Main Logo

Showing posts with label Arts Faculty Lecturers. Show all posts
Showing posts with label Arts Faculty Lecturers. Show all posts

Friday, 31 July 2020

රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනය හා ජනාධිපති ප්‍රකාශය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9




රැකියා කේන්ද්‍රීය අධ්‍යාපනය හා ජනාධිපති ප්‍රකාශය 

අප ඉගෙන ගන්නේ ඇයි? වත්මන් ලංකාවේ නම් අති විශාල බහුතරය ඉගෙන ගන්නේ රැකියාවක් කිරීම සඳහා. අති විශාල බහුතරයේ කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයට යෑමට. විශ්වවිද්‍යාලයට ගොස් උපාධියක් ලබා ගැනීමෙන් රැකියාවක් ලබා ගන්න පුළුවන් කියල බොහෝ දෙනා හිතනවා. එහෙම පුළුවන් වූ කාලයක් තිබුණා. දැනුත් පුළුවන්. ඒත් ඒක දේශපාලන මැදිහත් වීමෙන් කෙරෙන දෙයක්. ඒකෙන් කියන්නෙ දේශපාලනඥයකුගෙ ලියුමකින් ම කියන එක නො වෙයි. උපාධිධාරී පත්වීම් දීම ආදිය සම්බන්ධයෙන් දේශපාලන තීන්දු ගන්න සිද්ධ වෙනවා.