දැනුමේ සාපේක්‍ෂත්වය
ද්‍රව්‍යවාදීීන්ට හෙවත් භෞතිකවාදීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි
නිරීක්‍ෂකයන්ගෙන් (අසන්නන් බලන්නන් ආදීන්) තොරව ලෝකයක් පවතිනව කියලා පෙන්නන එක. අප
දැන් කියන්නේ කිසිවක් පෙන්නන්න බැහැ කියලා. අපට, ඒ කියන්නෙ මිනිසුන්ට කරන්න පුළුවන් එකම දේ ඒ ඒ අය ඒ ඒ ප්‍රමාණවලට ඒත්තු
ගන්නන එක පමණයි. මේ ඒත්තු ගැන්වීමේ විවිධ මට්ටම් තිබෙන නිසා තමයි වාදපිටිය වගේ වැඩ
සටහන්වලට වගේ ම මුහුණු පොතටත් පැවැත්මක් තියෙන්නෙ. මිනිසුන් විවිධ මත දරන්නෙ. ලෝකයේ ද්‍රව්‍යවාදය
විඥානවාදය කියලා දළ වශයෙන් දාර්ශනික මත දෙකක් තියෙන්නෙ. අප කියනවා සිංහල බෞද්ධයන්
ද්‍රව්‍යවාදීවත් විඥානවාදීවත් නො වේය කියා. මාත් සිංහල බෞද්ධයෙක්.