Main Logo

Showing posts with label Different Activities. Show all posts
Showing posts with label Different Activities. Show all posts

Saturday, 18 April 2020

වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු




   

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 



වෙනත් ආර්ථික ව්‍යුහ ගැන සිතමු 



ආණ්ඩුව කිරි කලය බේරා ගෙන. ගොම එකතු කරල නැහැ. ග්‍රාම  නිලධාරීන් සමග තිබූ ප්‍රශ්නය විසඳා ගෙන ඇති බවයි පේන්න තියෙන්නෙ. දැන් ඉතින් කොවිඩ් 19 පරාජය කරල මැතිවරණයකට සූදානම් වෙමු. මා සති කිහිපයකට පෙර සිට කියන්නෙ මැතිවරණ කොමිසම තම වගකීම පැහැර හැරියොත් ජනාධිපතිට මැතිවරණ පනතේ 113 වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් කියලා. එහි දී අර පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මාස තුනකට කලින් පාර්ලිමේන්තුව කැඳවන්න ඕන  කියන වගන්තිය අදාළ වන්නේ නැහැ.