Main Logo

Showing posts with label Social Sciences. Show all posts
Showing posts with label Social Sciences. Show all posts

Wednesday, 24 June 2020

කොරෝනාව හා වම්මුන්ගේ සතුට

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





කොරෝනාව හා වම්මුන්ගේ සතුට

කොරෝනා තව ඉවර නැහැ. හමුදාවේ හා සෞඛ්‍ය සේවාවන්හි මැදිහත් වීමෙන් අප පළමු වටය ජයගෙන තිබෙනවා. එය ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කෙරුණක්. සෞඛ්‍ය සේවාවන්හි යන්නෙන් අදහස් කරන්නේ නැහැ බටහිර වෛද්‍ය විිද්‍යාවක්. මෙහි දී සිදු වුණේ සෞඛ්‍ය පරිපාලනයක්. එහෙත් හමුදාවන් නොවන්නට මේ එකක්වත් මේ ආකාරයෙන් සිද්ධ වන්නේ නැහැ. හමුදාව කෙළේ ආසාදිතයන් හා ආසාදිතයන් විය හැකි අය හඹා යෑමක්. තරමක් හරි ප්‍රශ්නයක් වුණේ වැලිසර නාවික හමුදා කඳවුර. විශාල පිරිසක් එකට රඳවා තැබීම ප්‍රශ්නයක් වෙන්න ඇති. 

Tuesday, 31 January 2017

බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා  


බටහිර සමාජයීය සහ ස්වාභාවික විද්‍යා



බටහිර සමාජයීය විද්‍යාවන් බටහිර (ස්වාභාවික) විද්‍යා පසුපස නොන්ඩි ගසමින් යන බව කී විට මෙරට සිටින පඬි සමාජයීය විද්‍යාඥයන්ට කේන්ති යනවා. මෙරට සිටින පඬි සමාජයීය  විද්‍යාඥයන් යැයි කීවත් ඔවුන් තම විෂයයට කර ඇති ප්‍රදානයක, එකතු කිරීමක් නැහැ. ඊනියා සමාජ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, දේශපාලන විද්‍යාඥයන් ආදීන් ලෙස තම තමන් හඳුන්වා ගත්තත්  ඔවුන් ඒ ඒ විෂය යම් යම් මට්ටම්වලට හදාරා ඇති පුද්ගලයන් පමණයි. ඔවුන් පමණක් නොව ඇතැම් විට මානව ශාස්ත්‍රඥයන් ලෙස සැලකෙන ඊනියා ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ද එවැනි ම වූ උගතුන් පමණයි. විශ්වවිද්‍යාලවල, ඊනියා පර්යේෂණ ආයතනවල මේ ජීවීන් දැක ගැනීමට පුළුවන්.