Main Logo

Tuesday, 31 March 2015

ජාතික හෙළ උරුමය 19ට වගකිව යුතුයි

ජාතික හෙළ උරුමය 19ට වගකිව යුතුයි

ජාතික හෙළ උරුමයට පැහැදිලිව ම ප්‍රශ්නයක් ඇත. ඒ 2020 දී චම්පක රණවක ජනාධිපති කිරීම ය. ඔහු ජනාධිපති වන බව එක්තරා ජ්‍යෙතිෂවේදියකු පවසා ඇතැයි කියැවෙයි. එය ඇත්ත වුවත් නැතත් චම්පක ජනාධිපතිවන්නේ කිනම් පක්‍ෂයකින් තරග කර කිනම් පක්‍ෂවල ආධාරය ලබා ද යන ප්‍රශ්නවලට පිළිතුරු සපයාගත යුතුව ඇත. තරග කරන පක්‍ෂය කුමක් ද යන්න එතරම් වැදගත් නැත. වැදගත් වන්නේ කවුරුන් ආධාර කරන්නේ ද යන්න ය. 

ශ්‍රී ල නි ප ගුරු ගෝල කතාව (ඉරිදා දිවයින ලිපියකි)


ශ්‍රී ල නි ප ගුරු ගෝල කතාව

මේ ලිපිය ලියන්නේ රත්නපුර රැස්වීමට පෙර ය. රැස්වීමට සහභාගි වන මන්ත්‍රීවරුනට දඬුවම් කරන බව ශ්‍රී ල නි පක්‍ෂයේ නිලධාරීහු කියති. මෙවැනි ම වූ තර්ජනයක් මහනුවර පැවති රැස්වීමට පෙර ද කෙරිණි. එහෙත් තර්ජනය නොතකා මහජන නියෝජිතයෝ රැස්වීමට සහභාගි වූහ. එසේ සහභාගි වූවනට කළ දඬුවමක් ගැන අසන්නට නැත. යම් මණ්ඩලයකට නීති පැනවීමේ අයිතිය, දඬුවම් පැමිණවීමේ බලය ආදිය ලැබෙන්නේ එම මණ්ඩලයේ තීරණ මණ්ඩලයට යම් ආකාරයකට යටත්වන සාමාජිකයන් පිළිගන්නේ නම් පමණකි. අද ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය පක්‍ෂ සාමාජිකත්වය ය විසින් නො පිළිගැනෙයි. 

Monday, 30 March 2015

විග්නේස්වරන් හා සම්බන්දන්

විග්නේස්වරන් හා සම්බන්දන්

රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට  ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු තීරයට පැමිණෙන ඉන්දීය ධීවරයන්ට වෙඩි තබන බවට ප්‍රකාශ කළේ ය.

විපක්‍ෂ නායකයාට එරෙහිව විනයානුකූල පරීක්‍ෂණයක් (ඉරිදා රිවිර ලිපියකි)

විපක්‍ෂ නායකයාට එරෙහිව විනයානුකූල පරීක්‍ෂණයක්   

අප රටේ උගතුන්ගේ ප්‍රධාන ප්‍රශ්නය වී ඇත්තේ ප්‍රශ්නයක මුලට යෑමට නොහැකි වීම ය. නිරවුල් ව සිතීමට නොහැකි වීම එහි දී බලපාන වැදගත් සාධකයක් වෙයි. උගතුන්ට ඒ ඒ ක්‍ෂෙත්‍රවල යම් දැනුමක් ඇත. එහෙත් කිසිම ප්‍රශ්නයක හරය තේරුම් ගැනීමට ඔවුන්ට නො හැකි ය. උදේ සවස බුදුදහම මෙනෙහි කරන රටක එසේ වී ඇත්තේ ඇයි ද යන්න ද ප්‍රශ්නයකි. බුදුන්වහන්සේ කිසි දිනෙක බටහිර අර්ථයකින් ඊනියා ප්‍රවාද ගොඩ නො නැගූහ. එනම් උන්වහන්සේ තියරි කාරයෙක් නො වූහ. බටහිර විද්‍යාවෙහි මෙන් නොව වියුක්ත ප්‍රවාද බුදුන්වහන්සේගේ දේශනාවල අඩංගු නො වී ය. 

Sunday, 29 March 2015

සම්බන්දන් විපක්‍ෂ නායක පදවියට

සම්බන්දන් විපක්‍ෂ නායක පදවියට

දැනට තිබෙන තත්ත්වය  අනුව අප්‍රේල් 7 වැනි දා වන විට කතානායකවරයා විපක්‍ෂ නායක ලෙස කෙනකු පත් කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් නම් තුනක් කියැවෙයි. ඒ දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා හා ආර් සම්බන්දන් ය. පළපුරුද්ද හා සුදුසුකම් අතින් නම් අනෙක් දෙදෙනාට දිනේෂ් ගුණවර්ධනට තරගයක් දිය නො හැකි ය.

Saturday, 28 March 2015

විග්නේස්වරන් එන්නේ මොකාට ද?


විග්නේස්වරන් එන්නේ මොකාට ද?

කොළඹ ඉගෙනගත් වෙල්ලායන් තරම් සිංහලත්වයට එරෙහිව දෙමළ ජාතිවාදය පෝ’ෂනය කරන පිරිසක් තවත් නැත. 1833 දී  මෙරට දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කිරීම සඳහා ඉංගිරිසිහු ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ප්‍රභූන් යොදාගත්හ. ඔවුන් අතර ද ප්‍රධාන වූවෝ කොළඹ උසස් යැයි සම්මත පසල්වල ඉගෙන ගත් අය ය. ඉංගිරිසින් බර්ගර්වරුන්ට පසුව රටේ නායකත්වයට පත්කිරීමට බලාපොරොත්තු වූයේ ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් දෙමළ වෙල්ලාලයන් ය. එකී වෙල්ලාලයෝ ද සිංහල නායකයන් පරදවා රටේ ම නායකත්වයට පත්වීමට කටයුතු කළහ.

Friday, 27 March 2015

රනිල් හා උතුරේ ප්‍රශ්නය

රනිල් හා උතුරේ ප්‍රශ්නය

රනිල් සිරිසේන නීත්‍යානුකුල නොවන ආණ්ඩුවේ ඇමතිවරු දැන් නිතර උතුරු පළාතට, විශේෂයෙන් ම යාපනයට යති, එති. එහි වරදක් නැත. ඔවුන් එහි යන්නේ දුම්රියෙන් ද බසයෙන් ද මෝටර් කාරයෙන් ද ගොඩින් ද උඩින් ද මුහුදෙන් ද යන්න නිල ප්‍රවෘත්ති ප්‍රකාශවල සඳහන් නො වෙයි. සමහර විට ඒ ජනතාව දැනගත යුතු තොරතුරක් නො විය හැකි ය. එවිට දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුවත් අපට එය දැනගැනීමට නොහැකි වනු ඇත.