රනිල්ගේ බංකොළොත් වෑයම
රනිල් ඊයේ ඊනියා යුක්තියේ ජයග්‍රහණ රැළියේ දී මෛත්‍රිපාලටත් මහින්දටත් පිළිතුරු දෙන්න හැදුවා. එහෙත් ඒ
අසාර්ථක වුණා. රනිල් ළඟින් වාඩි කරව ගෙන මෛත්‍රිපාල කළ චෝදනා එකකටවත් රනිල්ට උත්තර
දෙන්න බැරි වුණා. ඒකෙනුත් තේරෙන්නෙ රනිල්ගෙ මහත්මා ගුණය කියා ඔහුගෙ හෙංචයියන් හා
හෙංචක්කලා කියාවි. රනිල් බැඳුම්කරය ගැන රණවිරු දඩයම ගැන භික්‍ෂූන් වහන්සේ සිරගත
කිරීම ගැන සහ මෛත්‍රිපාල මතක් කළ තවත් බොහෝ දේ ගැන නිසි පිළිතුරක් දුන්නෙ නැහැ.
ඔහු ටිකක්වත් කතා කෙළේ අධිකරණයේ සවාධීනත්වය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
පරමාධිපත්‍යය ගැනයි. ඔහුගේ කතාව සුපුරුදු පරිදි හිනා නොයන විහිළුවලින් සමන්විත
වුණා. ඔහුගේ කතා ලියන්නේ කවුද කියල දැනගන්න එක වටිනවා.