Main Logo

Showing posts with label Augustus. Show all posts
Showing posts with label Augustus. Show all posts

Monday, 15 June 2020

නීතිය අනීතිය හා සීසර්ලා

         
                                                   සිංහල ලිත් ඉලක්කම්



0  1   2    3    4  5  6  7  8  9





නීතිය අනීතිය හා සීසර්ලා 

සීසර්ලාගේ වැඩ ගැන ලියන්න නෙවෙයි මට ඕන. සීසර්ලා කරල තියෙන වැඩ හොඳයි කියල කාටවත් කියන්න බැහැ. ඒත් මේ සීසර් කියන වචනය තැනීම හොඳ වැඩක්. මට හිතනෙ විධියට සීසර් කියන්නෙ සීස් කරන තැනැත්තා. මා වැරදි වෙන්න පුළුවන්. සීස් කියන්න මෙහි දී යෙදෙන්නෙ කල්බදු ක්‍රමයට ණයට ගන්නා වාහන සම්බන්ධයෙන්. බොහෝ දෙනා වාහන ගන්නෙ යම් ආයතනයකින් වාහනය ණය ආපසු ගෙවීම් ක්‍රමයක් යටතෙ. ණය වාරික ගෙවන්න බැරි වුණා ම ඒ අදාළ ආයතනයෙ සීසරලා ඇවිත් වාහනය උස්සා ගෙන යනවා. නැත්නම් සීස් කරනවා. සීස් කරන්නා සීසර්. ෆීල්ඩ් කරන්නා ෆීල්ඩර්. බැට් කරන්නා බැටර්. ඉස්සර තමයි බැට්ස්මන්. සාමාන්‍ය මිනිසුන්ගෙ නිර්මාණශීලීත්වය අනුව සීස් කරන්නා සීසර්.