Main Logo

Showing posts with label Resignation of Muslim Ministers. Show all posts
Showing posts with label Resignation of Muslim Ministers. Show all posts

Wednesday, 5 June 2019

රාමළාන් හඳ

රාමළාන් හඳ 


අද රාමළාන්. ඒත් මා හඳ බලන්න පාතිමාට එන්න කියන්නේ නැහැ. එයට ප්‍රධාන හේතුව මගේ භාර්යාව සමගවත් හඳ බලන්න මගේ වයස අනුව හිතෙන්නෙ නැති නිසා. දෙවනුව හඳ බැලීමෙන් පමණක් සිංහල - මුස්ලිම් සහජීවනයක් (ඊනියා සංහිඳියාවක් නොව) ඇති කරන්න බැරි නිසා. ජඩමාධ්‍ය සුපුරුදු පරිදි මේ අදහස්වලට ප්‍රචාරයක් නොදේවි. දැන් පෝය හැටකට වැඩි කාලයක් ජනමාධ්‍ය මා අත්හැර ගොස්. ඊයේ මට කුලියාපිටියේ දී අවුරුදු තිහකට පමණ පසු හමු වූ අයකු ඇසුවේ මා දැන් නිහඬ ඇයි කියා. මා නිහඬ නැති බවත් ඒත් මගේ හඬ පිටවන්නට ඉඩක් නැති බවත් මා කී විට ඔහුට මා කියන දේ තේරුම් ගියා. එහෙත් මා කියන දේ සමාජයට නොගිහින් තියෙන්නේ නැහැ. ජඩමාධ්‍ය කුමක් කළත් ඒ අදහස් රටට යනවා.