Main Logo

Showing posts with label Post Modernism. Show all posts
Showing posts with label Post Modernism. Show all posts

Sunday, 23 June 2019

පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්

 පාස්කු ප්‍රහාරය ෆැන්ටසියක්  



තූත්තුකුඩි විශ්වවිද්‍යාලයේ සමාජයීය විද්‍යා පීඨයේ ආචාර්ය මහාචාර්ය විද්වතුන් රැසකගේ සහභාගීත්වයෙන් කරන ලද පශ්චාත්නූතනවාදී පශ්චාත් යටත්විජිත භූ දේශපාලනික අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ පාස්කු ඉරිදා ලංකාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වී නොමැති බවයි. මේ අධ්‍යයනයට විසිඑක්වැනි සියවසේ තවදුරටත් වර්ධනය කෙරී ඇති නූතන විද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගෙන ඇති බවත් සඳහන් වෙනවා.

Thursday, 4 October 2018

දැනුමේ සාපේක්‍ෂත්වය


දැනුමේ සාපේක්‍ෂත්වය



ද්‍රව්‍යවාදීීන්ට හෙවත් භෞතිකවාදීන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නිරීක්‍ෂකයන්ගෙන් (අසන්නන් බලන්නන් ආදීන්) තොරව ලෝකයක් පවතිනව කියලා පෙන්නන එක. අප දැන් කියන්නේ කිසිවක් පෙන්නන්න බැහැ කියලා. අපට, ඒ කියන්නෙ මිනිසුන්ට කරන්න පුළුවන් එකම දේ ඒ ඒ අය ඒ ඒ ප්‍රමාණවලට ඒත්තු ගන්නන එක පමණයි. මේ ඒත්තු ගැන්වීමේ විවිධ මට්ටම් තිබෙන නිසා තමයි වාදපිටිය වගේ වැඩ සටහන්වලට වගේ ම මුහුණු පොතටත් පැවැත්මක් තියෙන්නෙ. මිනිසුන් විවිධ මත දරන්නෙ. ලෝකයේ ද්‍රව්‍යවාදය විඥානවාදය කියලා දළ වශයෙන් දාර්ශනික මත දෙකක් තියෙන්නෙ. අප කියනවා සිංහල බෞද්ධයන් ද්‍රව්‍යවාදීවත් විඥානවාදීවත් නො වේය කියා. මාත් සිංහල බෞද්ධයෙක්.