ආණ්ඩු දෙකක් එක්ක පුළුවන් ද?
දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ රඟ දැන් කාටත් පේන්න ඕන. ඒ සංශෝධනයට ඡන්දය දුන් සියල්ලන් ම අද රටේ තත්වයට වග කියන්න ඕන. අද රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩු දෙකක් තියෙනවා. එක ආණ්ඩුවක් කරන දේ අනෙක් ආණ්ඩුව නිශේධ කරන්න හදනවා. පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් වෙලා. ඒත් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ජනාධිපතිට බැහැ. පාර්ලිමේන්තුව යෝජනාවක් සම්මත කරල විසුරුවා හරින්නට කටයුතු කරාවි කියල හිතන්න බැහැ. එ ජා පෙරමුණ එවැනි යෝජනාවකට ඡන්දය දෙන එකක් නැහැ.