Main Logo

Saturday 12 March 2011

විද්‍යාලංකාර විවරණය

අපි සාපේක්‍ෂතාවාදීහු වෙමු. අපේ සාපේක්‍ෂතාවාදය ගොඩනැගීමට ක්වොන්ටමි භෞතික විද්‍යාව මුල දී ඉහවල් වූ බව සැබෑ ය. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාව නැතිව වුව ද සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩ නැගිය හැකි ය. එය එසේ නොවී නමි පමණක් එය පුදුමයට කරුණක් වීමට තිබිණි. ක්වොන්ටමි භෞතික විද්‍යාව නොමැති ව සාපේක්‍ෂතාවාදී දර්ශනයක් ගොඩ නැගීමට නොහැකි නමි හා යමි අයුරකින් මෙි වන විට ද ක්වොන්ටමි භෞතික විද්‍යාවක් බිහි නොවී තිබිණි නමි සාපේක්‍ෂතාවාදී දර්ශනයක් මෙකල ගොඩ නැගීමට නොහැකි වීමට තිබිණි. එහෙත් ඒ එසේ වන්නේ නො වෙි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙි දී කෝපන්හේගන් විවරණය මගින් නිරීක්‍ෂකයාගේ කාර්යභාරය වැරදියට තේරුමි ගනු ලැබ ඇති බව පැහැදිලි ය. යමි නිරීක්‍ෂකයකු, එනමි විඤ්ඤාණයක් සහිත නිරීක්‍ෂකයකු, නොමැතිව අප යමි ගුණයක අගය මැනගෙන ඇති විට ඒ ගුණයෙහි ප්‍රතිබද්ධයෙහි (කලින් ද කියා ඇති පරිදි, උදාහරණයක් ලෙස පිහිටුම යන ගුණයේ ප්‍රතිබද්ධය ගම්‍යතාව වෙයි) අගය ගැන කිසිවක් කීමට නොහැකි ය යන්න ක්වොන්ටමි භෞතික විද්‍යාවෙනි එන අනිශ්චය මූල ධර්මයෙන් කියැවෙයි. කෝපන්හේගන් විවරණය ඇරඹෙන්නේ මෙය පදනමි කරගනිමිනි. ඊනියා යථාර්වාදීහු ද තම විරෝධතා පටන් ගන්නේ ද අනිශ්චය මූල ධර්මයෙනි. ඔවුහු ඒ ප්‍රතික්‍ෂෙප කරති.  ක්වොන්ටමි භෞතික විද්‍යාව සමිබන්ධයෙන් ගත්කල විද්‍යාලංකාරයේ අපි අනිශ්චය මූලධර්මයට පිටු නො පාමු. එහෙත් කෝපන්හේගන් විවරණය පසුපස නො යමු.

අනිශ්චය මූල ධර්මය පදනමි කරගන්නා කෝපන්හේගන් විවරණයෙන් ප්‍රධාන කරුණු දෙකක් ඉදිරිපත් කෙරෙයි. කලින් සඳහන් කළ ආකාරයට අනිශ්චය මූලධර්මයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන කිසිවක් කීමට නො හැකි ය. කෝපන්හේගන් විවරණයට අනුව එයින් කියැවෙන්නේ ප්‍රතිබද්ධ ගුණයට කිසිම අගයක් නැති බවත් ඒ නිසා එවැනි අගයක් දැනගත නොහැකි බවත් ය. අගයක් නැත්නමි එලෙස අගයක් දැන ගැනීමට නොහැකි බැවින් එහි ගැටළුවක් නැත. එහෙත් කිසිම අගයක් නැතැයි කීම උපකල්පනයකට වැඩි දෙයක් නො වෙි. අයින්ස්ටයින් විද්වතා ඇතුළු ඊනියා යථාර්ථවාදීන්ට අනුව ප්‍රතිබද්ධ ගුණයට යමි නිශ්චිත අගයක් තිබිය යුතු ය. එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙන් ඒ අගය ගැන කිසිවක් නො කියැවෙන බැවින් ඔවුන්ට අනුව එපමණට ක්වොන්ටමි භෞතික විද්‍යාව දැනුමි පද්ධතියක් ලෙස අසමිපුර්ණ ය.

පසුගිය ලිපියේ සඳහන් කෙරුණු ඊපිආර් විසංවාදයෙන් කෙරෙනුයේ එලෙස අගයක් ඇති බවත් එය දැනගත හැකි බවත් එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙන් එයට පටහැණිව අනිශ්චය මූල ධර්මයක් ඉදිරිපත් කෙරෙන බවත් පෙන්වීමත් ය. බෝර් විද්වතා තමාට සුපුරුදු ආකාරයට අංශු දෙකම සමස්ත පද්ධතියක් ලෙස සැලකීමෙන් ඒ විසංවාදය සමනය කළේ ය. ඊනියා යථාර්ථවාදීන් ස්ථානීය යථාර්ථයක් ගැන කී දේ එමගින් ප්‍රතික්‍ෂෙප වූයේ ස්ථානීය යථාර්ථයක් පිළිබඳ ප්‍රශ්නය දර්ශනයෙන් බටහිර භෞතික විද්‍යාවට අත්පත් කරගනිමිනි. එහෙත් මෙරට භෞතික විද්‍යාඥයන් හෝ ඊනියා දාර්ශනිකයන් යැයි තම තමන් හඳුන්වාගන්නන් හෝ මෙි බව නොදන්නා බව ඔවුන් කියන කරන දෙයින් පැහැදිලි වෙයි. මෙරට ඊනියා යථාර්ථවාදීහු බොහෝ විට බටහිර භෞතික විද්‍යාව නොදනිතත් ඒ විද්‍යාවට ඇළුමි කරති. එය අගය කරති. එහෙත් ඔවුන් නොදන්නා කරුණ නමි 1982 දී ඇස්පෙ නමි ප්‍රංශ භෞතික විද්‍යාඥයා විසින් කරන ලද පරීක්‍ෂණයෙන් ඊනියා ස්ථානීය යථාර්ථවාදයට මරණීය පහරක් එල්ල වූ බව ය. ඒ මළකඳ නැගිටුවීමට මෙරට ඊනියා යථාර්ථවාදීන්ට නමි කෙසේවත් කළ නොහැකි කාර්යයකි. ඔවුන්ට කළ හැක්කේ මළකඳ කරගසාගෙන යෑම පමණකි.

බටහිර යථාර්ථවාදී භෞතික විද්‍යාඥයන් අනිශ්චය මූල ධර්මයට හා ක්වොන්ටමි භෞතික විද්‍යාවට එල්ල කළ අභියෝග ඇස්පෙ පරීක්‍ෂණයෙන් පසු වැළලී ගියත් කෝපන්හේගන් විවරණයට තවත් ප්‍රශ්න ඇත. ඉහත සඳහන් ආකාරයට කෝපන්හේගන් විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයට මැනීමට පෙර කිසිදු අගයක් නැත. එහෙත් ඒ ගුණයේ අගය මැනීමෙන් පසුව ඒ ගුණයට නිශ්චිත අගයක් හිමි වෙයි. දැන් ඒ අගය මැනීමට, ඒ සඳහා උපකරණ සකස් කිරීමට නිරීක්‍ෂකයකු සිටිය යුතු ය. ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබා දෙන්නේ නිරීක්‍ෂකයා විසින් ය යන්න කෝපන්හේගන් විවරණයෙන් අපට ඉදිරිපත් කෙරෙන දෙවන කරුණ ය.

අප කලින් සඳහන් කර ඇති ආකාරයට මෙි නිරීක්‍ෂකයා පිළිබඳ කතාවෙන් හා ඇස්පෙ පරීක්‍ෂණයෙන් යථාර්ථයක් නැතැයි කීමට අපට ද සාධක ලැබිණි. මගේ ලෝකය පළමු මුද්‍රණය නිකුත් වූයේ ඇස්පෙ පරීක්‍ෂණයෙන් අවුරුදු හතරකට පමණ පසුව ය. (මගේ ලෝකයෙහි ඇස්පෙ යන්න සඳහන් වනුයේ ඇස්පෙක්ටි ලෙස ය. ඒ වරදකි. එයට හේතුව ඇස්පෙ යන්න ඉංගිරිසි අකුරෙන් ංසපඑචට ලෙස ලිවීම ය.) එහෙත් ප්‍රශ්නය වනුයේ ප්‍රතිබද්ධ ගුණයට එලෙස අගයක් දෙන්නේ පරීක්‍ෂණය සැලසුමි කරන නිරීක්‍ෂකයා ද යන්න ය. නිරීක්‍ෂකයන් නැත්නමි භෞතික පද්ධතිවල ගුණ දැනගැනීමට, එහි අගය මැනීමට නොහැකි බව පැහැදිලි ය. එහෙත් ඒ පරීක්‍ෂණය වෙනත් ආකාරයකින් සිදුවුවහොත් ඒ අගය පද්ධතියට නැත් ද යන ප්‍රශ්නය ඇසීමට සිදුවෙයි.

අයින්ස්ටයින් විද්වතා ද මෙවැනි ප්‍රශ්නයක් බොහෝ කලකට පෙර අසා ඇත. ඔහුගේ ප්‍රශ්නය වී ඇත්තේ නිරීක්‍ෂකයකු හඳ නොබලන විට, හඳ නිරීක්‍ෂණය නොකරන විට, හඳ නැත් ද යන්න ය. මෙි ප්‍රශ්නයට කෝපන්හේගන් විවරණයේ පුරෝගාමින් දුන් පිිළිතුරක් ගැන කිව නො හැකි ය. එහෙත් මෙය වැදගත් ප්‍රශ්නයකි. නිරීක්‍ෂකයකු ඇතත් නැතත් හඳ පවතින්නේ ද යන ලෙස ද මෙි ප්‍රශ්නය ඇසිය හැකි ය.

කලින් සඳහන් කරන ලද පරිදි කෝපන්හේගන් විවරණය ඉදිරිපත් කළ අය ඉන්ද්‍රියානුභූතවාදීහු වූහ. ඔිස්ට්‍රියානු ජාතිකයකු වූ අර්නස්ටි මාක් විද්වතා ආදීන්ගේ පුරෝගාමීත්වයෙන් බිහි වූ බටහිර ඉන්ද්‍රියානුභූතවාදය පෙරදිග දර්ශනවලින් ද ආභාසය ලබා ඇත. එහෙත් බටහිර බුද්ධිමතුන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නයක් නමි පෙරදිගින් ලබාගන්නා දේ ඔවුන්ගේ සංස්කෘතියට ඇතුල් කරගැනීමෙි දී සිදුවන විකෘතීන් ය. ඉන්ද්‍රියගෝචර නොවන සංකල්ප දෙස බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ බුද්ධිමතුන් බැලුයේ එතරමි සුහද සිතකින් නො වෙි.

බටහිර ඇතැමි බුද්ධිමතුන්ට නිවිටෝනීය ගුරුත්වාකර්ෂණය ද ප්‍රශ්නයක් වූයේ ගුරුත්වාකර්ෂණ බලය ඉන්ද්‍රිය ගෝචර නොවීම නිසා ය. බටහිර භෞතික විද්‍යාඥයකු මෙන් ම දාර්ශනිකයකු ද වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි දී පරමාණුව පවා පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළේ ය. ඔහු භෞතික විද්‍යාවෙි දී ඉන්ද්‍රිය ගෝචර නොවූ අවස්ථිති සමුද්දේශ රාමු නො පිළිගත්තේ ය. ඉන්ද්‍රියානුභූතවාදීන් ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට පමණක් පැවැත්මක් ඇතැයි පිළිගැනීමෙි ප්‍රතිඵලයක් ලෙස මාක් විද්වතා බටහිර භෞතික විද්‍යාවෙි නිරීක්‍ෂණ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් විස්තර කළ යුතු යැයි කියා සිටියේ ය. මාක් විද්වතා එමගින් තරුණ අයින්ස්ටයින් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළේ ය.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙි ප්‍රතිබද්ධ ගුණයේ අගය ඉන්ද්‍රිය ගෝචර නොවීම හේතුවෙන් ඒ ගැන කතාකිරීම ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසය ලැබූ බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණයේ පුරෝගාමියෝ ප්‍රතික්‍ෂෙප කළහ. ඔවුහු එතැනින් ඔබිබට ගොස් ප්‍රතිබද්ධ ගුණයට අගයක් නැතැයි කීහ. එමෙන් ම ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ නිරීක්‍ෂණය කිරීමෙන් පසුව බැවින් ඉන්ද්‍රියානුභූතවාදියෝ ඒ අගය ලබාදෙන්නේ සවිඥානික නිරීක්‍ෂකයා ය යන ස්ථාවරයට පැමිණියහ. මෙය ඉන්පසු තවත් වර්ධනය වී සවිඥානික නිරීක්‍ෂකයකු නොමැතිව ප්‍රතිබද්ධ ගුණයට කිසිම අගයක් අත්කරගත නොහැකිය යන තත්වයකට පත්විය.

විද්‍යාලංකාර විවරණය කෝපන්හේගන් විවරණයෙන් වෙනස්වන්නේ මෙි කරුණු සමිබන්ධයෙනි. අපි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් යන්න සංශෝධනය කර මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ ලෙස සකස්කර ගන්නෙමු. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මනින තෙක් හෝ මැනෙන තෙක් හෝ එහි අගය ගැන කිසිවක් කීමට නොහැකි ය යන මතයේ අපිදු සිටිමු. එහෙත් අපි ප්‍රතිබද්ධ ගුණයට එතෙක් කිසිම අගයක් නැත යන්න ප්‍රතික්‍ෂෙප කරමු. අප කියා සිටින්නේ ප්‍රතිබද්ධ ගුණයට අගය දෙකක් හෝ වැඩි ගණනක් හෝ ඇති බව ය. අගය දෙකක් හෝ වැඩි ගණනක් ඇති විට ඒ නිරීක්‍ෂණය කළ නොහැකි යැයි ද අපි කියා සිටිමු.

උදාහරණයක් වශයෙන් ක්වොන්ටමි අංශුවක ගම්‍යතාව (හා ශක්තිය) දත්විට එහි පිහිටුමට අගය එකකට වඩා ඇත. එයට අගයක් නොමැති බැවින් නොව අගය එකකට වඩා ඇති බැවින් අපට එය නිරීක්‍ෂණය කිරීමට නො හැකි ය. අපට නිරීක්‍ෂණය කළ හැක්කේ එක් අගයක් පමණක් ගන්නා ගුණ වෙයි. ඒ අපේ මනස හා පංචෙන්ද්‍රිය පිළිබඳ ප්‍රශ්නයකි. ඇතැමි විට ඒ සියළු අගය නිරීක්‍ෂණය කළ හැකි නිරීක්‍ෂකයන් සිටිය හැකි ය. එවැනි නිරීක්‍ෂකයන් කවුදැයි යන්න පිළිබඳ ව දැනට අපට කළ හැක්කේ යමි යමි මත ඉදිරිපත් කිරීම පමණකි.

දැන් ප්‍රශ්නයක් විය හැක්කේ ප්‍රතිබද්ධ ගුණයට එසේ එක් අගයකට වඩා ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. එයට ඉතා පැහැදිලි පිළිතුරක් වෙයි. ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක් නිරීක්‍ෂණය කෙරී එහි ප්‍රතිබද්ධ අගය නිරීක්‍ෂණය කෙරී නැති විට අදාළ අංශුවෙහි හෝ පද්ධතියෙහි හෝ අවස්ථාව, මැණගෙන ඇති අගයට අයත් හිල්බටි අවකාශය නමින් හැඳින්වෙන දෛශික අවකාශයෙහි අයිගන් දෛශිකය යැයි කියනු ලැබෙන දෛශිකය මගින් හෝ ඒ ගුණයෙහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගයන්ට අයත් අයිගන් දෛශිකයන්ගේ සංයෝජනයක් මගින් හෝ නිරූපණය කළ හැකි ය. මනිනු ලැබීමෙන් පසුව හෝ මැනෙනු ලැබීමෙන් පසුව හෝ සිදුවන්නේ ඒ දෛශික සංයෝජනය වෙනුවට එක් දෛශිකයක් පමණක් ලැබීමත් අගය රාශියක් වෙනුවට එක් අගයක් පමණක් ලැබීමත් ය.

බටහිර විද්‍යාඥයන්ට නම් එය පිළිගැනීම එතරමි ප්‍රශ්නයක් නො වෙි. ඔවුහු ද එය තරංග ශ්‍රිතයේ කඩාවැටීම
(collapse of the wave function)යනුවෙන් නමිකර පිළිගනිති. දෛශික රාශියක එකතුවක් වූ තරංග ශ්‍රිතය වෙනුවට එක් දෛශිකයක ශ්‍රිතයක් බවට පත්වීම එලෙස කඩාවැටීම ලෙස නමි කෙරෙයි. බටහිර විද්‍යාඥයන්ට ඇති ප්‍රශ්නය මනින තෙක් හෝ මැනෙන තෙක් යන්නෙහි මැනෙන තෙක් යන්නෙන් කුමක් අදහස් වන්නේ ද යන්න ය. ඉන්ද්‍රියානුභූතවාදීන්ට නිරීක්‍ෂකයකු නොමැතිව මැනෙන තෙක් යන්න තේරුමක් නැති ප්‍රකාශයකි. මැනීමට නමි සවිඥානික නිරීක්‍ෂකයකු සිටිය යුතු බව ඔවුන්ගේ මතය වෙයි. අනෙක් අතට යථාර්ථවාදීන්ට නිරීක්‍ෂකයා යන්න ම පිිළිගත හැක්කක් නො වෙි. නිරීක්‍ෂකයකු නිරීක්‍ෂණය කළත් නැතත් ක්වොන්ටමි අංශුවල ගුණයකට අගයක් ඇති බවත් ඒ අගය කුමක්දැයි කීමට ක්වොන්ටමි භෞතික විද්‍යාවට ක්‍රමයක් නැති බවත් ඒ නිසා ක්වොන්ටමි භෞතිකය අසමිපුර්ණ බවත් ඊනියා යථාර්ථවාදීහු කියති.