සහාරාන් වැඩ කෙළේ කාට ද?
පාර්ලිමේන්තු තේරීම් කමිටුව පත් කර ගත්තේ මොකට ද කියන එක දැන්වත් පැහැදිලි වෙන්න ඕන. අද මොන බයිලා කිව්වත් තේරීම් කමිටුව පත් කර ගත්තේ විපක්‍ෂයේත් සහාය ඇතිවයි. කිසිම දේශපාලනඥයකු ගැන විශ්වාසයක් තියන්න බැහැ. අප එහෙම කියන්නෙ හිතේ කාගෙ හරි නමක් තියාගෙන ඔහු වෙනුවෙන් නො වෙයි. මෛත්‍රිපාල, රනිල් පමණක් නොව මහින්ද බැසිල් ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. මෙහෙම කියන එකට ඇතැමුන් විරුද්ධ වේවි. දෙරණ 360 වැඩ සටහනේ දී මහින්දටත් දොස් පැවරුවාය කියා ඇතැමුනට කේන්ති ගිහිල්ලා. බැසිල් ගැනත් යමක් කීමට නොහැකි වීම ගැන නම් මටත් කේන්තියි. දැන් බැසිලිකාව මට විරුද්ධ ව යුද්ධ ප්‍රකාශ කරාවි.