Main Logo

Showing posts with label Histwesterory. Show all posts
Showing posts with label Histwesterory. Show all posts

Saturday, 24 September 2016

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

ගැමුණු රජතුමා, ධර්මපාලතුමා හා දෙරණ

චින්තන පර්ෂදයේ අයකුගෙන් මා විමසුවා මුහුණු පොතේ ප්‍රතිචාරවලට පිළිතුරු නොදෙන්නේ ඇයි ද කියා. ඔහු කියා සිටියේ ප්‍රතිචාර ඔස්සේ ගොඩනැගෙන සාකච්ඡා මාතෘකාවෙන් පිට යන බවත් අවසානයේ දී කුණුහරුපවලින් කෙළවර වන බවත්. මා එතනින් එහාට කතාකරන්න ගියේ නැහැ. අපි දැන් මාතෘකාවට එමු.

මෛත්‍රිපාල ඔබාමාත් සමග ගත් ඡායාරූපය, ඩලස් මෙන් නොව ඉංගිරිසි දන්නා මංගලගේ යුනියන් එක, එහෙමත් නැත්නම් බෑන් කි මූන් ථෙරවාදී රටවල් දෙකක් වන මියන්මාරයේ හා ලංකාවේ යුනියන් ගැන කී කතාව, මෙරට මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ගැන මා අලුතින් දැනගත් කරුණු, ග්ලයිෆොසේට් තහනම ඉවත්කිරීමට කටයුතු කිරීම, ආදී ප්‍රශ්න රාශියක් තිබිය දී මේ මාතෘකාවට ප්‍රමුඛත්වය දුන්නේ දෙරණ විශිෂ්ට ලාංකිකයන්ට දී ඇති ප්‍රදාන ගැන සිත යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ගුණදාස අමරසේකර ජාතික චින්තනය අල්ලා දමන ලෙස මට කියද්දී, ජී එල් පීරිස් හා අද ඒකාබද්ධ විපක්‍ෂයේ වැදගතුන් බවට පත් වී සිටින එකල මහාචාර්යවරුන් වූ අයට අනුව මා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාතික චින්තනය උගන්වද්දී, දෙරණ බලධාරීන් කිහිප දෙනකු,  කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් ශිෂ්‍යයන්. ඔවුන් මගෙන් ඉගෙනගත් බවක් ඉන් කියැවෙන්නේ නැහැ. මා මේ කරුණු කියන්නේ දෙරණ ගැන අහිතකින් නොවෙයි.