Main Logo

Showing posts with label Adele Balasingham. Show all posts
Showing posts with label Adele Balasingham. Show all posts

Saturday, 27 June 2020

කරුණා, අයිවන් හා ඇඩෙල්

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9



කරුණා, අයිවන් හා ඇඩෙල්

කරුණා අම්මාන්ට එරෙහිව පරීක්‍ෂණ පවත්වන ලෙස අර කුප්‍ර්‍රසිද්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමාගම (කවුන්සිලය - මා හිතන්නේ සමාගම කියන වචනය හොඳය කියා. අවශ්‍ය නම් සීමාසහිත කියන කොටස මුලට එකතු කරමු) ට්විටර් පණිවුඩයකින් ඉල්ලලා. මෙහි දී මට මතක් වෙනවා දෙදෙනකු. එක්කෙනෙක් කලක් ගුණදාස අමරසේකර විසින් ප්‍රඥාංකුරයකු ලෙස හැඳින්වුණු වික්ටර් අයිවන්. මා ඒ ගැන අමරසේකරට දොස් කියන්නේ නැහැ. අමරසේකර දැන් අයිවන්ගේ ප්‍රඥාව ගැන දන්නවා. මට මතක් වන අනෙක් තැනැත්තා තැනැත්තියක් නමින් ඇඩෙල් බාලසිංහම්. සිංහල බෞද්ධ විරෝධී ක්‍රිස්තියානි මාක්ස්වාදියකු ද වූ ඇන්ටන් බාලසිංහම් ස්ටැනිස්ලෝස්ගෙ ඕස්ත්‍රේලියානු සම්භවයක් ඇති බිරිය. ඇය තවමත් ජීවත්වනවා ද කියා මට නිච්චියක් නැහැ.