෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
කඩිකුලප්පුවක් හැදුණු විපක්‍ෂය ඉන්නෙ ලංකාවෙ ද?
අප ඊයේ තර්ක ගැන කතා කළා. මිනිසුන් බොහෝ විට තර්ක ඉදිරිපත් කරන්නේ තම මතයක්, නිගමනයක් යුක්ති යුක්ත කිරීමට බව අප සඳහන් කළා. තර්කයකින් නිගමනයකට එනවාට වඩා ඊනියා නිගමනයක් සඳහා තර්ක ගෙනෙන එක තමයි කෙරෙන්නෙ. සාමාන්‍ය පෙළ ගණිතය හැදෑරූ සිසුන් මේ බව දැන සිටින්න ඕන. බොහෝ දෙනා හිතන්නේ ගණිතයේ තර්කයෙන් නිගමනවලට එනවා කියා. එහෙත් සිදු වන්නේ අනෙක් පැත්ත. නිගමන (හිතට ලැබෙන අදහස්) වෙනුවෙන් තර්ක කරනවා.