Main Logo

Saturday, 12 May 2012

ප්‍රතිබද්ධ කාරක


කොම්ප්ටන් ආචරණය යනු එක් අතකින් ගත්කල ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙහි විස්තීරණයකි. ප්‍රකාශ විද්‍යුත් ආචරණයෙහි දී ලෝහ තහඩුවක් මත පතිතවන විකිරණ මගින් තහඩුවෙහි ඉලෙක්ට්‍රෝන විමුක්ත කෙරෙයි. ඒ එතරම් ශක්තියක් නොමැති විකිරණ සම්බන්ධයෙනි. එයට වඩා තරමක් ශක්තිමත් එක්ස් කිරණ වැනි විකිරණ ඉලෙක්ට්‍රෝන සමග ගැටීම හේතුවෙන් විකිරණයෙහි දිශාව වෙනස් කෙරෙන අතර ඉලෙක්ට්‍රෝනයට ගම්‍යතාවක් ලබාදෙනු ලැබෙයි.

λ තරංග ආයාම දිගක් සහිත ව පැමිණෙන විකිරණ (ආලෝකය) නිසලව ඇති ඉලෙක්ට්‍රෝනයක් සමග ගැටෙයි. ඉලෙක්ට්‍රෝනය නිසලව පවතින්නේ ය යන්නෙහි තේරුම අප ඉලෙක්ට්‍රෝනයෙහි නිශ්චලතා රාමුවෙහි අපේ නිරීක්‍ෂණ හා ගණනය කිරීම් සිදුකරන බව ය. විකිරණ ඉලෙක්ට්‍රෝනය සමග ගැටීමෙන් පසු ඉලෙක්ට්‍රෝනය යම් දිශාවකට චලනය වෙයි. එසේ චලනය වන්නේ ඉලෙක්ට්‍රෝනයෙහි මුල් නිශ්චලතා රාමුවෙහි, එසේත් නැත්නම් මුල් රාමුවට සාපේක්‍ෂව බව අවධාරණය කළ යුතු ය. කිසියම් වස්තුවකට හෝ අංශුවකට හෝ ප්‍රවේගයක් ඇත්තේ තවත් යම්කිසි අංශුවකට හෝ වස්තුවකට හෝ සාපේක්‍ෂව, එනම් එම දෙවැනි අංශුවෙහි හෝ වස්තුවෙහි හෝ නිශ්චලතා රාමුවෙහි බව අමතක නොකළ යුතු ය. සාපේක්‍ෂ නොවන ප්‍රවේග අංශුවලට හෝ වස්තුවලට හෝ නැත.

ඉලෙක්ට්‍රෝනය එසේ චලනය වන අතර විකිරණය ද ගැටුමෙන් පසු වෙනත් තරංග ආයාම දිගක් λ' සහිතව වෙනත් දිශාවකට ගමන් කරයි. මේ සංසිද්ධිය තරංග වාදයෙන් තේරුම් ගත හැකි නො වේ. එහි දී අයින්ස්ටයින් විද්වතා ප්‍රකාශ විද්‍යුත් ආචරණය සම්බන්ධයෙන් ෆෝටෝනයක් (ආලෝක අංශුවක්) යනුවෙන් ඉදිරිපත් කර තිබූ සංකල්පය යොදාගත් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙහි ආතර් හොලි කොම්ප්ටන් විද්වතා 1923 දී ෆෝටෝනවලට ශක්තිය මෙන් ම ගම්‍යතාව ද ඇති බව උපකල්පනය කරමින් ආයාම දිගෙහි වෙනස සඳහා


යන ප්‍රකාශය ලබා ගත්තේ ය; මෙහි θ යනු ගැටුමට පෙර හා පසු විකිරණයෙහි දිශා අතර කෝණය ද, h ප්ලෑන්ක් නියතය ද, c ආලෝකයේ වේගය ද, me ඉලෙක්ට්‍රෝනයේ නිශ්චලතා ස්කන්ධය ද වෙයි. මේ සූත්‍රය ව්‍යුත්පන්න කිරීම සම්බන්ධයෙන් කොම්ප්ටන් විද්වතාට පසු කලෙක භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ද හිමි විය.

මේ සූත්‍රයෙහි ඉතා පැහැදිලිව ම λ', λ ට වැඩි වෙයි. එනම් ගැටුමෙන් පසු විකිරණයෙහි තරංග ආයාම දිග ගැටුමට පෙර එහි ආයාම දිගට වැඩි වෙයි. වෙනත් වචනවලින් කිවහොත් ගැටුමට පෙර විකිරණයෙහි (ෆෝටෝනයෙහි) ශක්තිය ගැටුමට පසු එහි ශක්තියට වැඩි ය. ඉලෙක්ට්‍රෝනයට ලබා දෙන්නේ මේ ශක්ති අතර වෙනස ය.

කොම්ප්ටන් විද්වතා තම සූත්‍රය පළකළ පර්යේෂණ පත්‍රිකාවෙහි තම ප්‍රතිඵලය සමග එකඟ වන පරීක්‍ෂණ කිහිපයක් ගැන සඳහන් කළේ ය. ඉන් පසු බටහිර භෞතික විද්‍යාඥයන්ට විකිරණවල අංශු ගුණ පිළිබඳ ව සැකයක් ඇති නො විය. එහෙත් ඔවුහු දිගින් දිගට ම විකිරණයෙහි තරංග ගුණ ගැන ද විශ්වාසයකින් සිටියහ. විශේෂයෙන් ම ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තරංගවාදය අනුසාරයෙන් බටහිර භෞතික විද්‍යාඥයෝ තේරුම් ගත්හ.

ද්විත්ව සිදුරු පරීක්‍ෂණය මගින් තරංගවාදය කඩාවැටෙන බව අපි පෙන්වා දුනිමු. එය අංශු ආකෘතියෙන් විස්තර කිරීමට හැකි වෙයි. එහෙත් කොම්ප්ටන් ආචරණය, දේදුණු පෑයීම, කාච ඔස්සේ ආලෝකය ගමන් කරන විට නාභිගත වීම ආදිය අපට අංශු ආකෘතියෙන් තේරුම් ගත හැකි ද යන ප්‍රශ්නය දැන් අප හමුවේ ඇත. කොම්ප්ටන් ආචරණයට ඉහත සඳහන් සූත්‍රය ලැබුණේ ම අංශු ආකෘතියෙන් නොවේ දැයි කෙනකුට ප්‍රශ්න කළ හැකි ය. ඒ ඇත්තකි. කොම්ප්ටන් විද්වතා ඒ ප්‍රකාශය ලබාගත්තේ ආලෝකය (විකිරණ) ෆෝටෝන ලෙස සලකමිනි. ඔහු එහි දී ෆෝටෝනවලට ශක්තිය හා ගම්‍යතාව ඇති බව උපකල්පනය කළා පමණක් නොව ඒ සඳහා ප්ලෑන්ක් විද්වතා ඉදිරිපත් කළ E = hν ආදී ප්‍රකාශ ද යොදා ගත්තේ ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ දේදුනු පෑයිම හා කොම්ප්ටන් ආචරණය සම්බන්ධ කරන්නේ කෙසේ ද යන්න ය. කොම්ප්ටන් ආචරණයේ ප්‍රතිඵලයක් ලෙස ගැටුමෙන් පසුව ද ඇත්තේ එක් විකිරණයක් පමණකි. එයට නිශ්චිත තරංග ආයාම දිගක් ඇත. ඒ ගැටුමෙහි ප්‍රතිඵලයක් ලෙස අපට “දේදුණු” වර්ණ නො පෙනෙයි. “දේදුණු” වර්ණ පෙනීමට නම් විවිධ තරංග ආයාම දිගින් යුක්ත විවිධ තරංග තිබිය යුතු ය. කොම්ප්ටන් ආචරණය ඇතැම් විට කොම්ප්ටන් ප්‍රකිරණය (scattering) යනුවෙන් ද හැඳින්වෙයි. මෙය අප්‍රත්‍යාස්ථ ප්‍රකිරණයකි. එනම් එය අප්‍රත්‍යාස්ථ (inelastic) ගැටුමකි. දේදුණු වර්ණ ඇතිවන්නේ ප්‍රත්‍යාස්ථ ගැටුම්වල දී ද?

ෆෝටෝන ක්වොන්ටම් අංශු ලෙස සැලකෙන්නේ නම් ඒවාට සන්නිකර්ෂණ වශයෙන් වුව ද නිශ්චිත ශක්තියක් හා ගම්‍යතාවක් ඇත්නම් ඒවාහි පිහිටුම් හා කාලය නිර්ණය නො වේ. එනම් ෆෝටෝනයකට පිහිටුම් රාශියක් හා කාල රාශියක් සහිත අවස්ථා ගණනාවක් තිබිය හැකි ය. ෆෝටෝනයකට එක් ගම්‍යතාවක් ඇති විට, එනම් නිරීක්‍ෂකයා ෆෝටෝනයේ ගම්‍යතාව දැනගත් විට එයට පිහිටුම සඳහා අගයක් නැත. වෙනත් වචනවලින් කියන්නේ නම් නිරීක්‍ෂකයාට ෆෝටෝනයේ පිහිටුම දැනගත නො හැකි ය.

මෙය අප බොහෝ විට කියා ඇති පරිදි අනිශ්චයතා මූල ධර්මයෙහි ප්‍රතිඵලයකි. ක්වොන්ටම් යාන්ත්‍රිකයෙහි අංශුවක් හෝ පද්ධතියක් හෝ නිරූපණය කෙරෙන්නේ හිල්බට් අවකාශය (Hilbert Space) නමින් ගණිතයෙහි හැඳින්වෙන දෛශික අවකාශයක (Vector Space) කිරණයකිනි. මෙහි කිරණයක් යනු එම දෛශික අවකාශයෙහි දෛශිකයක් සංකිර්ණ සංඛ්‍යාවලින් ගුණ කිරීමෙන් ලැබෙන උප අවකාශයකි. මෙම උප අවකාශයෙහි කිරණයක්, නැත්නම් එම කිරණයෙහි එක් දෛශිකයක් මත හිල්බට් අවකාශයෙහි ඒ ඒ කාරක (Operators) යෙදීමෙන් අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ගුණවල අගයන් දැනගත හැකි ය. මෙහි දී කිවයුත්තක් නම් නිරීක්‍ෂණයෙහි දී ඕනෑම කාරකයක් යොදාගත නොහැකි බව ය. මේ ගුණ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි දේ බැවින් අදාල ගුණ නිරීක්‍ෂ්‍ය (Observables) නමින් හැඳින්වෙයි. නිරීක්‍ෂ්‍ය නිරූපණය කෙරෙන්නේ හර්මිෂන් (Hermitian) කාරක නමින් හැඳින්වෙන කාරක විශේෂයකිනි.

ඒ කෙරෙන්නේ මෙසේ ය. නිරීක්‍ෂකයාට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ගම්‍යතාව හෝ වෙනත් ගුණයක් දැනගත යුතු යැයි සිතමු. ප්‍රායෝගිකව එහි දී නිරීක්‍ෂකයා යම්කිසි උපකරණ පද්ධතියක් යොදා ගනියි. මේ පද්ධතිය ගණිතයෙහි දී ඉහත සඳහන් කරන ලද කාරකවලින් ගම්‍යතාවට අදාළ කාරකයෙන් නිරූපණය කෙරෙයි. අංශුව හෝ පද්ධතියෙහි හෝ යම් අවස්ථාවක දී හිල්බට් අවකාශයෙහි φ නම් දෛශිකයෙන් හා අදාළ කිරණයෙන් නිරූපණය කෙරෙන්නේ නම් ගම්‍යතාව A නම් හර්මිෂන් කාරකයෙන් නිරූපණය කෙරෙන්නේ නම් අපට A කාරකය φ දෛශිකය මත ක්‍රියා කරන්නේ කෙසේ දැයි දැනගත හැකි ය. එහි ප්‍රතිඵලය ගණිතයෙහි දී Aφ ලෙස දැක්වෙයි.

දැන් හිල්බට් අවකාශයෙහි දෛශිකයක් මත කාරකයක් යෙදීමෙන් කෙරෙන්නේ හිල්බට් අවකාශයෙහි ම එම දෛශිකය හෝ වෙනත් දෛශිකයක් ලැබීම ය. එනම් Aφ, හිල්බට් අවකාශයෙහි වෙනත් ω දෛශිකයකට සමාන විය හැකි ය. නැතහොත් Aφ දෛශිකය φ දෛශිකයෙහි යම්කිසි අදිශ ගුණාකාරයකට සමාන විය හැකි ය. මෙම අදිශය සාධාරණ වශයෙන් සංකීර්ණ සංඛ්‍යාවකි. එහෙත් Aහර්මිෂන් කාරකයක් නම් අදිශය තාත්වික සංඛ්‍යාවක් වෙයි. අදිශය μ නම් අපට ඒ ප්‍රතිඵලය Aφ = μφ ආකාරයෙන් ලිවිය හැකි ය. එවැනි අවස්ථාවක දී φ දෛශිකයට A කාරකයෙහි μ අයිගන් අගයට අයත් අයිගන් දෛශිකයක් යැයි කියනු ලැබෙයි.

φ දෛශිකය A කාරකයෙහි අයිගන් දෛශිකයක් වන අවස්ථාවෙහි දී φ දෛශිකය මත A කාරකය යෙදීමෙන් ලැබෙන්නේ μ ගුණාකාරයක් සහිත වුව ද φ දෛශිකයම ය. A හර්මිෂන් කාරකයක් බැවින් (එය යම් නීරීක්‍ෂ්‍යයක් නිරූපණය කරයි) μ අදිශය තාත්වික සංඛ්‍යාවක් වෙයි. එවිට μ යනු අදාළ ගුණයෙහි අගය වෙයි. නිරීක්‍ෂකයා මනින්නේ ද ඒ අගය ය. උදාහරණයක් ලෙස නිරීක්‍ෂකයාට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ගම්‍යතාව මැනගැනීමට අවශ්‍ය වී යැයි සිතමු. ගම්‍යතාව A හර්මිෂන් කාරකයෙන් නිරූපණය වන්නේ යැයි ද සිතමු. එවිට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ ගම්‍යතාව වනුයේ μ ය. මෙවැනි අවස්ථාවක දී ලැබෙන්නේ කල් තබා ප්‍රකාශ කළ හැකි එකම එක μ නිශ්චිත අගයකි.

එහෙත් φ දෛශිකය A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නොවන අවස්ථාවෙහි දී සිදුවන්නේ කුමක් ද? එවිට A කාරකය යෙදීමෙන් අපට φ දෛශිකය නොව වෙනත් ω දෛශිකයක් ලැබෙයි. මෙහි ω දෛශිකය යනු A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයකි. භෞතික වශයෙන් මෙයින් කියැවෙන්නේ A කාරකයට අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අදාළ ගුණය මැනීමෙන් ලැබෙන අගය කුමක් දැයි අපට කල්තබා ප්‍රකාශ කළ නොහැකි බව ය. ඒ ගැන අපට කිව හැක්කේ අසවල් අගය ගැනීමට අසවල් සම්භාවිතාවක් තිබෙන බව පමණ ය.

ක්වොන්ටම් භෞතිකයෙහි ප්‍රතිබද්ධ කාරක නමින් කාරක වෙයි. මේ ප්‍රතිබද්ධ කාරක අනිශ්චතා මුල ධර්මයෙහි දී ඉතා වැදගත් වෙයි. ප්‍රතිබද්ධ කාරකවලට සමගාමීව ගත හැකි අයිගන් දෛශික නැත. B කාරකය යනු A කාරකයෙහි ප්‍රතිබද්ධ දෛශිකයක් යැයි සිතමු. එවිට φ දෛශිකය යනු A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නම් එය B කාරකයෙහි අයිගන් දෛශිකයක් නො වෙයි. වෙනත් වචනවලින් කියන්නේ නම් Aφ = μφ යනුවෙන් ලිවිය හැකි වුවත් Bφ = σφ ආකාරයෙන් ලිවිය නොහැකි බව ය. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් B කාරකයෙන් ද යම්කිසි නිරීක්‍ෂ්‍යයක් නිරූපණය වන බැවින් එය ද හර්මිෂන් කාරකයක් බව ය. මෙහි දී ω දෛශිකය A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නම් එවිට අපට Bω = σ ω ආකාරයෙන් ලිවිය හැකි ය.

A හා B කාරක ප්‍රතිබද්ධ කාරක වන අවස්ථාවල දී ඒ කාරකවලින් නිරූපණය කෙරෙන ගුණ එකවිට මැනිය නොහැකි ය. එසේත් නැත්නම් දැනගත නො හැකි ය. උදාහරණ ලෙස ගතහොත් පිහිටුම හා ගම්‍යතාව ප්‍රතිබද්ධ ගුණ වෙයි. ඒ නිරූපණය කෙරෙන හර්මිෂන් කාරක ප්‍රතිබද්ධ කාරක වෙයි. එලෙසම කාලය හා ශක්තිය ද ප්‍රතිබද්ධ ගුණ වෙයි. අංශුවක හෝ පද්ධතියක හෝ කාලය හා ශක්තිය එකවිට මැනිය නො හැකි ය.

A හා B ප්‍රතිබද්ධ කාරක සම්බන්ධයෙන් අපට කිවහැකි කරුණු රාශියක් වෙයි. ඒ සියල්ල මෙහි දී අවශ්‍ය නැති වුවත් එක් කරුණක් අවධාරණය කළ යුතු ය. එනම් අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව φ දෛශිකයෙන් නිරුපණය වන්නේ නම් හා එය A හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නම් එම දෛශිකය B හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකයක් නොවන නමුත් B හර්මිෂන් කාරකයෙහි අයිගන් දෛශිකවල ඒකජ එකතුවක් ලෙස එය ලිවිය හැකි බව ය.


Saturday, 28 April 2012

දේදුනු පායා පාට වැටී

අයින්ස්ටයිනීය සංකල්ප අනුව අංශුවක් විසින් අවකාශ – කාලය නිර්මාණය කරන ලද ද එසේත් නැතහොත් වෙනස් කරන ලද ද, නිව්ටෝනීය සංකල්ප අනුව එය අවකාශයෙහි පැවතුණ ද, අවකාශයේ එහි පැවැත්ම යන්න පැහැදිලි ය. අපට අවකාශය පිළිබඳ යම් හැඟීමක් ඇති අතර එය ඊනියා ද්‍රව්‍යමය පසුබිමක් සහිතව අපි අත්දකින්නෙමු. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවකට පිහිටුම් කිහිපයක් දැරීමට හැකිය යන අදහස ද ඇතැමුනට තමන්ගේ නිව්ටෝනීය සංකල්පවල ඇති ආධිපත්‍යය හේතුකොටගෙන තේරුම් ගැනීමට නොහැකි වුව ද ඇරිස්ටෝටලීය න්‍යායෙන් හා නිව්ටෝනීය සංකල්පවලින් මිදුණු වහාම ඒ අවබෝධ කරගැනීම අපහසු නො වේ. විශේෂයෙන් ම ඊනියා බුද්ධිවාදයෙන් ඔළුව අවුල් කර නොගත් සිංහල බෞද්ධයනට ඒ තේරුම් ගැනීම අපහසු නො වේ.
එහෙත් අංශුවක් එකවිට විවිධ කාලවල ඇත යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? අංශුවක් එකවිට විවිධ පිහිටුම්වල තිබීම හා එකවිට විවිධ කාලවල ඇත යන්න එකම මට්ටමක වූ සංකල්ප නො වේ. කලින් කියා ඇති පරිදි එකවිට විවිධ කාලවල තිබීම යන්න ම පරස්පරයක් ලෙස පෙනෙනු නො අනුමාන ය. මෙහි දී ද කියැවෙන්නේ අංශුවේ විවිධ අවස්ථා බව අමතක නොකළ යුතු ය. එවිට අංශුවේ විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යනුවෙන් ඉහත සඳහන් ප්‍රකාශය තේරුම් ගත හැකි ය. අයින්ස්ටයිනීය සංකල්ප අනුව අවකාශය හා කාලය එකිනෙකින් වෙන් කළ හැකි නො වේ. එබැවින් අංශුවේ විවිධ අවස්ථා විවිධ පිහිටුම්වල පැවතීම යන්න එහි විවිධ අවස්ථා විවිධ කාලවල ඇත යන්න සමග බැඳී ඇත.
එසේ වුවත් අයින්ටයින් විද්වතා කෙසේ කියා තිබුණ ද, කාලය අවකාශයෙන් වෙනස් වෙයි. අයින්ස්ටයිනීය සංකල්පවලට අනුව අංශු, වස්තු හා විකිරණ හේතුවෙන් අවකාශ - කාලය නිර්ණය වෙයි. මෙය බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවික අදහසකි. නිරීක්‍ෂකයා ඇතත් නැතත් අංශු ආදිය ඇත්නම් අවකාශ –- කාලය ඇතැයි ඉන් කියැවෙයි. එහෙත් අවකාශය මෙන් ම කාලය යන සංකල්පය ද නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ ය. අපට අවකාශය යන්න මනස හා පංචේන්ද්‍රිය ඇසුරෙන් සෘජුව ම නිර්මාණය කරගත හැකි ය. අවකාශය ස්පර්ශ කළ නො හැකි ය. එහි ගඳක් සුවඳක් රසයක් ශබිදයක් නැත. එය දැකගත හැකි ද නො වේ. එසේ වුවත් අපට වස්තු දෙකක් අතර අවකාශයක් ඇති බව හැඟෙයි. ඒ වස්තු ඉවත් කළ ද අවකාශය ඉවත් නො වේ යැයි අපට දැනෙයි. එමෙන් ම වස්තු වෙනස් වුවත් නැතත් ඒ අතර වූ අවකාශය පැවතීම පිළිබඳ අපට ප්‍රශ්නයක් ඇති නො වෙයි.
එහෙත් කාලය එසේ නො වේ. සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් කරුණු සකස් කර ගතහොත් කාලය යන සංකල්පය මිනිසුන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ තමන් හා තමන් අවට ලෝකය වෙනස්වන බැවින් හා ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් තමන් සතු බැවින් යැයි කිව හැකි ය. වස්තු ආදිය තිබූ පමණින් මිනිසුන්ට කාලය පිළිබඳ සංකල්පයක් ඇති නො වේ. යම් ආකාරයකින් කිසිවක් වෙනස් නොවිණි නම් සියල්ල එකසේ පැවතිණි නම් කාලය යන සංකල්පය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගී. එසේ ම ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් නොතිබිණි නම් එවිට ද වස්තු ආදිය වෙනස්වුවත් කාලය යනුවෙන් සංකල්පයක් අවශ්‍ය නො වේ.
තමන් හා තමන් අවට ලෝකය තමන්ට පෙනෙන ආකාරයට වෙනස්වීමත්, ඒ වෙනස්වීම පිළිබඳ මතකයක් ඇති වීමත් හේතුකොටගෙන සිද්ධි දෙකක් අතර කාලය යන සංකල්පය තනාගැනී ඇත. බුද්ධඝෝෂ හිමියන් අත්ථසාලිනියට සපයන ලද අටුවාවෙහි සඳහන් ආකාරයට කාලය යනු පඤ්ඤත්තියක් හෙවත් පැනවීමකි. කාලය යනුවෙන් ඊනියා වාස්තවික වූ යථාර්ථයක් නැත. එය පංචේන්ද්‍රියට සෘජුව ග්‍රහණය නොවන සංකල්පයකි. අනෙක් සංකල්ප මෙන් ම එය ද මනස විසින් ම නිර්මාණය කෙරේ. අනෙක් බොහෝ සංකල්ප මනස විසින් නිර්මාණය කෙරෙන්නේ පංචේන්ද්‍රිය ද සෘජුව ආධාර කරගනිමිනි. එහෙත් කාලය එසේ නො වේ. පුටුව ආදී සංකල්ප මෙන් පංචේන්ද්‍රියට දැනෙන කාලය නම් සංකල්යක් නැත. එය මිනිසුන් විසින් ද්විතීය ව ඇති කරගනු ලබන සංකල්පයකි. එය මනසේ පැනවීමකි.
දැන් අංශුවක විවිධ අවස්ථා විවිධ කාලවල පැවතීම යන්න අවබෝධ කරගැනීම අපහසු නො වේ. අංශුවලට විවිධ අවස්ථා ඇති බව තේරුම්ගත් විගස ඒ අවස්ථා එකම ආකාරයකට වෙනස් විය යුතු ය යන අදහස නැතිවෙයි. එවිට අවශ්‍ය නම් අයින්ස්ටයිනීය සංකල්පයක් යොදාගතහොත් ඒ ඒ අවස්ථාවෙහි නියම කාලය (Proper time) අනෙක් අවස්ථාවන්හි නියම කාලවලින් වෙනස්විය හැකිය යන්න පැහැදිලි වෙයි. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවක් එකවිට විවිධ කාලවල ඇත්තේ ඒ අර්ථයෙන් යැයි කිව හැකි ය. අංශුවෙහි විවිධ අවස්ථා විවිධ කාලවල පවතින බව ඉන් ගම්‍ය වෙයි.
එහෙත් මෙයින් සියළු ප්‍රශ්නවලට පිළිතුරු නො ලැබෙයි. අංශුවක් අවකාශය හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල පවතින්නේ අනිශ්චයතා මූල ධර්මය අනුව එහි ගම්‍යතාව හා ශක්තිය ඉතා සන්නිකර්ෂණ ව නිශ්චිත ව මැනගෙන ඇති බැවිනි. කලින් සඳහන් කර ඇති අන්දමට මේ නිශ්චිත ම අගය නො වේ. ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් ද විවිධ අවස්ථා ඇති නමුත් අපට ඒ නොසළකා සිටිය හැකි ය. මෙයින් කියැවෙන්නේ එසේ අංශුවෙහි ගම්‍යතාව හා ශක්තිය නිශ්චිතව පවතින අතර එහි පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථා ඇති බව ය. ඇතැම් විට ඒ ඒ විවිධ අවස්ථා විවිධ වේගවලින් චලනය වනවා විය හැකි ය. ඒ ඒ අවස්ථාවෙහි පිහිටුම හා කාලය අනුව ඒ වේග නිර්ණය වනවා විය හැකි ය.
එහෙත් ඒ අවස්ථා තිබෙන බව අප දන්නා නමුත්, එනම් ඒ පිළිබඳ අපට ප්‍රවාද හා සංකල්ප තිබෙන නමුත් (අපේ දැනුම යනු සංකල්පීය දැනුමකි. සංකල්පීය දැනුම ශූන්‍ය බව ද අමතක නොකළ යුතු ය) අපට ඒ අවස්ථා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ඒ අවස්ථාවලට එවැනි වේග ඇති බවක් මැනගැනීමට ද නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි අංශුවලට හෝ වස්තුවලට හෝ නිව්ටෝනීය භෞතිකයෙහි මෙන් ගමන් මාර්ග හෙවත් පෙත් නැත්තේ එබැවිනි.
ක්වොන්ටම් අංශුවක ගම්‍යතාව හා ශක්තිය සඳහා එක් අවස්ථාවක් (සන්නිකර්ෂණ ව) පමණක් පවතින විට පිහිටුම හා කාලය සඳහා විවිධ අවස්ථා ඇති අතර ඒවා නිරීක්‍ෂණය කළ නො හැකි ය. එබැවින් ක්වොන්ටම් අංශුවෙහි පෙතක් නිරීක්‍ෂණය කළ නො හැකි ය. එහෙත් ඒ විවිධ අවස්ථා අපට නීිරීක්‍ෂණය කළ නොහැකි නමුත් ඇතැම් විට විවිධ වේගවලින් පෙත්වල ගමන්කරනවා විය හැකි ය. මේ සියළු පෙත්වල යම් එකතුවක්, අනුකලයක් මගින් ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට වෙනත් තැනකට සම්ප්‍රාප්තවීම ප්‍රදර්ශනය කරන්නේ යැයි සිතිය හැකි ය.
නොබෙල් ත්‍යාගලාභී බටහිර භෞතික විද්‍යාඥයකු වූ ෙෆෙන්මාන් විද්වතා (ක්වෙන්ටම් භෞතිකය කිසිවකුට නොතේරෙන බව කීවේ ඔහු ය) පෙත් අනුකල (Path integrals) නමැති සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු එමගින් අදහස් කළේ ක්වොන්ටම් අංශුවක් එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රාප්තවිම ඒ ඒ පෙත්වල අනුකල මගින් ගණනය කිරීම ය. එය ඉතාමත් විශිෂ්ට ගණයේ අදහසක් වූවා පමණක් නොව ෙෆෙන්මාන් විද්වතාට නොබෙල් ත්‍යාගය ලබාදීමටත් ඒ සමත් විය. මේ සංකල්පය සහ අප විසින් ඉහත සඳහන් කෙරී ඇති අදහස් අතර යම් සාම්‍යයක් තිබෙන බව පෙනී යයි. දක්‍ෂ ශිෂ්‍යයකු වේ නම් ඒ පිළිබඳ අධ්‍යයනයක් කළ හැකි ය.
මේ සියල්ල සමගින් අපට නැවතත් නාභිගත වීම කරා ගිය හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (නිශ්චිත යන්නෙන් අදහස් කරන්නේ සන්නිකර්ෂණ ව නිශ්චිත වීමක් බව අවධාරණය කළ යුතු ය) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් කාච පද්ධතියක් තුළින් යෑමට සැලැස්වුවහොත් සිදුවන්නේ කුමක් ද? එවැනි ෆෝටෝනයක් ප්‍රිස්මයක් තුළින් යෑමට සැලැස්වුවහොත් කුමක් සිදුවේ ද? ආලෝකය වර්තනය වීමෙන් විවිධ වර්ණවලට කැඩෙන්නේ, දේදුණු නිර්මාණය වී පාට වැටෙන්නේ කෙසේ ද? ආදී වශයෙන් ප්‍රශ්න රාශියකට පිළිතුරු දීමට අපට උත්සාහ කළ හැකි ය. නිව්ටන් විද්වතා ප්‍රිස්ම පිළිබඳ තම පර්යේෂණ කළේ ආලෝකය පිළිබඳ ඔහුගේ ලවක (අංශු- corpuscular) ප්‍රවාදය ඇසුරෙන් බව ද අමතක නොකළ යුතු ය.
ෆෝටෝනයක් කාචයක් හෝ ප්‍රිස්මයක් හෝ සමග ගැටුණු විට එහි ශක්තිය වෙනස්විය යුතු ය. එහෙත් ඒ ශක්තිය වෙනස්වීමේ දී ෆෝටෝනය තනි ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියා කරන්නේ ද, එසේත් නැත්නම් ෆෝටෝනයේ විවිධ අවස්ථා විවිධ ආකාරයෙන් ක්‍රියා කරන්නේ ද? තරංගවාදය අනුව ගැටීමෙන් පසු කලින් තිබූ මුල් තරංගය විවිධ තරංගවලට කැඩී වෙන් වී වෙනස් වූ ශක්ති (සංඛ්‍යාතිය හා ආයාම දිග) සහිත තරංග බවට පත්වන්නේ ද? එසේ නම් මුල් තරංගයේ ඒ විවිධ තරංග අඩංගු වේ ද? මුල් තරංගයේ විවිධ තරංග අඩංගුවේ ය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
ෆෝටෝන රාශියක් ප්‍රිස්මයක් තුළින් නොයවා එක් ෆෝටෝනයක් නැත්නම් ෆෝටෝන කිහිපයක් පමණක් යවා මේ පර්යේෂණය කිරීමේ හැකියාවක් තිබේ ද? එසේත් නැතිනම් ෆෝටෝනයක් හෝ ෆෝටෝන කිහිපයක් පමණක් කාචයක් හෝ කාච පද්ධතියක් හෝ තුළින් යවා ප්‍රතිබිම්බ සෑදීම පිළිබඳ පරීක්‍ෂණයක් කළ හැකි වේ ද? අද ඇති බටහිර තාක්‍ෂණය යොදා ගැනීමෙන් එදා නිව්ටන් විද්වතා කළ පරීක්‍ෂණ ෆෝටෝන කිහිපයක් පමණක් යොදා ගැනීමෙන් කළ හැකි දැයි සොයා බැලීමට අවස්ථාව උදා වී ඇත.
ෆෝටෝනය ද ක්වොන්ටම් අංශුවක් ලෙස ක්‍රියාකරන බැවින් ඉහත සඳහන් කෙරුණු අදහස් ෆෝටෝන සම්බන්ධයෙන් ද යොදාගත හැකි ය. යම් ප්‍රභවයකින් නිශ්චිත (සන්නිකර්ෂණ වශයෙන්) ගම්‍යතාවක් හා ශක්තියක් සහිත ව නිකුත් කෙරෙන ෆෝටෝනයක් ගම්‍යතාව හා ශක්තිය සම්බන්ධයෙන් (නැවතත් සන්නිකර්ෂණ වශයෙන්) එක් අවස්ථාවක ඇති නමුත් පිහිටුම හා කාලය සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ඇත. මේ විවිධ අවස්ථාවල ශක්තිය එකම විය යුත්තේ ෆෝටෝනයේ ශක්තිය එකක් ම වන බැවිනි.
එසේ වුවත් ඒ ඒ අවස්ථා ප්‍රිස්මය හෝ කාචය සමග ගැටීම නිසා ඒ ඒ අවස්ථාවෙහි ශක්තිය එකම අයුරෙන් නොව විවිධාකාරයෙන් වෙනස් වන්නේ යැයි අපට සිතිය හැකි ය. එසේ වෙනස්වීමෙන් පසු ඒ ෆෝටෝනය තවදුරටත් එකම ශක්තියක් සහිත එක් ෆෝටෝනයක් ලෙස ක්‍රියා නොකරන බව උපකල්පනය කළ හැකි ය. දැන් ප්‍රශ්නය වන්නේ ඒ තනි ෆෝටෝනය කැඩීමට ඉඩක් ඇත් ද යන්න ය. මෙය තරමක ගැටළු සහගත ප්‍රශ්නයක් වෙයි. ප්‍රිස්මයක් හෝ කාචයක් හෝ වෙනත් යමක් හෝ සමග ගැටීමක් නොවනතාක් මුල් ෆෝටෝනය නොකැඩෙන බව පැහැදිලි ය. එහෙත් ගැටීමෙන් පසු සිදුවන්නේ කුමක් ද?
මෙහි දී අපය කොම්ප්ටන් ආචරණයෙන් (Compton Effect) පාඩමක් ඉගෙන ගත හැකි ය. මෙය තරමක් දීර්ඝව, අවස්ථාවක් ලදහොත් ලබන සතියේ දී සාකච්ඡා කළ යුතු ය. ඉතා කෙටියෙන්, දළ වශයෙන් කියන්නේ නම් එහි දී සිදුවන්නේ ෆෝටෝන නිව්ටෝනීය අංශුවක් සමග ගැටීමෙන් පසු නිව්ටෝනීය අංශුවේ ගම්‍යතාව හා ශක්තිය (නිව්ටෝනීය අංශුවක් බැවින් ගම්‍යතාව, පිහිටුම, ශක්තිය, කාලය සියල්ල එකට මැණගත හැකි ය) වෙනස්වීමත් ෆෝටෝනවල ද ශක්තිය වෙනස්වීමත් ය. ෆෝටෝන තරංගයක් ලෙස සෑලකුවහොත් ගැටීමෙන් පසු තරංගයේ ආයාම දිග හා සංඛ්‍යාතිය වෙනස් වෙයි.

දෙමළ ජාතිවාදී කෙකරගාමීහු

ඊනියා පෙරටුගාමී හෙවත් කෙකරගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත් මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථ තුනක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ අද සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ ජනරළ පුවත්පතට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙති. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොට (මාතර) මගින් ආධාර කළ බව ද රහසක් නො වේ. කෙකරගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ දෙමළ ජාතිවාදී පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත. 

කෙකරගාමී සමාජවාදී පක්‍ෂයෙන් ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඕස්ට්‍රේලියාව ඒ සඳහා කුමාර් මහත්තයා යොදා ගනියි. එහි පෙරහුරු කටුනායක දී හා හලාවත දී සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. (අප මේ බව කියා තරමක කාලයක් ගත වී ඇත. ඊයේ පෙරේ්දා ඇමරිකාවේ රැප් වාර්තාවෙහි මේ ඇතැම් කරුණු තිබී සමහර දේභහිතෛශීහු කලබල වී සිටිති) ඒ සියල්ල පිටුපස ඇත්තේ එංගලන්තය ය. ඇමරිකාව, කැනඩාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. කෙකරගාමී සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් අතර සිංහල ගොවිකමට (අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන අය කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? 

සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. පර්යේෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ද අනුමත වී ඇති ප්‍රතිපාදන දීම වැළැක්වීමට ඔවුහු කටයුතු කරති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී ඩයස් පොරලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ අසරණ පුස්තකාල සේවකයන් වුව ද අස්කර පලිගැනීම ය. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත. 

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කෙකරගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ආපසු ගොස් ඇත. සති දෙකකට පෙර ඔහු ලංකාවේ දී අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. තමාට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට තමන් ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. පඬියෝ කිසිම සාධකයක් නැතිව ඔහු හා දිමුතු ආටිගල පැහැර ගත්තේ ආණ්ඩුව යැයි කියති. එහෙත් සාධක ඇතිව පෙන්වා දීය හැකි ඕස්ට්‍රේලියාවේ සැක කටයුතු ක්‍රියා මාර්ගය ගැන නිහඬ වෙති. 

කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ කුමාරයා හෝ මහත්තයා හෝ නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කළ නොහැකිි ය. 

කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ට්‍රේලියානු රජයත් මෙරට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. කුමාර්ගේ හෙවත් මුදලිගේගේ බලපත්‍රයෙහි භාරකාරිය මහා කොමසාරිස්වරිය ද? අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම්ට නම් කීයක් තිබේ ද ඒ ගමන් බලපත්‍රය හැර ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් තවත් බලපත්‍ර තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ “බිරිය” හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අපට බලා සිටීමට සිදු වී ඇත. කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් දෙමළ ජාතිවාදය පවත්වාගෙන යන බටහිරයන් විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුද්දන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් මුදලිගේ වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට සූදානම් විය යුතු ය. ඒ අතර ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු මාක්ස්වාදීන්ට ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් කටයුතු කළ හැකි ය.

Saturday, 21 April 2012

The failed Kangaroo plot


Though this article may not be directly connected with “The mythical ethnic problem” it has some relevance as many people are of the opinion that it is the Sri Lankan government, meaning the SLFP led coalitions that internationalized the so called ethnic problem. This idea on the internationalization is one of the biggest myths claiming that the dispersed Tamils living in the western countries have been influential in convincing those countries that the Sri Lankan governments have been discriminating against the Tamils in Sri Lanka. It is sometimes said that the Tamils living abroad unlike our diplomatic missions have presented their case very well and have won over the western countries that are very humane and concerned with human rights. There is also a “school of thought” that does not think and goes on repeating ad nauseam that the Tamil voters in the western countries have tilted the balance in the favour of the Tamils. Then there are others who propagate the myth that the Tamils have contributed to the election fund of the Democratic Party in USA, and as a result Hillary Clinton who is considerate with the culture of Sri Lanka to send messages wishing at least a section of the population a happy new year just a few days ago, is supporting the dispersed Tamils against the Sri Lankan government! I do not know how much the Tamils in USA have contributed to the election funds but it cannot be a substantial amount compared to the total budget of the presidential election campaign.

The west is against the SLFP led governments in general as they are nationalistic and do not obey the west as the latter wish. The only SLFP led government that the west supported was the Chandrika Kumaratunga government that was anti Sinhala Buddhist and followed the line of Mahajana Pakshaya of Kumartungas rather than that of the SLFP of Bandaranaikes. The SLFP led governments have been in general supporting the Muslim countries, a fact that was reflected in the voting in respect of the Geneva resolution with seven Muslim countries voting against the USA resolution. The west is in general against the Muslim countries and their culture, with countries such as UK, France and Australia openly asking the Muslims living in those countries to follow the Christian way of life without any consideration of the human rights of the Muslims. In Sri Lanka though Muslims have lived for more than a few centuries, in fact they have been here as permanent settlers before the Tamils were brought to Sri Lanka by the western countries, but no Buddhist has tried to convert them to Buddhism as Buddhists do not believe in conversions. It has to be remembered that in the Eastern province Muslims were settled by the Sinhala kings when the latter had to face the brutalities of the Portuguese, before the Tamils were brought to that part of the island by the English. However, it is the west that accuses the Sinhala Buddhists of being Chauvinists at various international fora.

Now the so called Peratugamee Samajavadee Pakshaya (PSP) that was launched officially on the ninth of April had the support of the western countries. Now why should the western countries give their blessings to a breakaway group of the JVP? It is very clear the western countries are working according to a plan. They want to topple the Mahinda Rajapakse government and install if possible Sarath Fonseka as the president. We have been telling this for sometime but only now, with the Rapp report coming into the picture, even the Deshahithaisheens have woken up. The plan is simple. The west have got Fonseka to come out with a bogus white flag story, for them to accuse the President, the Defence Secretary and some officers of war crimes, then either try them at so called international war crime tribunals, or topple the government through other means. As one of the steps they got the TNA to support Sarath Fonseka at the last Presidential elections despite the fact the latter calling this a Sinhala Buddhist country. The west now knows that they can control Sarath Fonseka unlike the President Rajapakse even if the TNA is not aware of it. The breakaway JVP group publishes a weekend newspaper by the name Janarala, nothing to do with the General, and they are associated with some members of the former X group. This X group was supported by Mangala Samarweera through his friend Ferdinands to publish a magazine called Mathota meaning Mathara propagating so called post modernists views which only reflect the bankruptcy of western knowledge. Anyhow the X group was split and one of the sections now work with Ranil group of the UNP, having formed a party called the Peratugaamee Pakshaya. Another section is with the Sajith – Rosy group of the UNP while the third with a high official of the Federation of University Teachers’ Associations (FUTA) supporting the Janarala group. It is clear that the Peratugamee part of the name of the PSP has been given by the influx from the X group and as the PSP managed to rally almost all the ex Inter University Student Force leaders the west may be thinking of controlling not only the students but the teachers of the Universities in the forthcoming “struggles”. The “struggles” are there only to provoke the youth against the police and the armed forces and to create the background for “human rights cases”. The west can then interfere to protect “human rights” and set the stage for an attack as they did in the case of some Muslim countries. The Peratugamee parties are only Kekaragamee parties without external support and it is clear that Australia has had a hand in forming the PSP through one of its citizens, as the Kumar Mahaththaya saga reveals. The west supports the PSP thinking that they could stage a few more Katunayake incidents.

The Sri Lankan government was looking for Kumar Mahaththaya for some time but the “friendly” Australian government did not divulge any information, though he had visited this country number of times during the last two or three years. When his wife came to Sri Lanka early this year, most probably to meet her husband, the government officials interrogated her at the Airport. The human rights vendors made a hue and cry over the incident and the “wife” denied that Kumar Mahaththaya was either her kumaraya or mahaththaya (husband). However having gone back to Sydney she made a statement to the effect that Kumar Mahaththaya was her mahaththaya and that he had changed his name to Noel Mudalige when he obtained the Australian citizenship. Obviously this “lady” who was trained to become a doctor at the University of Peradeniya on public funds has lied to the Sri Lankan government and this is the type of people who want to serve the country from abroad. Kumar Mahaththaya who had been abducted by some group or the PSP itself surfaced at a government institute connected with controlling crimes without a passport. The Australian High Commission lost no time in requesting the government to release Kumar Mahaththaya but the secretary of Defence responded by saying that no Kumar Mahaththaya had come to Sri Lanka during this period. In fact the only Kumaraya to visit the country was Avurudu Kumaraya and certainly Kumar Mahaththaya though he may be a Kangaroo Kummaraya had not come to Sri Lanka. Then all hell broke loose and the Australian High Commissioner divulged that Kumar Mahaththaya had come to Sri Lanka as Noel Mudalige holding an Australian passport. She was kind enough to give the passport number as well. It was most interesting to see the High Commission producing the passport of Muadalige on the morning following the appearance of him so that Mudalige alias Kumar Mahaththaya could travel back to Sydney without any problem. We have to thank the Australian High Commission and the officials of the High Commission for facilitating the departure of Mudalige by not only producing the passport but also being present at the airport! Certainly Kumar Mahaththaya had been treated as a Prince by the Australian High Commission. It is very clear that the High Commission had known the whereabouts of this Kumaraya from September but did not feel fit to divulge the information to the Sri Lankan government though the latter was looking for this Kangaroo Prince. It is the western dominance that gives Australia to interfere with the affairs of our country and they boast of protecting human rights, though Kumar Mahaththaya had not lost any, at the same time violating the national rights of Sri Lanka if we are to use an idea formulated by Ven. Bengamuwe Nalaka Thero. In any event the PSP that supports Tamil racism, will have no future it will be reduced to a Kekaragamee Pakshaya with or without Kumar Mahaththaya, and the Kangaroo plot of forming a Tamil racist Party with some Sinhalese to stage “struggles” has failed. However Kumar Mahaththaya should not lose all hopes as he can agitate with his “wife” and others from Sri Lanka who have become Australian citizens to give non English languages equal status as English, and non Anglo Saxon cultures equal status as the Anglo Saxon Christian culture in Australia. They can also work to protect the human rights of Sinhala Buddhists, Muslims and other such groups living in Australia. I am sure that it will make Kangaroo Kumaraya busy.(12/04/18)

Copyright Prof. Nalin De Silva

Friday, 20 April 2012

Wise Men of Friday Forum

"A group of wise men (and women), calling themselves the Friday Forum, advise us not to be obsessed with victory as the defeated will have to live in pain (Island, April 15, 2012). However, these wise men and women, of some who travelled to Geneva to support a resolution against Sri Lanka that the west was so obsessed of winning, did not care that we Sri Lankans will have to live in pain if they had achieved their victory. Neither did they think of advising the west to give up their obsession over defeating Sri Lanka at the UN in view of the pain it might cause its people. Perhaps they think Dhammapada only applies to the poor Buddhists in this country...."


Monday, 16 April 2012

ඕස්ට්‍රේලියාවේ නොයෙල් මුදලිගේ

ඊනියා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ගැන කතාකිරීමට සිදු වී ඇත්තේ ඒ පක්‍ෂයෙහි ඇති වැදගත්කමකට නො වේ. මාක්ස්වාදීන්ගෙන් හා පශ්චාත්මාක්ස්වාදීන්ගෙන් යුත් එම පක්‍ෂයට දීර්ඝ කාලීන වශයෙන් කළහැකි කිසිවක් නො වේ. තමන් ඉංගිරිසියෙන් කියවන දේ තමන්වත් හරිහැටි තේරුම් නොගෙන සිංහලෙන් ලිවීම එහි සිටින පඬියන්ගේ සිරිත වෙයි. එහෙත් ඔවුන්ට තමන් ලියන්නේ කුමක් ද යන්න පිළිබඳ ව අවබෝධයක් නැත. මේ පක්‍ෂය වැඩිකල් නොගොස් එහි කසිකබල් මාක්ස්වාදී ස්වභාවය නිසා ම තවත් මාක්ස්වාදී ත්‍රිරෝද පක්‍ෂයක් බවට පත්වනු ඇත. යථා කාලයේ දී යමකුට මුළු පක්‍ෂ සාමාජිකත්වය ම පැහැර ගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ත්‍රිරෝද රථයක් ප්‍රමාණවත් වනු ඇත. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයෙහි අඩුම තරමෙන් කොටස් දෙකක් වෙයි. එක් කොටසක් ජ වි පෙරමුණෙන් කැඩී ආ දෙමළ ජාතිවාදී පිරිස් ය. (මාක්ස්වාදීහු සියළු දෙනා ම පාහේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීහු වෙති. ඔවුහු අද බටහිර ධනවාදී පාලකයන් සමග එකතු වී සිංහලයන්ට පහර දෙති.) අනෙක් කොටස පිටුපසින් සිට උපදෙස් දෙන්නේ යැයි සිතිය හැකි එක්ස් කණ්ඩායමෙන් කැඩුණු පශ්චත් මාක්ස්වාදීන් යැයි කිව හැකි දෙමළ ජාතිවාදීන් කිහිප දෙනෙකි. ඔවුන් අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉහළ ම නායකත්වයේ අයකු ද වන බව දන්නෝ දනිති. සුද්දන්ගෙන් ඉගෙන ගත් ඉතිහාසය හැරෙන්නට වෙනත් ඉතිහාසයක් නොදන්නා මොහු සතිපතා ඒ පක්‍ෂයේ පුවත්පත වූ ජනරළ පඩංගුවට අනුරාධපුරයේ තිබී යැයි කියන රජවරුන්ගේ හා භික්‍ෂූන්වහන්සේලාගේ සුද්දන්ගේ ඉතිහාසයට හසුවන ඊනියා වැඩවසම් සමාජයක් ගැන ලියයි. පක්‍ෂයේ නමේ පෙරටුගාමී කොටස පශ්චාත්තාපවාදීන්ගේ් යෝජනාවක් අනුව එකතු වී ඇති බව පැහැදිලි ය. එක්ස් කණ්ඩායමේ තවත්් කොටසක් පෙරටුගාමී පක්‍ෂය නමින් දැන් හැඳින්වෙයි. ඔවුහු දැනට රනිල්ගේ එ ජා පක්‍ෂය වටා භ්‍රමණය වෙති. තුන්වැනි කොටස සජිත් ප්‍රේමදාස - රෝසි සේනානායක වටා කරකැවෙයි. පශ්චාත්නූතනවාදීන් ලෙස එකල පෙනී සිටි එක්ස් කණ්ඩායමට සිංහල බෞද්ධ විරෝධී චන්ද්‍රිකාගේ අවලම් තවලමේ සුදු නෙළුම් රැගෙන ගිය අද වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම රනිල්ගේ පක්‍ෂයේ කටයුතු කරන මෙරට දේශපාලන අනාථයා මාතොටින් ආධාර කළ බව ද රහසක් නො වේ. පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිටුපස ඕස්ට්‍රේලියානුවන් හා ඔවුන් ද පිටුපස එංගලන්තය හා ඇමරිකාව ඇති බැවින් මේ පක්‍ෂය හා කුමාර් මහත්තයා ගැන ලිවීමට සිදු වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයෙන් බටහිරයන් අපේක්‍ෂා කරන්නේ ඉතා ඉක්මණින් කැරළි ඇති කිරීම ය. ඒ සඳහා පෙරහුරු කටුනායක දී හා හලාවත දී දැනටමත් සිදු කෙරී ඇත. තරුණයන් ප්‍රකෝප කර ආරක්‍ෂක හමුදා සමග ගැටෙන්නට සැලැස්වීමත් ඉන්පසු ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකරමින් ජෙනීවා යෝජනාව ද ඔස්සේ ආර්ථික සම්බාධක පණවා යථා කාලයේ දී ඒ සියල්ලෙන් ම බැරි නම් අවසානයේ දී ආක්‍රමණයකින් ආණ්ඩුව පළවා හැර දේශපාලනය ගැන නොදන්නා සරත් ෆොන්සේකා යටතේ බටහිර ගැති රූකඩ ආණ්ඩුවක් පිහිටුවා තම අවශ්‍යතා ඉටුකර ගැනීම බටහිරයන්ගේ අරමුණ වෙයි. ඒ සියල්ලෙහි ප්‍රධානියා එංගලන්තය ය. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව ලේ නැකමට හා බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ නෑකමට ඒ සඳහා එංගලන්තයට ආධාර කරයි. පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අතකොළුවක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නමැති නීති විරෝධී සංවිධානය මගින් ශිෂ්‍යයන් අතර කලබල ඇතිකිරීමට ගෝලයන් කටයුතු කරන අතර ගුරා ජ වි පෙ හා එ ජා ප ආචාර්යවරුන්ගේ සහාය ඇතිව විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මගින් ආචාර්යවරුන්ගේ වැඩ වර්ජන සංවිධානය කිරීමට උත්සාහ ගනියි. බොහෝ ආචාර්යවරුන් ද නොදනිතත් අද විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයන් මෙන් ම ගුරුවරුන් ද මෙහෙයවනු ලබන්නේ එකම මධ්‍යස්ථානයකිනි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වයේ සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදයක් දරන්නෝ කොපමණ වෙත් ද? එහි තීරණ ගැනීමේ දී බලපාන අයගෙන් වැඩි දෙනා සිංහල බෞද්ධ විරෝධීහු වෙති. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් සිංහල ගොවිකමට (කොම්පෝස් පොහොර යොදා කරන අකාර්යක්‍ෂම බටහිර කාබනික ගොවිකම නො වේ) වෙදකමට වැව් තාක්‍ෂණයට සංගීතයට දර්ශනයට ඉතිහාසයට හා වෙනත් විෂයයන්ට අදාළ පර්යේෂණ කරන්නවුන් කොපමණ වෙත් ද? සිංහල සංගීීතය හා රාගධාරී සංගීතය අතර ප්‍රධාන වෙනස දන්නෝ කී දෙනෙක් වෙත් ද? රාගයක් නැති සිංහල සංගීතයෙහි ස්වර එකසිය ගණනක් ඇති බව කීදෙනෙක් දනිත් ද? සමස්තයක් ලෙස ගත්කල සීමිත දැනුමක් ඇති විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගෙන් රටට සිදු වී ඇති සේවය කුමක් දැයි ප්‍රශ්න කළහොත් දිය හැකි පිළිතුර කුමක් ද? ඔවුන් මැකෝලේගේ දරුවන් බිහිකිරීම හැර වෙනත් යමක් කර නැත. මෙරටට අදාළ ගොවිකම හා වෙදකම සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යලයේ කෙරී ගෙන ගිය පර්යේෂණ නැවැත්වීමට අද සිංහල බෞද්ධ විරෝධී මැකෝලේගේ දරුවෝ ක්‍රියා කරති. එයට සම්බන්ධවූවන්ගෙන් ඔවුහු පලිගනිති. ඔවුන්ට විශ්වවිිද්‍යාලයේ පුස්තකාල වසා දැමීම ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධ විරෝධී නියම ඩයස්ලාට අවශ්‍ය සිංහල බෞද්ධ ජාතික මතවාදයකට පක්‍ෂ පුස්තකාල සේවකයන්ගෙන් වුව ද පලිගැනීම ය. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ දඩබ්බර හා පතෝල නිලධාරීන්ගෙන් මේ ප්‍රශ්නවලට පිලිතුරු බලාපොරොත්තුවන අය මුග්ධයෝ වෙති. මේ පලිගැනීම්වලින් සිංහල බෞද්ධ චින්තනයට තිත තැබීමට මැකෝලේගේ දරුවන් සිතන්නේ නම් එය අවසානයේ දී ඉච්ඡා භංගත්වයකට තුඩු දෙනු ඇත.

ආණ්ඩුව කාලයක් තිස්සේ ප්‍රේම්කුමාර් ගුණරත්නම් සෙවූ බව රහසක් නො වේ. ඒ කසිකබල් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවීමේ තීරණය ප්‍රකාශ කිරීමට බොහෝ කලකට පෙර ය. ගුණරත්නම් 1987 –- 90 කාලයේ අපරාධ ගණනකට සම්බන්ධ යැයි පැවසෙයි. ඒ කෙසේ වෙතත් දැන් වාර්තාවන ආකාරයට ඔහු පසුගිය වසරවල කිහිප වතාවක් ම ලංකාවට පෑමිණ ගොස් ඇත. පසුගිය සතියේ ඔහු අතුරුදහන් විය. එය කවුරුන් විසින් කරන ලද්දක් දැයි පැහැදිලි නැත. එය කළේ ජ වි පෙරමුණ ද, ප්‍රචාරයක් ලබාගැනීම සඳහා කෙකරගාමී (පෙරටුගාමී) සමාජවාදී පක්‍ෂය ද, ලංකාණ්ඩුව අමාරුවේ දැමීම සඳහා ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල් ඊනියා සිවිල් සමාජය ආධාර කරගනිමින් ද වෙනත් කවුරුන්වත් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. එහෙත් ඕස්ට්‍රේලියාව ක්‍රියාකර ඇත්තේ සැක කටයුතු ආකාරයකට ය. ආණ්ඩුව මේ අවස්ථාවේ පැහැර ගැනීමක්් කරාවියැයි සිතිය නො හැකි ය. කුමාර් ගුණරත්නම් සිඩ්නි නුවර දී තමා පැහැර ගනු ලැබුයේ ආරක්‍ෂක අංශ විසින් යැයි පවසා ඇත. ඔහුට ලිංගික අතවර ද සිදුවිණි යැයි ඔහු කියා ඇත. ඕස්ට්‍රේලියානු රජය මැදිහත් නොවන්නට ඔහු ජීවතුන් අතර නොසිටින්නට තිබිණි යැයි ද ඔහුගේ ප්‍රකාශයෙහි වෙයි. මේ ප්‍රකාශයෙහි සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ සිද්ධි මාලාව විග්‍රහ කරමු.

පසුගිය සතියේ කුමාර් මහත්තයා අතුරුදහන් වීමෙන් පසු ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරිය වහාම එයට මැදිහත් වූවා ය. ඇය කුමාර් මහත්තයා ගැන ආණ්ඩුවෙන් තොරතුරු ඉල්ලා සිටියා ය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එයට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ කුමාර් ගුණරත්නම් කෙනකු ඕස්ටේ්‍රලියාවෙන් ලංකාවට පැමිණ නැති බව ය. කලබලයට පත් වූ ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස්වරිය එවිට ඉතා කඩිනමින් කියා සිටියේ ඔහු පැමිණ ඇත්තේ මුදලිගේ නොයෙල් නමින් බවත් ඔහුගේ ගමන්බලපත්‍රය ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් නිකුත් කෙරී ඇති බවත් එහි අංකය එන් 1016123 බවත් ය. ඔහු සැප්තැම්බරයේ ලංකාවට පැමිණ ඇති බවත් තම විසා බලපත්‍ර කාලය ඉක්මවා මෙරට රැඳී සිටි බවත් හෙළිදරවු විය. පැහැදිලිව ම ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලය කුමාර් ගුණරත්නම් නම් තැනැත්තා මුදලිගේ නොයෙල් නමින් මෙරට සිටි බව සපේතැම්බරයේ සිට ම දැනගෙන සිටියේ ය. එහෙත් ලංකාණ්ඩුව ඔහු ගැන සොයන විට ඊනියා මිත්‍ර රටකට අවශ්‍ය තොරතුරු ලබාදීමට ඕස්ට්‍රේලියානු මහා කොමසාර්ස් කාර්යාලය ඉදිරිපත් නො විණි. අඩු තරමින් කුමාර් ගුණරත්නම් ආපසු ඕස්ට්‍රේලියාවට යැවීමටවත් කටයුතු කර ඇති බවක් නො පෙනෙයි. අද කුමාර් ගුණරත්නම්ගේ “බිරිය” සිඩ්නි නුවර සිට ප්‍රකාශ කරන්නේ ඔහු ඕස්ට්‍රේලියානු පුරවැසියකු වීමේ දී නම මාරු කළ බව ය. එහෙත් ටික කලකට උඩ දී ඇය කියා සිටියේ කුමාර් මහත්තයා ඇගේ විවාහක පුරුෂයා නොවන බව ය. ඇයට තමා කියන්න සනාථ කිරීමට බටහිර් ක්‍රමයටවත් පිළිගත හැකි සාක්‍ෂි ඉදිරිපත්කිරීමට නොහැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් සහ මුදලිගේ නොයෙල් එකම තැනැත්තකු බව ඕස්ටේ‍රිලියානු රජයත් මෙරට ඕස්ටේ‍රිලියානු මහා කොමසාර්ස් කාර්යාලයත් දැන සිටි බවත් කුමාර් මහත්තයා ලංකාවේ රැඳී සිටියේ ඕස්ට්‍රේලියානු රජයේ අනුදුනුම හා අනුග්‍රහය මත බවත් පැහැදිලි ය. කුමාර් මහත්තයා කොහේදෝ සිට අපරාධ පරීක්‍ෂණ අංශයේ කාර්යාලයකට පැමිණ ඇත්තේ ගමන් බල පත්‍රය නැතිව ය. එහෙත් පසුදින උදෑසන ම ඕස්ටේලියානු මහා කොමසාර්ස්වරිය අදාළ ගමන් බලපත්‍රය ලබා දී ඇත. අද එ ජා පක්‍ෂයේ මන්ත්‍රීවරු සුපුරුදු අයුරෙන් මේ සිද්ධියෙන් ලංකාණ්ඩුව අපකිර්තියට පත් වී ඇති බවක් කියති. එහෙත් මෙහි දී් ඕස්ට්‍රේලියාව ක්‍රියා කර ඇත්තේ සටකපට ආකාරයකිනි. කුමාර් ගුණරත්නම් මහතාට නම් කීයක් තිබේ ද ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහයෙන් ලබාගත් ගමන් බලපත්‍ර කීයක් තිබේ ද ආදිය ගැන පසු දිනෙක ඔහුගේ (විවාහක නොවන?) බිරිය හෝ මහා කොමසාර්ස්වරිය හෝ කියන තෙක් අද අපට කළ හැක්කේ උපකල්පන කිරීම පමණකි.

කෙකරගාමී පක්‍ෂවලට දීර්ඝකාලීනව මෙරට කළහැකි දෙයක් නැත. ඒ පක්‍ෂ ඇතුළට වැටෙන තුරු ඉතිහාසයේ කුණු කූඩය ඉතා ඉවසිල්ලෙන් බලා සිටියි. එ ජා පක්‍ෂයට ද ඒ ඉරණම අත් නොවීමට නම් ඔවුන් කුමාර් ගුණරත්නම් ගැන ක්‍රියා කළ අන්දම පිළිබඳ ව ඕස්ට්‍රේලියාව විවේචනය කළ යුතු ය. එහෙත් මැකෝලේගේ දරුවන් සුදු හම ඇත්තන් හා ඇත්තියන් විවේචනය කරන්නේ කෙසේ ද? ජෙනීවා සිද්ධියෙන්, සුදු කොඩියෙන්, සරත් ෆොන්සේකාගෙන්, මතුවට ඇතිවිය හැකි කැරළිවලින්, ආර්ථික සම්බාධකවලින් හා ආක්‍රමණවලින් කුමාර් මහත්තයා වෙන්කළ හැකි නො වේ. අප ඒ සියල්ලට මුහුණ දීමට හිස ගිණි ගත්තවුන් මෙන් සූදානම් විය යුතු ය. ඒ අතර නොයෙල් මුදලිගේලා වැනි ලංකාවෙන් ගොස් සිටින ඕස්ට්‍රේලියානු පුරවැසි මාක්ස්වාදී සමාජවාදීවාදීන්ට කළහැකි දෙයක් වෙයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඇංග්ලො සැක්සන් නොවන සංස්කෘතීන්ට හා ඉංගිරිසි නොවන භාෂාවන්ට හිමි විය යුතු තැන ලබාදීමටත්, එහි කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කර ගැනීමටත් උර දී කටයුතු කිරීම ය.


කපිල පීරිස් මහතාගේ මනස

කපිල පීරිස් මහතා නැවතත් හොරගල් ඇහිලීම පටන්ගෙන ඇත. පසුගිය අප්‍රියෙල් මස 4 වැනි දා කෙම් පහන්වල ඇත්ත නැත්ත ගැන ලිවීමේ දී ඔහු ඉතා පැහැදිලිව මා විසින් අවුරුදු විසිපහක් පමණ කාලයක් තිස්සේ කරන ලද දේ අභියෝගයට ලක්කරයි. මහු නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය හෙළා දකියි. විඤ්ඤාණය ද ඇතුළු සියළු සංකල්ප ශූන්‍ය බව මා කියන විට ඔහු එය හෙළා දකියි. කළ යුත්තේ තර්ක කීිරීම නොව භාවනා කිරීම මගින් ඊනියා පරමාර්ථ ධර්ම ඔස්සේ දුකින් නිදහස් වීමට උත්සාහ කිරීම බව පවසයි. කපිල පීරිස් මහතා අවසානයේ දී කරන්නේ අපේ ප්‍රවාද තැනීමට ඇති සීමිත ඉඩ වුව ද නැති කිරීම ය. ඔහුගේ ප්‍රකාශවලට පිළිතුරු දීමට යෑමේ දී අපේ ප්‍රවාද ලිපිවල රිද්මය කැඩී යයි. ඇතැම් විට ඒ මහතාට අවශ්‍ය ඒ ඉඩ ඇහිරීම විය හැකි ය. එබැවින් විදුසර අපට ලබාදෙන ඉඩ ඇහිරීමට ක්‍රියා නොකර අපේ මත පිළිබඳ ව ප්‍රසිද්ධ විවාදයකට එන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

කලකට පෙර කපිල පීරිස් මහතා බටහිර විද්‍යාවට වැදගත් කමක් ලබා දෙමින් අපේ පැරණි දැනුම් බටහිර විද්‍යාවෙන් පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ය. ඔහු රේ විජේවර්ධන මහතා වැන්නන් රටට වැඩදායක යමක් කළ කරන විද්‍යාඥයන් ලෙස හැඳින් වීය. ඒ අය බටහිර විද්‍යාව මෙරට යොදා ගත්තා මිස වෙනත් දෙයක් නො කළහ. ඒ අය එසේ කිරීම පිළිබඳ මට පුදුමයක් නැත. එහෙත් කපිල පීරිස් මහතා ඔවුන්ට සහතික ලබා දුන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. එදා එසේ කළ ඒ මහතා අද බටහිර විද්‍යාවේ සීමාකම් ගැන කතා කරන්නේ ඒ පිළිබඳ ව අදහස් දක්වන පළමු තැනැත්තා ඒ මහතා ය යන හැඟීම පාඨකයන්ට ඇති කිරීමට උත්සාහ දරමිනි. බටහිර විද්‍යාව මනීන්ද්‍රිය ඉන්ද්‍රියක් ලෙස යොදා නොගැනීම එහි මූලික ම අර්බුදය බව තමා පෙර සඳහන් කර ඇතැයි කපිල පීරිස් මහතා අප්‍රියෙල් 4 වැනි දින ලිපියෙහි සඳහන් කරන්නේ කිනම් අරමුණකින් ද යන්න පැහැදිලි ය. ඒ මහතාට අවශ්‍ය බටහිර විද්‍යාවේ අර්බුදය ගැන වැදගත් ම අදහස් ඒ මහතා අතින් දැක්වී ඇති බව පාඨකයාට ඒත්තු ගැන්වීම ය.

කපිල පීරිස් මහතා සැදැහැත් බෞද්ධයකු විය හැකි ය. එහෙත් ඒ මහතා වුව ද භාවනා කරන බවක් මම නො දනිමි. ඒ කෙසේ වෙතත් මනස විඤ්ඤාණය ආදිය ගැන භාවනා කිරීමකින් තොරව මා පවසන දෑ ප්‍රතික්‍ෂෙප කිරීමේ පරම අභිලාෂය ඒ මහතාට වෙයි. භාවනා කළත් නොකළත් සංකල්ප යොදා ගැනීමෙන් අප කරන්නේ මගඩියකි. සංකල්පීය ලෝකය ශූන්‍ය බව වටහා ගැනීම නිවන් අවබෝධ කරගැනීම යැයි මම සිතමි. එහෙත් එය වටහා ගන්නේ තර්කයෙන්වත් මනසෙන්වත් විඤ්ඤාණයෙන්වත් වෙනත් එවැන්කින්වත් නොවන බව මගේ වැටහීම ය. පටිච්ච සමුප්පදායෙන් අපට කියන්නේ අවිද්‍යාව නැති විට නාම රූප විඤ්ඤාණ ආදිය නැති බව ය. විඤ්ඤාණයක් ඇත්නම් එතැන අවිද්‍යාව වෙයි. එහෙත් පිරිනිවන් පානා තෙක් රහතන් වහන්සේලා විඤ්ඤාණය යොදා ගනිති. එසේ වුවත් එලෙස යොදා ගන්නේ එය මායාවක් බව අවබෝධ කරගනිමිනි. නැති විඤ්ඤාණය ඇති ලෙස ගැනීම මායාවක් බව උන්වහන්සේලා අවබෝධ කරගෙන ඇත. ගිණි හුළක් කැරකැවීමේ දී අපට පෙනෙන ගිනි වළළ්ල මායාවක් බව අපි දනිමු. රහතන් වහන්සේ විඤ්ඤාණය මායාවක් බව දනිති. එහෙත් එය අප ගිනි වළල්ල ගැන දැනගැනීම මෙන් නොවන බව අවධාරණය කළ යුතු ය.

බුදුන් වහන්සේගේ අවබෝධය උන්වහන්සේගේ විඤ්ඤාණයට සාපේක්‍ෂ දැයි කපිල පීරිස් මහතා අසයි. ඒ මහතා එසේ අසන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයට ගැරහීමටත් මා බෞද්ධයකු නොවන බව කීමටත් ය. කලකට පෙර කපිල පීරිස් මහතා උදයසිරි වික්‍රමරත්න මහතා කී දෙයක් අනුමත කරමින් පැවසුවේ මා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු මිස බෞද්ධයකු නොවන බව ය. භාවනා නොකිරීමෙන් නිසි අවබෝධයක් ලැබිය නොහැකි යැයි පවසන කපිල පීරිස් මහතා අනෙක් අය පවසා ඇති අදහස් වැරදි යැයි කියන්නේ භාවනාවෙන් ලත් දැනුමක් උපයෝගී කරගනිමින් දැයි ප්‍රශ්න කරමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය යනු පෘථග්ජන මිනිසුන්ගේ ද අනෙක් සතුන්ගේ ද දැනුම පිළිබඳ ප්‍රවාදයකි. අවශ්‍ය නම් එය ඥානවිභාගයක් ලෙස හඳුනාගත හැකි ය.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය පිළිබඳ කපිල පීරිස් මහතා ප්‍රසිද්ධ විවාදයකට එනු ඇතැයි අපේක්‍ෂා කරමි. හොරගල් අහුලන්නේ නැතිව කෙලින් ම වාද කිරීම උචිත යැයි සිතමි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙන්නේ නිවන් දැකීමක් ගැන නො වේ. සත්ත්වයන් දැනුම නිර්මාණය කරන බවත් (සොයා ගැනීමක් නොව) එය තම ඉන්ද්‍රිය පද්ධතියට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂව කෙරෙන බවත් ඉන් කියැවෙයි. ඊනියා විද්‍යාව පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ආදිය ද එවැනි සාපේක්‍ෂතාවක් දරන්නේ යැයි අපි කියමු. දැනුම යම් චින්තනයක් මත පදනම් වන්නේ යැයි ද නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙන් කියැවෙයි. උදයසිරි වික්‍රමරත්න මහතාගේ සුද්දෙක් ඔබ අමතයි නම් නාට්‍යය නිර්මාණය කෙරී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමින් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවදී අදහස් උපයෝගී කරගනිමිනි. උදයසිරි වික්‍රමරත්න මහතා ඒ බව නොදන්නවා නො වේ. එහෙත් ඉතා අකෘතඥව ඒ මහතා මා බෞද්ධයකු නොවන බවත් නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදියකු බවත් පවසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ද සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වූ ඥානවිභාග ප්‍රවාදයක් බව කපිල පීරිස් මහතාටත් උදයසිරි වික්‍රමරත්න මහතාටත් අමතක වී ඇති බව පෙනෙයි.

නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය අනුව අප නිර්මාණය කරන දැනුම විඤ්ඤාණයට සාපේක්‍ෂ ය. විඤ්ඤාණය හට ගැනෙන්නේ අවිද්‍යාව හේතුකොට ගෙන ය. විඤ්ඤාණය යනු මායාවකි. නිවන් අවබෝධය යනු ඒ මායාව මායාවක් බව අවබෝධ කරගැනීම ය. නැතහොත් නිවන ද විඤ්ඤාණයට සාපේක්‍ෂ වන්නේ නම් හා නිවන් දැකීමෙන් පසුව ද විඤ්ඤාණය පවතින දෙයක් ලෙස සැලකෙන්නේ නම් නිවන් අවබෝධයෙන් පසුව ද අවිද්‍යාව වෙයි. ඒ පටිච්චසමුප්පදායට අනුව විඤ්ඤාණය හටගන්නේ ද අවිද්‍යාව හේතුකොටගෙන බැවිනි. බුදුන් වහන්සේ බුද්ධත්වයේ දී ලැබූ අවබෝධය කිසිම විඤ්ඤාණයකට සාපේක්‍ෂව ලත් එකක් නොව විඤ්ඤාණය මායාවක් බව අවබෝධ කරගැනීමෙන් ලද්දකි. කපිල පීරිස් මහතා අන්‍යාලාපයෙන් අසන්නේ භාවනා නොකර මා එවැනි නිගමනවලට පැමිණෙන්නේ කෙසේ ද යන්න ය. සමහර විට එය පසුගිය භවයන් හි දී භාවනා කිරීමෙන් මා ලත් දැනුමක් විය හැකි ය. ඒ එසේ නොවුවත් භාවනානුයෝගී පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපාණන් වහන්සේ ගේ නිවනේ නිවීම පෙත් පෙළෙහි ද එවැනි අදහස් දැකගත හැකි ය. නැති විඤ්ඤාණය නැති විඤ්ඤාණයක් බව අවබෝධ කරගන්නේ විඤාණයකින් නොවන බව නම් මට පැහැදිලි ය. එහෙත් එතැනින් එහාට යෑමට නම් භාවනාව අත්‍යවශ්‍ය වෙයි.

සංගත ආකෘති තැනීම පිලිබඳ ව ද කපිල පීරිස් මහතා ගරහයි. ඒ මහතාට ඇත්තේ නිවන් අවබෝධ කිරීමේ අවශ්‍යතාව පමණක් විය හැකි ය. එහෙත් මට නම් එයට අමතරව දේශපාලන අවශ්‍යතා ද වෙයි. ඒ දේශපාලන අවශ්‍යතා සඳහා නිවන කල්දැමීම ද මට ප්‍රශ්නයක් නො වේ. අද මුළු මහත් ලෝකය ම බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී ඇත. අපේ නිදහස සම්පුර්ණ වන්නේ අප බටහිර දැනුමෙන් ද නිිදහස් වූ විට ය. එහි දී අපි බටහිර දැනුම විවේචනය කිරීමටත් අපේ දැනුමක් නිර්මාණය කිරීමටත් මැදිහත් වෙමු. පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිස්සේ අප කළේ එයයි. අපි එහි සාර්ථකත්වය විශේෂයෙන් ම දේශපාලනයෙහි දී අත්දුටුවෙමු. එහෙත් තවදුරටත් කළ යුතු දෑ කිහිපයක් ඉතිරි වී ඇත. ඒ සම්පුර්ණ වන තුරු අපි අපේ ව්‍යායාමය අත් නො හරිමු. බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කපිල පීරිස් මහතා කතා කිරීමට පළමුව අප ඒ පිළිබඳ ව අපේ විවේචනය ඉදිරිපත් කර ඇති අතර රේ විජේවර්ධන මහතාගේ ගණයේ බටහිර විද්‍යාව පිළිගත් අය සමග ඒ පිළිබඳ නොයෙකුත් වර වාද කර ඇත්තෙමු. කපිල පීරිස් මහතා බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා අය සමග බටහිර විද්‍යාව විවේචනය කරමින් විවාදවලට එළඹි අවස්ථා ගැන අපි නො දනිමු. එහෙත් බටහිර විද්‍යාවේ අර්බුදය ගැන කතාකළ පළමු තැනැත්තා වීමට ඒ මහතාට අවශ්‍ය නම් එය ලබාගැනීම අපට ප්‍රශ්නයක් නො වේ.

එහෙත් කිවයුතු දෑ වෙයි. අප සංගත ව කරුණු ඉදිරිපත් කළ යුතු යැයි ද වියුක්ත ප්‍රවාද නිර්මාණය කළ යුතු යැයි කියන්නේ ද ඒ ඔස්සේ ඊනියා පරමාර්ථ සත්‍යයක් දැන ගැනීමට නොව එසේ නොමැතිව අද දවසේ බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම පරාජය කළ නොහැකි බැවිනි. එහෙත් අපේ වෑයම එයට පමණක් සීමා නො වේ. ඈත අතීතයේ සිට මිනිසුන් දෙවියන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත් බව අපි දනිමු. පැරණි සිංහලයෝ ද එසේ කළහ. ගැමුණු රජතුමා රුවන්වැලිසෑය නිර්මාණය කිරීමේ දී දෙවියන්ගෙන් දැනුම ලබා ඇත. අවුරුදු තුන හතරක කාලයක සිට අපි දෙවියන්ගෙන් ද දැනුම ලබාගනිමු. අප බොහෝ විට කියා ඇති පරිදි රජරට වකුගඩු රෝගය සම්බන්ධයෙන් අපට දැනුම ලැබී ඇත්තේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙනි. එමෙන් ම ගොවිතැනෙහි දී ද වෙදකමෙහි දී ද අපි දෙවිවරුන්ගෙන් දැනුම ලබමු. ඉදිරියෙහි දී වෙනත් කරුණුවල දී ද එසේ දැනුම ලබාගැනීමට අපේක්‍ෂා කරමු. ඒ ආධ්‍යාත්මික ව ලබාගන්නා දැනුමකි. භාවනානුයොාගීව ඒ දැනුම ලබාගැනීමට හැකි කිහිප දෙනෙකු ම පසුගිය අවුරුදු තුන ඇතුළත බිහි වී ඇත. එහෙත් ඒ දැනුම ද සංකල්පීය දැනුමක් බවත් එහි ඊනියා සාර්ථකත්වය ද සංගත වීම මත පදනම් වන බවත් අපි කියමු. ඇතැම් විට ආධ්‍යාත්මික ව ලබාගන්නා ලෞකික දැනුම සාර්ථකත්වයකට පත්වීමෙන් පසු අපේ දැනුම තාර්කිකව හා ඉන්ද්‍රියානුභූතව නිර්මාණය කිරීම අපට අත්හැරීමට හැකිවනු ඇත.

එහෙත් මෙහි දී අවධාරණය කළ යුත්තේ බටහිර විද්‍යාවේ මූලික ම අර්බුදය මනේන්ද්‍රිය මගහැරීම නොවන බව ය. එය ද එක් හේතුවක් වෙයි. එහෙත් ඒ අතර තවත් කරුණු බොහෝමයක් වෙයි. කපිල පීරිස් මහතා නොදනිතත් මේ කරුණු රාශියක් අපි සාකච්ඡා කර ඇත්තෙමු. මනස යොදා ගත්ත ද එයින් ඊනියා සත්‍යවූ දැනුමක් ලැබේ යැයි විශ්වාස නොකළ යුතු ය. අපට ලැබෙන්නේ අපේ කටයුතු සඳහා විශ්වාස කළ හැකි දැනුමක් පමණකි. මනස ඇතැයි සැලකුව ද නැත් ද ලෞකික වශයෙන් අපට ලැබෙන දැනුම හුදු සම්මුති දැනුමක් පමණකි. ඒ දැනුම ද මනසට සාපේක්‍ෂ වෙයි. එක් එක් අයගේ භාවනා ක්‍රම මත, විශ්වාස මත ඒ ඒ අයට සාපේක්‍ෂ දැනුම් ලැබෙයි. ඒ දැනුම් නිවන් අවබෝධය සමග පටලවා ගත යුතු නො වේ. නිවන සාපේක්‍ෂ වන්නේ කුමකට දැයි ඇසීම ම වැරදි ප්‍රශ්නයකි. නිවන යනු දැනුමක් නො වේ. නිවන් අවබෝධය යනු ගුරුත්වාකර්ෂණය අවබෝධ කර ගැනීම වැන්නක් නො වේ. නැති ගුරුත්වාකර්ෂණයක් ඇතැයි අප අවබෝධ කරගන්නේ අපේ මනස්වල ම ප්‍රශ්නයක් නිසා ය.

නිවන යනු දැනුමක් නොව සියළු ලෞකික දැනුම් නැති දැනුම් බව අවබෝධ කර ගැනීම ය. එය ඊනියා විඤ්ඤාණයක් මත පදනම් ව, ඊනියා විඤ්ඤාණයකට සාපේක්‍ෂව, දැන ගන්නක්වත් දැක ගන්නක්වත් නො වේ. එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම අවබෝධ කර ගැනීමකි. ඒ එකක්වත් සංකල්ප නො වේ. සංකල්පීය ලෝකය ශූන්‍ය වෙයි. මා සඳහන් කරන කරුණු කපිල පීරිස් මහතා විශ්වාස කරන බුදුදහමට පටහැණි වනවා විය හැකි ය. එහෙත් එපමණකින් මා බෞද්ධයකු නොවේයැයි කීමට ඒ මහතාට නො හැකි ය. ඒ මහතා නිවැරදි බුදුදහම දන්නේ යැයි ඒ මහතාට කිව හැකි ද? ඒ සඳහා ඇති මිනුම් දණ්ඩ කුමක් ද?

අද සිංහල බෞද්ධයනට විරුද්ධව බටහිර මතිමතාන්තර පුනරුච්චානය කරන පඬියන්ට මා ප්‍රශ්නයක් වී ඇත. කපිල පීරිස් මහතා දැනුවත් ව හෝ නො දැනුවත් ව හෝ ඔවුන්ට ආයුධ සපයයි. මා කපිල පීරීස් මහතා කියන පිරිසිදු බුද්ධාගමෙහි නොවන බව කීමෙන් ඉන් වාසි ගනු ඇත්තේ පඬියන් ය. ඔවුන් සිංහල බෞද්ධයනට කියනු ඇත්තේ මා අඩු තරමෙන් බෞද්ධයකුවත් නොවන කුහකයකු බව ය. එවිට සිංහල බෞද්ධ ජනතාව අතර මා නොපිළිගන්නා තත්වයකට පත්කර පාළුගෙයි වළං බිඳීමට ඔවුන්ට හැකිවනු ඇත්තේ තම කාර්යය ඉටු කිරීමෙන් පසු, එනම් මා බෞද්ධයකු නොවේ යැයි පඬියන් ද සමග එකතු වී මතයක් ඇති කිරීමෙන් පසු තවමත් කකුලක් මාක්ස්වාදයේ ගසාගෙන සිටින ව්‍යාජ ජාතිකවාදී පක්‍ෂයකට උඩගෙඩි දී කපිල පීරිස් මහතා ඔවුන් සමග හෝ පඬියන් සමග හෝ වාදවලට නොඑළඹෙන නිසා ය. කපිල පීරිස් මහතාගේ බුදුදහම සමග එකඟ නොවන්නන් විශාල ප්‍රමාණයක් ලංකාවේ ඇතත් කපිල පීරිස් මහතා ඔවුන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ කිසිවක් නො කියයි. ඔහුට ප්‍රශ්නය වී ඇත්තේ ඔහු ඇතැයි සිතන මනස මා නැතැයි කීම පමණක් ද?