මහින්ද හා රෝ නාඩිය
සති ගණනාවකට පස්සෙ නාලක ද සිල්වා අත්අඩංගුවට අරගෙන ඒ පොඩි දේකට
නොවෙයි. රටේ ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතනය කිරීමේ කතාවක් සම්බන්ධයෙන්. ඒ
චෝදනා කරන පුද්ගලයා නාමල් කුමාර කියල පොලිස් ඔත්තුකරුවකු බව පැවසෙනවා. ඔහු තාම අත්අඩංගුවට පත් වෙලා නැහැ.
ඔහු සරත් ෆොන්සේකා ගැනත් කියනවා. මෙහි ඇත්ත නැත්ත අප දන්නේ නැහැ. නාලක - නාමල් කටහඬ පට 123කින් 122ක් ද කොහෙද සැසඳෙනවා කියනවා. ඒ සංඛ්‍යා වැරදි වෙන්න පුළුවන්. එහෙත් ඒ
සංඛ්‍යා ප්‍රතිශතය එ ජා පක්‍ෂය වෙනුවෙන් ජ
වි පෙ ඉදිරිපත් කළ විසිවැනි සංශෝධනයේ ව්‍යවස්ථාවට එකඟ නොවන වගන්ති ප්‍රතිශතයටත් වඩා බෙහෙවින් ඉහළයි. ජ වි පෙරමුණට දැන් වෙනින්
වාර්තාවක් ගැන හිතන්න වේවි. පහුගිය දා පැවති ජන උද්ඝෝෂණයේ රතු කමිස ඇඳගත් පාක්‍ෂිකයන්ගේ
හා රතු කමිස ඇඳනොගත් පාක්‍ෂිකයන්ගේ එකතුවේ ප්‍රතිශතය කීයද දන්නෙ නැහැ.අනුර කුමාර
රතු කමිසයක් ඇඳ සිටියේ නැති නිසයි ඒ විධියට ප්‍රශ්න කරන්නෙ.