දෙවැනි ඉනිමකින් කෙළවර නොවන ජෙනීවා
සරත් වීරසේකර, නාලක ගොඩහේවා, අනුරාධා යහම්පත් යන අය ජෙනීවා ගිහින් සිංහලයන්
වෙනුවෙන් කතා කරලා. ඒ අතර යුරෝපයේ බොහෝ රටවලින් සිංහලයන් පැමිණ උද්ඝෝෂණ පවත්වලා.
ඔවුන් දෙමළ ජාතිවාදීන් පරාජය කර එළවා දැමූ බවක් ද වාර්තා වෙනවා. ඒ සියල්ලන්ට ම අපේ
ප්‍රණාමය! එහෙත් තවත් ප්‍රශ්න ගණනාවක් ම ඉතිරි වෙනවා. මේ සැප්තැම්බරයේත් ලබන
අවුරුද්දේත් මේ සියල්ල නැවත නැවත කරන්න සිදුවේ ද? එ ආණ්ඩුවේ වරද නිසා ද? රවිනාථ
ආර්යසිංහ තම යුතුකම හරිහැටි ඉටු නොකරන්නේ ද? හුසේන් කුමාරයා ලබන අවුරුද්දේත් ඉඳීවි ද? ඔහු ඇතත් නැතත් තත්වයේ වෙනසක් වේවි ද?