Main Logo

Showing posts with label Nandana. Show all posts
Showing posts with label Nandana. Show all posts

Saturday, 21 July 2018

මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි


මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි



ටික කලකට පෙර සුමේධ වීරවර්ධන, චන්න ජයසුමන, චන්දිම අඹන්වෙල තමන්ගේ ජාතික ව්‍යාපාර අතීතය ගැන මෙනෙහි කරල තිබුණ. මට එලෙස මෙනෙහි කරන්න තරම් සොඳුරු අතීතයක් නැහැ. ඒත් මට ඇමරිකා එක්සත් රාජ්‍යයන්හි වෙසෙන අජිත් හේරත් කාලෙකට පස්සෙ මුණ ගැසුණා. ඒ වගේ ම නන්දන පෙරේරා සමග බොහෝ වෙලාවක් දුරකතනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉන් පස්සෙ මේ ටික ලියන්න හිතුණා. ඔවුන් දෙදෙනා සුමේධලා කතා කරන යුගයට වඩා අතීතයකට යනවා. මේ දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ. අජිත් හේරත් මා අස්කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සංගමයේ සභාපති. එකල එහි ලේකම් වුණේ අද දෙරණ ප්‍රධාන විධායක නිලධාරි මාධව මඩවල. මා කොළඹ හිටියේ 1979 සිට 1992 දක්වා. 1983 සිට 1992 දක්වා තමයි මට මතක හැටියට ගවේෂකයො සංවිධානය ක්‍රියාත්මක වුණේ. ඒ අවුරුදු දහය කාලයෙහි කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි අය තමයි නන්දනගෙ වචනවලින් නම් අද ලංකාව රන් කරන්නෙ. නැහැ ඔවුන් ලංකාව රත්තරන් කරනවා නොවෙයි. රට කරවනවා.