Main Logo

Tuesday 1 March 2011

ක්වොන්ටම් අංශු දැකීම

බටහිර රසායන විද්‍යාව හා ජෛවීය විිද්‍යා පමණක් නොව බටහිර භෞතික විද්‍යාව හා ගණිතය ද බටහිරයන්ට අනුව නිරපෙක්‍ෂ වාස්තවික දැනුමක් ලබා දෙයි. ඒ සාපෙක්‍ෂ දැනුමක් ලෙස බටහිරයෝ නො සලකති. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙි දී එහි ඊනියා නිරපෙක්‍ෂ බව පසාරු කෙරෙමින් සාපෙක්‍ෂ බව මතුවෙයි. ගණිතයේ දී එය එතරමි පැහැදිලි නොවන්නේ එය වඩාත් වියුක්ත බැවිනි. අවට ලෝකය පිළිබඳ දැනුමක් ගොඩනැගීම ගණිතයේ අරමුණ නො වෙි. ගණිතයෙහි සාපෙක්‍ෂ බව දැනගත හැකිවන්නේ ස්වසිද්ධි විශ්ලේෂණය කිරීමෙනි.

අයින්ස්ටයිනීය සාපෙක්‍ෂතාවාදය ඉදිරිපත් කෙරුණේ ලෝකය පිළිබඳ දැනුම සාපෙක්‍ෂ බව කීමට නො වෙි. අයින්ස්ටයින් විද්වතා තරමි නිරපෙක්‍ෂවාදියකු යථාර්ථවාදියකු පසුගිය සියවසේ නොසිටින්නට ඇත. ඔහු අපෙන්, එනමි නිරීක්‍ෂකයාගෙන්, තොරව පිහිටි ලෝකයක් ගැන විශ්වාස කළේ ය. ඔහු ක්වොන්ටමි භෞතික විිද්‍යාව පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළේ එය යථාර්ථවාදී නොවෙි යැයි ප්‍රකාශ කරමිනි. එහි දී ඔහු බෝර් විද්වතාට විරුද්ධව යමින් නිරීක්‍ෂකයකු මැදිහත් වී ක්වොන්ටමි පද්ධතීන්ට අගයන් ලබාදෙන්නේ යැයි පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළේ ය.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි ද නිරීක්‍ෂකයකු මැදිහත් වීමකින් තොරව වෙනස්කමි සිදුවෙයි. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාව පිළිබඳ විවරණ ලබාදුන් නීල්ස් බෝර් පඬිවරයා ඇතුළු බටහිර විද්‍යාඥයන්ට යමි වරදක් සිදු වී ඇති බව පැහැදිලි ය. මෙි වරදට හේතුව බටහිර ඉන්ද්‍රියානුභූතිිවාදයේ (positivism) බලපෑම ය. මම ද කලක් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි නිරීක්‍ෂකයකුගේ මැදිහත්වීම පිළිගත්තෙමි. එහෙත් නිරීක්‍ෂකයන්ගෙන් තොරව ද වෙනස්වීමි සිදුවන බව පසුව මට වැටහිණි. අවශ්‍ය වූයේ ඒ වෙනස්වීමි නිවිටෝනීය භෞතික විද්‍යාවෙහි සිදුවිණි ද, අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි සිදුවිණි ද, ක්වොන්ටමි භෞතික විිද්‍යාවෙහි සිදුවිණි ද, ඒවාට අරුත් දෙනු ලබන්නේ නිරී’ක්‍ෂකයන් විසින් බව තේරුමි ගැනීම ය. එලෙස තේරුමි ගත්විට ක්වොන්ටමි භෞතික විද්‍යාවෙි පමණක් නොව නිවිටෝනීය භෞතික විද්‍යාවෙි දී ද නිරීක්‍ෂකයාගේ මැදිහත්වීමක් ඇති බව පෙනී යයි. නිරීක්‍ෂකයකු තේරුමි ගන්නේ, අරුත් දෙන්නේ ඔහුට සාපෙක්‍ෂව ය.

එපමණක් නොව වෙනස යන්න තේරුමි ගන්නේ ද නිරීක්‍ෂකයන්ට සාපෙක්‍ෂව ය. වෙනස්වන යමක් පවතී ද යන මූලික ප්‍රශ්නය ගනිමු. පුටුවක් වෙනස් වෙයි, දිරාපත් වෙයි ආදී වශයෙන් කීමෙි දී වෙනස්වන පුටුවක් ඇති බව උපකල්පනය කෙරෙයි. එහෙත් එලෙස වෙනස්වන පුටුවක් ඇතැයි සැලකීම සිංහල බෞද්ධයනට අනුව නමි ආත්මවාදී ය. වෙනස්වන්නක් නැතිව වෙනස්වීම පිළිබඳ ව අනුරාධපුර යුගයේ මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා තේරුමි ගෙන සිටිය හ. වස්තු අංශු ආදිය ඇතිවී නැතිවී යයි. අංශුවක් නැතිවන්නේ වෙනත් අංශුවක් පහළ කරමිනි. එසේ පහළ වන අංශුව කලින් තිබී නැතිවූ අංශුව නො වෙි. එය වෙනත් අංශුවක් වන්නේ ද නො වෙි.

බොහෝ අය වෙනස්වන වස්තුවක් ඇතැයි සලකති. එහෙත් සිංහල ථෙරවාදී බෞද්ධයනට අනුව වෙනස්වීම පිටුපස, එසේත් නැත්නමි වෙනස්වන, වස්තුවක් නැත. එසේ වෙනස්වන වස්තුවක් ඇතැයි ගැනීම ආත්මවාදී වෙයි. ආත්මවාදී නොවීම සඳහා ජීවාත්මවාදී නොවීම ප්‍රමාණවත් නො වෙි. ජීවාත්මවාදී නොවී ද ආත්මවාදී විය හැකි ය. පුටුවක්, මෙිසයක් වැනි වස්තු ඇතැයි ගැනීම ද ආත්මවාදී වෙයි. එය ධර්මාත්මවාදී යැයි නාගර්ජුනපාදයන් වහන්සේ අනුගමනය කරමින් අපි කියමු. මෙි කරුණෙහි දී නාගර්ජුනපාදයන් වහන්සේ අනුගමනය කිරීම නිසා යමකු මාධ්‍යමිකවාදියකු වන්නේ නො වෙයි. ඇතැමි උගත් සිංහල ථෙරවාදී බෞද්ධයෝ ඊනියා මාධ්‍යමිකවාදයක් අනුගමනය නොකරන්නේ යැයි පවසමින් එවැනි වස්තු ක්‍ෂණයකට පවතින්නේ යැයි කියති. එහෙත් මෙි ක්‍ෂණය කුමක් දැයි ඔවුහු නො කියති.

ක්‍ෂණය යන්න අර්ථදැක්විය හැක්කේ වෙනස්වීම මුල් කරගෙන ය. ඒ හේතුව නිසා ම ක්‍ෂණය මුල් කරගෙන වෙනස්වීමක් ගැන කතාකිරීමට නොහැකි යැයි මම නො කියමි. චක්‍රීය චින්තනයක එසේ කිව නො හැකි ය. එහෙත් එවිට ක්‍ෂණය හා වෙනස්වීම අතර සමිබන්ධය තේරුමි කර දිය යුතු ය. ඇතැමි සිංහල ථෙරවාදී බෞද්ධ යැයි කියාගන්නා අය ඊනියා පරමාර්ථ ධර්මවල එල්ලී මෝහාන්ධකාරයෙහි ගිලී සිටිමින් නිවන හැරෙන්නට අනෙක් පරමාර්ථ ධර්ම ද සාපෙක්‍ෂ බව, මනසට සාපෙක්‍ෂ බව, තේරුමි නො ගනිති. ඔවුහු ඒ පරමාර්ථ ධර්මවල එල්ලී එහි සාපෙක්‍ෂතාව නො දකිති.

බටහිරයන්ට ප්‍රශ්නය වී ඇත්තේ වෙනස්වන දෙයක්, වස්තුවක්, අංශුවක් නොමැතිව වෙනස්වීම යන්න තේරුමි ගැනීමට නොහැකිවීම ය. ඉංගිරිසි් භාෂාව නාම පද මුල්කරගත් භාෂාවකි. සිංහලය ක්‍රියා පද මුල්කරගත් භාෂාවක් වෙයි. ඒ කෙසේ වෙතත් වෙනස්වීම පවා තේරුමි ගැනීමෙි දී සියල්ලන්ට පොදු වූ ක්‍රමයක් නොමැති බව පැහැදිලි කරගත යුතු ය. වෙනස්වීම පිළිබඳව ද විවිධ අර්ථකථන වෙයි. සිංහල ථෙරවාද බෞද්ධයන් වෙනස්වන වස්තුවක් ඇතැයි නොගෙන වෙනස්වීම තේරුමි ගන්නා අතර වෙනත් අය වස්තුවක වෙනස්වීම ගැන කතා කරති.

ක්වොන්ටමි අංශුවල වෙනස්වීම ගැන කතාකිරීමට බටහිරයන් එළඹෙන්නේ ම එවැනි අංශු පවතින්නේ ය යනුවෙන් ගැනීමෙනි. නිවිටෝනීය අංශු සමිබන්ධයෙන් ද මෙි කරුණ අරභයා වෙනසක් නැත. එහි දී ද වෙනස්වන අංශු පවතින්නේ යැයි ගැනෙයි. එසේ නමි ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් වෙනසක් ඇතිවන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුවක් වනුයේ ක්වොන්ටමි අංශු මිනිසුන්ගේ පංචෙන්ද්‍රියන්ට ගොදුරු නො වීම ය. මා ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝන ඉල්ලා සතියකට වඩා ගත වී ඇති නමුත් තවමත් කිසිම බටහිර විද්‍යාඥයකු එවැනි ඉලෙක්ට්‍රෝන පිළිබඳ හෝඩුවාවක්වත් දන්වා එවා නැත.

ඉන්ද්‍රිය ගෝචර නොවන අංශුවල පිහිටීම ගැන කිවහැක්කේ කුමක් ද? පුටු, බිලියඩි බෝල වැනි ඉන්ද්‍රිය ගෝචර වස්තවල පිහිටීම අපට, එනමි මිනිසුන්ට, මිනිසුන්ගේ වැනි ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය හා මනස) ඇති සතුන්ට, දැනගත හැකි ය. එසේ එක් තැනක පිහිටි වස්තුවක් තවත් තැනකට ගමන් කරනු ද අපට දැකිය හැකි ය. ඒ චලනය අපේ ඇස්වලට දැකගත හැකි ය. චලනය නැවතීමෙන් පසුව අංශුව වෙනත් ස්ථානයක පිහිටන බව ද අපට දැකගත හැකි ය. එපමණක් නොව අංශුව මුල් ස්ථානයේ සිට දෙවැනි ස්ථානයට ගමන් කරන අතර (චලනය වන අතර) අංශුව විසින් පසුකෙරෙන අනෙක් ස්ථාන ද අපට දැකගත හැකි ය. එබැවින් අංශුවල, වස්තුවල පැවැත්ම ගැන දාර්ශනික අර්ථයකින් මිස සමිමුති අර්ථයකින් අපට ප්‍රශ්න නැත.

එහෙත් ක්වොන්ටමි අංශු එසේ නො වෙි. ඒවා ගැන අප දැනගන්නේ ඒ අංශු වෙනත් වස්තු සමග ඇතිකරන ප්‍රතික්‍රියා හේතුකොටගෙන ය. පුටුවක්, බිලියඩි බෝලයක් මෙන් සෘජුව ඒ දැනගැනීමට ක්‍රමයක් නැත. ක්වොන්ටමි අංශු පවතින බව සෘජුව ඉන්ද්‍රිය ගෝචර ව දැනගත හැකි නො වෙි. මෙයින් කියැවෙනුයේ පුටු, බිලියඩි බෝල ආදිය වාස්තවික ව යථාර්ථවාදීව නිරපෙක්‍ෂ ව පවතින බව නො වෙි. එහෙත් ඒ වස්තු අපට සෘජුව සංජානනය වෙයි. එහි දී වැඩිදුරටත් කිවයුත්තේ සංකල්පනයක් (conception) නොමැතිව සංජානනයක් (perception) ඇති නොවන බව ය.

ඉලෙක්ට්‍රෝන වැනි ක්වොන්ටමි අංශු ගැන අප සංකල්ප ඇති කරගන්නේ ඒ අංශු වෙනත් පද්ධතීන් සමග ඇති කරන ප්‍රතික්‍රියා මගිනි. එහි වරදක් ඇතැයි මම නො කියමි. මෙහි දී ද අවධාරණය කළ යුතු වන්නේ සංකල්පනයක් නොමැතිව සංජානනයක් ඇති නොවන බව ය. ක්වොන්ටමි අංශුවක පිහිටීම අපට වෙනත් උපකරණයක් යොදා ගැනීමෙන් පමණක් “දැකගත” හැකි ය. අපට දළ සේයා පටයක් වැන්නක් යොදා ගැනීමෙන් ඉලෙක්ට්‍රෝනයක් දැකගත හැකි ය. ඉලෙක්ට්‍රෝනය සේයා පටය සමග ප්‍රතික්‍රියා කර සේයා පටයෙහි යමි ප්‍රතිබිමිබයක් නිර්මාණය කරයි. අපි ඒ ප්‍රතිබිමිබය ඉලෙක්ට්‍රෝනයක් නිසා ඇති වන්නක් ලෙස හඳුනාගනිමු.

දැන් ප්‍රශ්නය වනුයේ සේයා පටය නොමැති නමි අපට ඉලෙක්ට්‍රෝනයක් ඇති බව දැනගත නො හැකි ද යන්න ය. සේයා පටයක් හෝ වෙනත් එවැන්නක් නොමැතිව ඉන්ද්‍රිය ගෝචරව, එනමි පංචෙන්ද්‍රියන්ට පමණක් සීමා වී ඉලෙක්ට්‍රෝනයක් ගැන දැනගැනීමෙි හැකියාවක් නැත. එහෙත් එයින් අදහස් කරන්නේ දියුණු කරන ලද මනසකට එවැනි උපකරණයක් (සේයා පටය ද උපකරණයක් ලෙස සැලකෙයි) නොමැතිව ඉලෙක්ට්‍රෝනය “දැකගත” නොහැකි බව නො වෙි. මනස එවැනි අවස්ථාවල අනෙක් ඉන්ද්‍රියන්ගෙන්, එනමි පංචෙන්ද්‍රියන්ගෙන් ස්වාධීන ව ක්‍රියාකරන අතර එය සුපුරුදු පරිදි සංකල්ප ද තනයි. මෙහි දී අවධාරණය කළ යුත්තක් නමි මනස විසින් පමණක් ග්‍රහණය කරන ලද්දේ වුව ද එහි නිරපෙක්‍ෂ බවක්, යථාර්ථවාදී බවක්, වාස්තවික බවක් නැති බව ය. පංචෙන්ද්‍රිය සමග එකතු වී හෝ නොවී හෝ සංකල්ප තනන්නේ මනස ය. ඒ සියළු සංකල්ප සාපෙක්‍ෂ සමිමුතීන් මිස නිරපෙක්‍ෂ පරමාර්ථ නො වෙි.

ඉලෙක්ට්‍රෝනය (ක්වොන්ටමි අංශුව) සේයා පටය සමග ගැටී එහි ප්‍රතිබිමිබයක් සෑදීමට පෙර ඒ ගැන කිව හැක්කේ කුමක් ද? එය සේයා පටයේ අහවල් තැන ගැටෙිවි යැයි අපට කිව හැකි ද? ඉලෙක්ට්‍රෝනය සේයා පටයේ ගැටීමට පෙර අපට කිව හැක්කේ ඉලෙක්ට්‍රෝනය පිහිටි තැනක් අප නොදන්නා බව ය. ඉලෙක්ට්‍රෝනයට යමි ප්‍රවෙිගයක්, ගම්‍යතාවක් ඇති බව අපි දනිමු. ඒ ඉලෙක්ට්‍රෝනයට යමි ශක්තියක් තිබෙන බැවිිනි. ඉලෙක්ට්‍රෝනය සේයා පටය සමග කිනමි ලක්‍ෂ්‍යයක දී ගැටෙි දැයි අපට කිව නොහැක්කේ එහි ගම්‍යතාව (ප්‍රවෙිගය) දැනගෙන සිටිය ද ඉලෙක්ට්‍රෝනය පිහිටි තැන නොදන්නා බැවිනි. ඉලෙක්ට්‍රෝනයේ ගම්‍යතාව ද පිහිටීම ද දැන සිටියේ නමි ඉලෙක්ට්‍රෝනය යමි මොහොතක යමි ලක්‍ෂ්‍යයක දී යමි දිශාවකට යමි වෙිගයකින් චලනය වන බව අපට කිව හැකි ව තිබිණි. එවැනි අවස්ථාවක ඉලෙක්ට්‍රෝනයෙහි පථය දන්නා බැවින් එය සේයා රුවෙහි කොතැනක දී ගටෙිවි දැයි කල් ඇතිව කීමට තිබිණි. නිවිටෝනීය භෞතික විද්‍යාවෙහි මෙන් ම අයින්ස්ටයිනීය භෞතික විද්‍යාවෙහි දී ද සිදුවන්නේ එයයි.

එහෙත් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් එවැන්නක් කිව නො හැකි ය. ඉන්ද්‍රිය ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන වැනි අංශුවල පිහිටීම සේයා රුවක් වැනි “උපකරණයක්” නොමැතිව දැනගත නො හැකි ය. එහි ශක්තිය, ගම්‍යතාව ගැන දැනගන්නේ ද යමිකිසි උපකරණයක ආධාරයෙනි. එයට හේතුව සෘජුව ඉලෙක්ට්‍රෝනයක ගම්‍යතාව දැනගැනීමට ඉන්ද්‍රිය ගෝචර ඉලෙක්ට්‍රෝනයක් නොමැති වීම ය. අප ඉලෙක්ට්‍රෝන විදීමට යොදාගන්නා උපකරණය මගින් මෙහි දී ඉලෙක්ට්‍රෝනයෙහි ගම්‍යතාව දැනගත හැකි වෙයි. එබැවින් ම අනිශ්චය මූලධර්මයට අනුව ද අපි ඒ ඒ කාලයෙහි දී එහි පිහිටීම නො දනිමු. අපට කිවහැකි වන්නේ ඉලෙක්ට්‍රෝනය යමි ස්ථානයක තිබීමට අසවල් සමිභාවිතාවක් ඇති බව ය.