Main Logo

Friday 5 April 2024

ඉතිහාසය විද්‍යාවක් ද

 

ඉතිහාසය විද්‍යාවක්

 

පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනයේ පිටුවේ යම් කිසිවකු අසා තිබුණා ඉතිහාසය විද්‍යාවක් කියා. එය භෞතික විිද්‍යාච වගේ දැනුමක්. එය බටහිර භෞතික විද්‍යාවෙන් මූලික වශයෙන් වෙනස් වන්නේ එක් කරුණකින් පමණයි. සංයුක්තය හා වියුක්තය සම්බන්ධයෙන්.

 

මා නැවත නැවතත් කියන්න ඕන මා ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් දාර්ශනිකයකු තබා විද්‍යාවේ දාර්ශනිකයකුවත් නොවන බව. මට ඇත්තේ කුතුහලයක් පමණයි. එබැවින් මා කියන දේ ගැන කිසිම ඉතිහාසඥයකු දාර්ශනිකයකු භෞතික විද්‍යාඥයකු කලබල විය යුතු නැහැ.

 

ඔය කිසිම ක්‍ෂෙත්‍රයක ඊනියා වාස්තවික (objective) අධ්‍යයනයක් කෙරෙන්නේ නැහැ. වාස්තවිකත්වයත් මිනිසුන්ගේ සංස්කරණයක් පමණයි. හැම අධ්‍යයනයක් අධ්‍යයනය කරන තැනැත්තාගේ සිතුම් පැතුම්වලට සාපේක්‍ෂයි. මෙහි දී මා යමකුගේ සිතුම් පැතුම් යනුවෙන් අදහස් කරන්නේ තැනැත්තා තමා විසින් සකස්කර ගත් සිතුම් පැතුම් පොදියකට නො වෙයි. අය තම සංස්කෘතියෙන් අධ්‍යාපනයෙන් රූපවාහිනිය නැරඹීමෙන් ආදියෙන් ලබා ගන්නා සිතුම් පැතුම් පොදියක් තියෙනවා. සිතුම් පැතුම් පොදිය අනුවයි අය වැඩ කරන්නෙ. ඊනියා විද්‍යාඥයන් ඉතිහාසඥයන් දාර්ශනිකයන් කියා වෙනසක් නැහැ. කිහිප දෙනකු පමණක් සිතුම් පැතුම් පොදියට තමන්ගේ යමක් එකතු කරනවා. එහෙත් මෙරට පඬි නැට්ටන් නම් එසේ කරන්නන් නැහැ.

 

මෙරට අධ්‍යාපනය ඇත්තේ අපේ සංස්කෘතියට පිටින්. අපට පුළුවන් අධ්‍යාපනය ලබා ගන්න පමණයි. මෙරට ඉතිහාසඥයන් කියන අය මූලික වශයෙන් ජී සී මැන්දිස් පියතුමා මගින් බටහිර ඉතිහාස කතා ක්‍රමය ලබා ගත් අය. අය වැඩ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතික පදනමට විරුද්ධ . මෙරට මොටාවල මොනව ඉගැන්නුවත් ඉගෙන ගත්තත් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්කෘතික පදනමක ඉඳන් කෙරෙන්නෙ.

 

ඔය මොන ක්‍ෂෙත්‍රයෙත් කෙරෙන්නෙ යම් නිරීක්‍ෂණ මාලාවක් විස්තර කරන්න හිතලු කියන එක. සමහර විට හිතලු වැඩ කරනවා කියා බලන්නට පරීක්‍ෂණ කරනවා වෙන්න පුළුවන්. මා පරීක්‍ෂණ යනුවෙන් මෙහි දී අදහස් කරනනේ ඊනියා රිසර්ච් කියන එක නො වෙයි. පරීක්‍ෂණ යනුවෙන් මා අදහස් කරන්නේ  ඉංගිරිසියෙන්  එක්ස්පෙරිමන්ට් (experiment) කියන්නට. බටහිර තාරකා විිද්‍යාවේ පරීක්‍ෂණ කරන්නේ නැහැ. එහි ඇත්තේ නිරීක්‍ෂණ (observations) පමණයි. ඇතැමුන් කියන්නේ බටහිර විිද්‍යාවේ පරීක්‍ෂණ නිරීක්‍ෂණ හා නිගමන ඇතැයි කියා. අනුව නම් තාරකා විද්‍යාව විද්‍යාවක් නොවෙයි.

 

අප සිද්ධි මාලාවක් නිරීක්‍ෂණය කරනවා වෙන්න පුළුවන්. අපට එය සිදුවූයේ කෙසේ කුමක් නිසා ආදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.  කුමක් නිසා යන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නේ දාර්ශනිකයන් බවයි බටහිර විද්‍යාඥයන් කියන්නේ. අනෙක් අය ඉතිහාසඥයන් වේවා භෞතික විද්‍යාඥයන් වේවා උත්සාහ කරන්නේ කෙසේ යන ප්‍රශ්නයට පිළිතුරු දිමටයි.

 

ඇපල් වැටෙන්නේ කෙසේ යන්නට නිවුටන් ඉදිරිපත් කළ හිතලුව වුණේ ගුරුත්වාකර්ෂණ බලය. හිතලුව සීමිත ක්‍ෂෙත්‍රයක සීමාකාරී වැඩ කරනවා. නිසා බටහිර භෞතික විද්‍යාඥයන් සීමාවන් තුළ එය පිළිගන්නවා. හිතලුවක් පිළිගැනීමෙන් පසු එය සමහරවිට ප්‍රවාදයක් බවට පත් කෙරෙනවා.

 

ඉතිහාසයේ දී කෙරෙන්නෙත් එයමයි. සිදු වී ඇතැයි කියන සිද්ධි මාලාවක් සිදු වූයේ කෙසේ යන්නට හිතලුවක් සපයනවා. හිතලුව වැඩ කරනවා නම් එය පිළිගැනෙනවා. ඉතිහාසයේත් තාරකා විද්‍යාවේ වගේ පරීක්‍ෂණ කරන්න බැහැ. එහෙත් වෙනසක් තියෙනවා. අපට නැවත ගැමුණු එළාර සටන කරල බලන්න බැහැ. නිසා එහි තාරකා විද්‍යාවටත් වඩා සීමාකාරී බවක් තියෙනවා. තාරකා විද්‍යාවේ පරීක්‍ෂණ කරන්න බැරි වුණත් සංසිද්ධි නැවත නැවත නිරීක්‍ෂණය කරන්න පුළුවන්.

 

හෙට අනිද්දා පැවැත්වෙන සූර්ය ග්‍රහණය වැනි සූර්යග්‍රහණ මින් ඉහත දී නිරීක්‍ෂණය කරල තියෙනවා. මින් පසුවත් නිරීක්‍ෂණය කරාවි. මා දන්නවා කාට හරි අහන්න පුළුවන් නිරීක්‍ෂණය කරන්නේ එක සූර්ය ග්‍රහණය කියා. හැම පරික්‍ෂණයක නිරීක්‍ෂණයක වෙනස්කම් තියෙන්න පුළුවන්. සුප්‍රසිද්ධ වදකහ සුදිය සූර්ය ග්‍රහණය දවස්වල තිබූ සූර්යයාට වඩා අද සූර්යයා වසර පනකින් පමණ වයසයි. මෙහි වසර කියන්නේ පෘථිවි වර්ෂ බවත් මතක් කරන්න ඕන. මෙලොව සියක් අවුරූදු එහි එක දවස වගේ කතා මතක් කර ගන්න.

 

හිතලු කිවුවම අපට හිතෙන්නෙ සරල දෙයක් කියා. එහෙත් හිතලු කියන්නෙ නැතුව අර උපන්‍යාසය (hypothesis) කියන වචනය යොදා ගත්තොත් බරක් තියෙනවා. බර අවශ්‍ය අයට තම පාණ්ඩිත්‍යය ප්‍රදර්ශනය කරන්න අවශ්‍ය අය උපන්‍යාසය කියන වචනය යොදා ගනිත්වා. මට නම් හිතලුව හොඳයි.

 

ඉතිහාසයේ හා භෞතික විද්‍යාවේ හිතලු අතර වෙනසක් තියෙනවා. භෞතික විද්‍යාවේ හිතලු වියුක්ත වීමත් ඉතිහාසයේ හිතලු සංයුක්ත වීමත්. ගුරුත්වාකර්ෂණ බලය කිසිම ඉන්ද්‍රියකට ගෝචර වන්නේ නැහැ. මේ ලිපියට අනම් මනම් දෙඩවන්නෙ නැතුව කාට හරි කියන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ  බලය ගෝචර වන්නෙ මොන ඉන්ද්‍රියට කියා. එහෙත් ඉතිහාසයේ එවැනි වියුක්ත හිතලු නැහැ. සීතාවක රාජසිංහ අප දැක නැති වුවත් දැකපු අය හිටියා. අර පෘතුගීසින්වත් දකින්න ඇති නොවැ. එතුමා ගැන ඇති එක හිතලුවක් නම් පීතෘඝාතක කතාව. එයත් අපට අද දකින්න බෑරි වුණත් අදත් ඝාතකයන් දකින්නන් ඉන්නවා. ගුරුත්වාකර්ෂණ බලය එදාවත් අදවත් දුටු අයකු ඉඹ බැලූ අයකු නැහැ. අඩු ගණනේ නිවුටන්වත් දැකල නැහැ. පීතෘ ඝාතක හිතලුව වැඩ කරනවා නැද්ද යන්න සොයා බලන්න පුළුවන්. එය අනෙක් සිද්ධි සමග සංගත   කියා හොයා බලන්න පුළුවන්. භෞතික විද්‍යාවෙ කෙරෙන්නෙත් හිතලුවක් වැඩ කරනවා නැද්ද යන්න සොයා බැලීම පමණයි.