Main Logo

Showing posts with label Sinhala Identity. Show all posts
Showing posts with label Sinhala Identity. Show all posts

Wednesday, 7 June 2017

සිංහල අනන්‍යතාව


සිංහල අනන්‍යතාව



සිංහල අනන්‍යතාව ගැන කතා කිරීම ඉතා වැදගත්. මෙය එක ලිපියකින් සාකච්ඡා කරන්න පුළුවන් එකක් නො වෙයි. සිංහල ජාතිය ඇති වුණේ කොහොම ද එය අනන්‍ය වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්න රාශියක් මෙහි තියෙනවා. ඒත් කාට හරි අහන්න පුළුවන් සිංහල අනන්‍යතාව ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක් ද කියලා. මා පුරාවිද්‍යාඥයකුවත්, ඉතිහාසඥයකුවත්, සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ විශාරදයකුවත් නො වෙයි. එහෙම නම් මට තියෙන සුදුසුකම මොකක් ද? එක් අතකින් මා එක්තරා සිංහල මහාචාර්යවරයකු (සේවාර්ජිත) මෙන් නොව අනන්‍යතාව කියන්නෙ මොකක් ද කියන එකවත් දන්නවා. එහෙත් මගේ ප්‍රධාන සුදුසුකම මා පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයක් විශ්වවිද්‍යාලයක දී තබා පාසලේ ඉහළ පන්තිවලවත් හදාරා නො තිබීම. එසේ හදාරා තිබුණේ නම් මට බටහිරින් ලැබෙන සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම අනුව ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. බටහිර විද්‍යාව ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න පුළුවන්. ඒත් බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න බැරි ගානයි.