Main Logo

Tuesday, 30 June 2015

මෛත්‍රීට නො රුවටෙනු

මෛත්‍රීට නො රුවටෙනු

මහින්ද රාජපක්‍ෂ රැ වැටුණු වළේ දවල් වැටෙන්නට යන බව පැහැදිලි ය. වාර්තාවන අන්දමට මහින්දට මැතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයෙන් තරගකිරීමට ඉඩදීමට මෛත්‍රිපාල කැමති වී ඇත. එහෙත් අගමැතිකම දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.  ශ්‍රී ල නි පක්‍ෂයේ ඇතැමකු එයට කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූවාට පසු මහින්දට අගමැතිකම ලබා ගත හැකි ය යන්න ය. 

මහින්ද විරෝධී කණ්ඩායම

මහින්ද විරෝධී කණ්ඩායම

අද හෙට වන විට මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම කාහටත් පෙනෙන පරිදි වෙන් වනු ඇත. ජනවාරි 8 වැනි දා මහින්දට විරුද්ධව ශ්‍රී ල නි පක්‍ෂයේ ද ජාතික හෙළ උරුමයේ ද වෙල් විදානේගේ පක්‍ෂයේ ද සැලකිය යුතු කොටසක් විය. මෛත්‍රිපාල සිරිසේන ඔවුන්ට නායකත්වය දුන්නේ ය. ජනවාරි 8 වැනි දාට පසු පිහිටුවන ලද පික්පොකට් ආණ්ඩුවේ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් ලබාගත්තෝ ඔවුන් අතර වූහ. ඉන්පසුව ද සමහරු සිංගප්පූරු ගොස් මහින්ද විරෝධී කණ්ඩායමට එකතු වූහ. මහින්ද විරෝධී කණ්ඩායම මුළුමනින් ම මෙහෙයවන ලද්දේ බටහිරයන් හා ඉන්දීයයන් විසිනි. මහින්ද විරෝධී ඊනියා ජාතිකත්ව කණ්ඩායම ක්‍රියාත්මක වූයේ පාර්ලිමේන්තුවේ පමණක් නො වේ. ඉන් පිටත ද විශේෂයෙන් ම ඉන්දීය ඒජන්තයෝ වූහ.

Monday, 29 June 2015

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

ජනතාව කෝප් වාර්තාව දැන ගත යුතුයි

කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. එය අනුකමිටුවක වාරාතාවක් ය, අනුකමිටුවකට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නොහැකි ය ආදී වශයෙන් විවිධ කතා පැතිරී යමින් පවතියි. එහෙත් ඒ සියළු කතා බයිලා පමණ ය. එ ජා ප භාරකාර ඇමතිවරුන්ගේ, නියෝජ්‍ය ඇමතිවරුන්ගේ බයිලා වලින් අපට වැඩක් නැත. පාර්ලිමේන්තුව අදාළ වාර්තාව සලකා බැලීම සඳහා පිළිගෙන ඇත. ජූලි 07 වැනි දා හෝ ඒ ආසන්නයේ හෝ වාර්තාව ගැන යම් සකච්ඡාවක් කිරීමට ද පාර්ලිමේන්තුවේ එකඟතාවක් තිබී ඇත. එසේ තිබිය දී වාරාතාවේ නිල තත්ත්වය පිළිබඳ ඇතැම් භාරකාර නියෝජ්‍ය ඇමතිවරුන් බයිලා කීම කණගාටුදායක ය. 

සියලු විජාතික ගැත්තන් පරාජය කරමු (ඉරිදා රිවිර ලිපියක සුළු සංස්කරණයකි)

සියලු විජාතික ගැත්තන් පරාජය කරමු

මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු දේශපාලනඥයන් අතර ද සිටින අවස්ථාවාදියා වෙයි. භික්‍ෂූන් වහන්සේ හිසින් පාර්ලිමේන්තුවට ගිය ඔහු අද නැවතත් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා කරා ඒමට උත්සාහ කරයි. මහින්දට දේශපාලනය අහිමි කරන බවට වහසි බස් දෙඩූ මොහු සංධානයක හතර මායිමට වද්දා නොගත යුතු පුද්ගලයෙකි. රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමට ඔහු උනන්දුවක් දැක්වූයේ ම තම ජනාධිපති ඉලක්කය කරා යෑමට ය. 

Sunday, 28 June 2015

කෝප් වාර්තාව යටගැහීම

කෝප් වාර්තාව යටගැහීම

අර්ජුන් මහේන්ද්‍රන් ආපසු සිංගප්පූරුවට ගොස් ඇතැයි වාර්තා වෙයි. එය සත්‍යයක් දැයි නිසැකව ම කිව නො හැකි ය. ඒ එසේ වුවත් නැතත් ඔහු කෝප් විමර්ෂණයෙහි දී කීවේ කුමක් දැයි දැනගැනීමේ අයිතිය ජනතාව වන අපට තිිබිය යුතු ය. ඊනියා තොරතුරු දැනගැනීමට ඇති අයිතිය පාර්ලිමේන්තුවේ සම්මත නොවූ බව වෙනත් කරුණකි. කෝප් වාර්තාව දැනගැනීමේ අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන්  ජනතාවට නැති කිරීමට ඉඩ දිය යුතු ද? 

රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

රනිල් තිස්වැනි වතාවටත් සැරසෙයි

රනිල් වීක්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂට අභියෝගයක් කර ඇත. හැකි නම් අගමැති ධුරයට ඉදිරිපත් වී ජයගන්නා ලෙස ඔහු මහින්දට කියයි. ඔහු නැවතත් රාජපක්‍ෂ රෙජිමය පිළිබඳ කතාව ඇද ගනියි. රාජපක්‍ෂලා ගෙදර යවන බවට ඔහු බෙරිහන් දෙයි. ඔහුට රාජපක්‍ෂලා ගැන ඇත්තේ වෛරයකි. එය පෞද්ගලික වෛරයක් නො වේ. ඔහුට එවැනි වෛරයක් චන්ද්‍රිකා සමග නැත. ඔහු මහින්ද ගෙදර යැවීමට චන්ද්‍රිකා සමග ද එකතු වෙයි. ඔහු ඇගේ වෛරය ගැන නොදන්නවා නො වේ. අද දවසේ ඇගේ වෛරය මෙන් ම ඔහුගේ වෛරය ද මහින්ද රාජපක්‍ෂ කෙරෙහි යොමු වෙයි.

Saturday, 27 June 2015

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට

මහින්ද ශ්‍රී ල නි ප නායකත්වයට 

ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ල නි ප සභාපතිත්වය අත්හැරියේ ය. එයට හේතු ගණනාවක් තිබිණි. ශ්‍රී ල නි ප උඩින් දෙකඩ වී තිබිණි. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් එ ජා ප සමග සන්ධානයකට සූදානම් වූහ. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂ ලේකම් ධුරය අත්හැර වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි ප ප්‍රධාන සංධානයේ අපේක්‍ෂකයා පරදවා තිබිණි. ශ්‍රී ල න ි ප පාර්ලිමේන්තු කණ්ඩායමේ මහින්දට වඩා මෛත්‍රිපාලට කැමැත්තක් විය. වෙනත් වචනවලින් කිවහොත් පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම මහින්ද කණ්ඩායමට වඩා බලවත් විය.