. යුරේ කියන්නෙත් ඇමරිකානු විද්‍යාඥයෙක්. ඔහු නොබෙල් ත්‍යාග ලාභියෙක්. දැන් හැමදාමත් වගේ කියන්න එපා මා නොබෙල් තෑග්ග අගය කරනවා ආදී කතා. බටහිර විද්‍යාවේ විද්‍යාඥයන්ගේ දක්‍ෂතා මනින ක්‍රම තියෙනවා. මා නිර්ණායක ඉදිරිපත් කරනවා පමණයි. 

 

ජේ ආර් ජයවර්ධන මූලික අධ්‍යයන ආයතනය ආරම්භ කර එහි පළමුවැනි අධ්‍යක්‍ෂ ලෙස සිරිල් පොන්නම්පෙරුම පත් කළා. ආයතනයෙන් මූලික අධ්‍යයනයක් නම් වෙන්නේ නැහැ. ඉතා ටික කලක් අසුගණන්වල මා එහි තාරකාවිද්‍යා උපදේශක ලෙස කටයුතු කළා. එහි මූලික අධ්‍යයනයක් තිබුණේ නැහැ. එකල සූර්යග්‍රහණයක්/චන්ද්‍රග්‍රහණයක් සිදු වුණා. ගැන දකුණු පළාතේ තෝරාගත් තැනක අධ්‍යාපන කඳවුරක් පවත්වන්න මට අවශ්‍ය වුණා. පොන්නම්පෙරුම වෙනුවට මහනුවර හෝටලයක සංදර්ශනයක් පැවැත්වුවා. මා මගේ උපදේශක තනතුරින් ඉල්ලා අස්වුණා. මට එතැන කරන්න වැඩක් තිබුණේ නැහැ. පොන්නම්පෙරුම හොඳ පර්යේෂකයකු මෙන් ප්‍රදර්ශකයෙක්.

 

තවත් අයකු අසා තිබුණා ආකාශය ද්‍රව්‍ය තල්ලු කරන්නේ කිනම් ශක්තියක් යොදා ගෙන කියා. ආකාශයත් ශක්තියක්. තාප ශක්තිය තේජෝ මගින් කියැවෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු බටහිර විද්‍යාවේ කියැවෙන ශක්ති සමග එකට එක අනුරූපිතයකින් සසඳන්න බැහැ. ආකාශ ධාතුව බටහිර විද්‍යාවේ කිසිම ශක්තියක් සමග කියැවෙන්නේ නැහැ. ඒත් බටහිර විද්‍යාවේ සාධාරණ සාපේක්‍ෂතාවාදයේ ශක්ති ගම්‍යතා ආතනකය (Energy Momentum Tensor) කියා රාශියක් තියෙනවා. එමෙන් ජ්‍යාමිතිය ගැන කියන්න තවත් ආතානකයක් තියෙනවා. ආතානකයක් කියන්නෙ දෛශිකයකට (Vector) වඩා සංකීර්ණ රාශියක්. අයින්ස්ටයින්ගෙ සමීකරණවල මේ ආතානක දෙක සමාන කෙරෙනවා.

 

දිනවල සමීකරණ විසඳුවා   ස්ථිතික විශ්වයක් ලැබුණෙ නැහැ. එහෙත් එකල දැන හිටියෙ විශ්වය ස්ථිතික කියා. අයින්ස්ටයින් තම සමීකරණවලින් ස්ථිතික විශ්වයක් ලබා ගැනීමට ජ්‍යාමිතික ආතානකයට තවත් පදයක් එකතු කළා. සඳහා විශ්වවේදී නියතය කියා නියතයක් ඇඳුවා. එය ශක්ති ගම්‍යතා ආතනකයේ පදයක් නො වෙයි. අප කැලණියේ දී කෙළේ විශ්වවේදී නියතය සහිත ආතානකය ජ්‍යාමිතික ආතානකයෙන් ගලවා ශක්ති ගම්‍යතා ආතානකයේ පදයක් ලෙස එකතු කිරීමත් විශ්වවේදී නියතය විචල්‍යයක් ලෙස සැලකීමත් ආකාශය (අවකාශය) ද්‍රව්‍යයක් මෙන් සැලකීමත්. අනුසාරයෙන් අප සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වයක් ලබා ගත්තා. අවශ්‍ය අයකුට රිසර්ච් ගේට්හි ඇති Space -time itself as Dark Energy and Dark Matter ලිපිය කියවන්න පුළුවන්. වැඩි විස්තර වසන්ත කටුගම්පොළගෙන් හරි කුමුදුමලී ජයකොඩිගෙන් හරි දැනගන්න පුළුවන්.