Main Logo

Showing posts with label Hatharavaran Deviyo. Show all posts
Showing posts with label Hatharavaran Deviyo. Show all posts

Wednesday, 5 December 2018

රනිල්ගේ හතරවරන් දෙවියෝ


රනිල්ගේ හතරවරන් දෙවියෝ



බොහෝ කාලෙකට පෙර, අවුරුදු විසිපහකටත් ඉහත අප විසි දෙනකු පමණ නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට නෝර්වේ රාජ්‍යය සිංහලයන්ට විරුද්ධ ව දෙමළ ත්‍රස්තවාදීන්ට ආධාර කිරීමට එරෙහි ව උද්ඝෝෂණයක් පැවැත්තුව. එකල අද මුහුණු පොතේ සමහර වීරයන් ඉපදිලත් නැතිව ඇති. එකල කිසිම දේශපාලන පක්‍ෂයක් අපට ආධාර කරන්න හිතුවෙවත් නැහැ. දැනුත් නැහැ. මට මතකයි රාජ්‍ය නොවන සංවිධානයකින් ඇවිත් අපේ ඡයාරූප ගත්ත. ඒ අපට ඉන්නෙ ටික දෙනයි කියලා කියන්න. අද අපේ පැත්තෙ ඉන්න බොහෝ දෙනෙක් එදා අපට හිනහවුණා. ඔවුන්ට නිකමටවත් හිතා ගන්න  බැරි වුණා නොාර්වේ කොහොම ද කොටි ත්‍රස්තවාදීන්ට උදව් කරන්නෙ කියලා.