Main Logo

Wednesday 23 March 2011

ධනේශ්වරය හා සිංහල බෞද්ධ ආධිපත්‍යය – 5

ඇතැමි ඔිල්කටි බෞද්ධයන්ට (සිංහලකම නැති බෞද්ධයන්ට) හා කෝනල් සිංහලයන්ට (බෞද්ධකම නැති සිංහලයන්ට) ඇති ප්‍රශ්නයක් නමි මෙරට තමන් සිංහල බෞද්ධයන් යැයි හඳුන්වාගන්නා පිරිසක් සිටීම ය. ඉහත කී පඬියන් අසන්නේ බෞද්ධකම සිංහලයන්ට පමණක් ද යන්න ය. සිංහල බෞද්ධයන් යැයි කී පමණින් බෞද්ධකම සිංහලයන්ට පමණක් අයත්වන්නේ යැයි කියන්නේ, එලෙස නිගමනය කරන්නේ, කිනමි න්‍යායකට ද යන්න පඬියන් ම තේරුමි කර දෙන්නේ නමි මැනවි. සිංහල බෞද්ධයන් පමණක් බෞද්ධ වන්නේ නමි විය යුත්තේ සිංහල කී පමණින් බෞද්ධ බවත් බෞද්ධ කී පමණින් සිංහල බවත් ගම්‍ය වීම ය. එහෙත් ඒ එසේ නොවන බව වඩාත් ම දන්නෝ ඔිල්කටි බෞද්ධයෝ හා කෝනල් සිංහලයෝ ය. මෙි පඬියන් දන්නා නයක් (න්‍යායක්) නැත. එහෙත් ඔවුහු රටට ම ඇණයක් වෙති. සිංහල බෞද්ධ යන්න ධර්මපාලතුමාගෙන් පසුව ව්‍යවහාරයට පැමිණියත් නැතත් එහි අර්ථය අපට පැහැදිලි කර දී ඇත්තේ ගැමුණු කුමරු ය. එය තහවුරු කරනු ලැබ ඇත්තේ පස්වැනි සියවසේ ලියැවුණු මහාවංසයෙනි. ගැමුණු කුමරුගේ පාඨයක් ලෙස මහාවංසයෙන් කියැවෙන මාගේ මෙි ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා ය යන්න සිංහල බෞද්ධත්වයේ ආරමිභය වෙයි. ගැමුණු කුමරු ඒ ප්‍රකාශය කර ඇත්තේ සිංහල බෞද්ධයකු ලෙස ය. බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳු ඔස්සේ විෂ්ණු දෙවියන්ට මෙරට රැකගැනීම භාරකර ඇත. මෙි මහාවංසයේ සඳහන් කරුණු පමණක් නො වෙි. තම මනස දියුණු කරගත් පින් ඇති අයට අද වුවත් ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි දෙයකි.

මෙහි දී පින් ඇති අයට යන්න ගැන කෙටි විවරණයක් කළ යුතු ය. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා පඬියන් (මොවුන් හීනෙන්වත් ඉදිරිපත් කර ඇති ඊනියා විද්‍යා සංකල්පයක් නැතිවා පමණක් නොව බොහෝ දෙනකු කෙක්‍යුලේ බෙන්සීන් වලය ගැන දුටු සිහිනය ගැනවත් කියවාවත් නැත) කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව දැනුම පින් ඇති හා නැති සියළු දෙනාට ම ලබාගත හැකි විය යුතු බව ය. එහෙත් ඔවුන් නො පිළිගත්ත ද ඔවුන්ට ඊනියා විද්‍යාඥයන් වීමට හැකිව ඇත්තේත් යමි ආකාරයක පිනක් (එය රට වශයෙන් ගත්කල පවක් ද යන්න වෙන ම කරුණකි) ඇති බැවින් ය. විද්‍යා විෂයන් හැදෑරීමට නොහැකිව වෙනත් ආකාරයක පින් නිසා වෙනත් විෂය හැදෑරීමට යන්නන්ට අර විද්‍යා විෂය ඉගෙනීමට අවශ්‍ය පින තිබී නැත. මෙි කසිකබල් විද්‍යාඥයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ක්‍ෂෙත්‍රවල ද ක්‍රියාත්මක නොවන බව ඔවුන්ට නොතේරෙයි. ලොවෙි බිහිවන සියළු දෙනාට ම විද්‍යාඥයන් වීම සඳහා ඔවුන්ගේ බසින් කියන්නේ නමි අඩුම තරමෙන් විභවයක්වත් වෙි ද? එසේ විභවයක් තිබුණ ද එය සාක්‍ෂාත් කරගැනීමට හැකියාව ඇත්තේ කී දෙනකුට ද?

සිංහලයන් දේවානමිපිය තිස්ස රජුකල නිල වශයෙන් බෞද්ධයන් වුවත් ඔවුන් සිංහල බෞද්ධයන් වී ඇත්තේ ගැමුණු රජු දවස ය. ඇතැමි සිංහල බෞද්ධයනට අනුව ගැමුණු රජු යනු මෛත්‍රී බෝසතාණන් වහන්සේ ය. ඇතැමුන්ට අනුව එතුමා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත්සවි වන්නේ ය. ඒ කුමක් වුවත් එතුමා පසුගිය අවුරුදු දෙදහස් පන්සියයක පමණ කාලයක මෙරට බිහි වූ ශ්‍රේෂ්ටතම පුද්ගලයා වෙයි. තමන්ගේ ව්‍යායාමය බුදුසසුනේ චිරස්ථිතිය සඳහා යැයි කීමට එතුමා පෙළඹී ඇත්තේ ඇයි ද යන්න ලෝක ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් දැනගත හැකි ය. විෂ්ණු දෙවියන්ගේ (මෙි එනමින් ඇති හින්දු දෙවියන් නොවන බව අවධාරණය කළ යුතු ය) ආධාරය ද ඇතිව මෙරට රැකගැනීම සිංහල බෞද්ධයන්ගේ අධිෂ්ටානය මෙන් ම ප්‍රාර්ථනය ද වෙයි. මෙරට රැකගත යුත්තේ මෙරටින් පඬියන් බිහිවීමට ඉඩ සැලසීමට නොවෙි. ඒ පඬියන් බිහිවන්නේ මෙි රටෙි කරුමයකට මිස පිනකට නො වෙි. රටට ද පිනක් මෙන් ම පවක් ද ඇත. මෙරට පව අන්කිසිවක් නොව බටහිර ගැති අනුකාරක දීන පඬියන් කිහිප දෙනකුට ද එය ජන්මභූමිය වීම ය. දරුණුතම හීනමානයකින් පෙළෙන මෙි පඬියෝ බටහිර දැනුමෙි ඒජන්තයෝ පමණක් ම වෙති. ඔවුන්ට බටහිර ද එතරමි පිළිගැනීමක් නැත. ඔවුන්ට වැඩිම වුවහොත් බටහිර විශ්වවිද්‍යාලයක මහාචාර්යවරුන් වරියන් විය හැකි ය. එහෙත් එතනින් එහාට ලැබෙන පිළිගැනීමක් නැත. ඒ නොමැති පිළිගැනීම ලබාගැනීමට ඔවුන් උත්සාහගන්නේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ආධිපත්‍යය උදෙසා සිංහල බෞද්ධයන්ට හා සිංහල බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමෙනි. ඒ සඳහා ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම යොදාගනිති.

සිංහල බෞද්ධයන් නොවන්නට ලෝකයේ ථෙරවාදයක් නැත. ථෙරවාදය ආරක්‍ෂා කරගත්තෝ සිංහල බෞද්ධයෝ ය. අද බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට ආධ්‍යාත්මික ව ඇති එකම අභියෝගය සිංහල ථෙරවාදය වෙයි. ථෙරවාදය ද සිංහලයන්ට පමණක් අයිති දැයි පඬියකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. සිංහල ථෙරවාදය යන්නෙන් මා අදහස් කරන්නේ සිංහලයන් විසින් රැකගැණුනු ථෙරවාදය වෙයි. සිංහල ථෙරවාදය තුන්වැනි සංගායනාවෙන් ලැබුණු ථෙරවාදයෙන් බිහි වී ඇත. සිංහල බෞද්ධයන් තමන් ඒ අයුරින් හඳුන්වා ගන්නේ අභිමානයෙනි. ඒ අනෙක් අය පෙළීම සඳහා යොදාගන්නා අභිමානයක් නො වෙි. අනෙක් අය පෙළන්නෝ බටහිරයෝ හා ඔවුන්ගේ ඒජන්ත පඬියෝ ය. ඔවුහු බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ දැනුම නමැති අවිය අමෝරාගෙන මුළු ලෝකය ම තම ආධිපත්‍යය යටතට ගැනීමට උත්සාහ දරති. අවාසනාවකට පසුගිය අවුරුදු පන්සියයක පමණ ඉතිහාසයේ ඒ කාලකන්නි උත්සාහය සෑහෙන පමණකින් සාර්ථක වී ඇත. සිංහල බෞද්ධ සංස්කෘතිය සිංහලකම හා බෞද්ධකම එකිනෙකින් වෙන්කළ නොහැකි ආකාරයට බද්ධ වී ඇත. එහෙත් එයින් කියැවෙන්නේ (ථෙරවාද) බෞද්ධකම සිංහලයන්ට පමණක් සීමාවුවක් ය යන්න නො වෙි. මියන්මාරයේ, තායිලන්තයේ, ලාඔිසයේ, කාමිබෝජයේ පමණක් නොව චීනයේ ද කොටසක ථෙරවාද බෞද්ධයෝ වෙති. කලක් ආන්ද්‍ර ප්‍රදේශයේ ද ථෙරවාද බෞද්ධයෝ වූහ. අද එහි බෞද්ධයන් දැකගත නො හැකි ය. සිංහල බෞද්ධයන් නොවන්නට අනෙක් රටවලින් ද ථෙරවාද බුදුදහම නැතිවන්නට තිබිණි. අනෙක් අතට සිංහලයන්ට බෞද්ධකම පමණක් සීමා වී නැත. බෞද්ධ නොවන සිංහලයෝ ද වෙති. එසේ වුවත් පොදුවෙි ගත්කල සිංහලකම හා බෞද්ධකම නැති නොවන ලෙස එකට බැඳ තබනු ලැබුයේ ගැමුණු රජතුමා විසිනි. එතුමා සිංහල බෞද්ධයනට බෞද්ධකම රැකගනිමින් යුද්ධ කරන ආකාරය ද කියා දුන්නේ ය. සිංහල බෞද්ධයන් බුදුසසුන රැකගැනීම සඳහා පසුගිය වසර දෙදහස් දෙසියයකට අධික කාලයක් ක්‍රියා කර ඇත. රට, ජාතිය, ආගම යනුවෙන් කරුණු තුනක් උදෙසා කටයුතු කරන එකම පිරිස සිංහල බෞද්ධයෝ වෙති. සිංහල බෞද්ධයන් එසේ රට ජාතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන්නේ එක් අතකින් බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම පිරීම සඳහා සුදුසු ම රට ලංකාව වන බැවිනි. ලංකාවෙි භූගෝලීය පිහිටුම ද ඒ සඳහා ආධාරයක් වෙයි. අද ද සමිබුද්ධත්වය සඳහා පාරමී ධර්ම පුරන සිංහල බෞද්ධයෝ වෙති. ලංකාවෙි සමස්තයක් ලෙස සිංහලකම බෞද්ධකමින් හෝ බෞද්ධකම සිංහලකමින් හෝ වෙන්කළ දින සිංහලකම මෙන් ම බෞද්ධකම ද නැති වනු ඇත. ඉන් පසු ලෝකයෙන් ම ථෙරවාදය සසුනක් ලෙස නැති වී යන දිනය ද ළඟා වනු ඇත. එවිට ථෙරවාදය පවතිනු ඇත්තේ පුස්තකාලවල පමණ ය. බටහිරයන්ගේ ද ඔවුන්ගේ ගැත්තන් වූ අනුකාරක පඬියන්ගේ ද බලාපොරොත්තුව ද එය ම වෙයි.

මෙහි දී එක් කරුණක් පඬියන්ට මතක්කර දිය යුතු ය. සිංහල බෞද්ධයන් සිටින්නේ ලංකාවෙි පමණ ය. එහෙත් රෝමානු කතෝලිකයෝ ලොව පුරා විසිරී සිටිති. ඔවුන් ලංකාවෙි ද දැකගත හැකි ය. මෙරට රෝමානු කතෝලික පල්ලිය බලවත් ආයතනයකි. එහි මෙරට ප්‍රධානියා කාදිනල්වරයෙකි. ඒ පත්වීම ද ලංකාවෙි රෝමානු කතෝලික පල්ලියේ තවත් පත්වීමි ද කෙරෙන්නේ වතිකානුවෙනි. වතිකානුව රෝමයේ පිහිටියත් ස්වාධීන රාජ්‍යයකි. මෙි පත්වීමි යුරෝපයේ හා ඇමෙරිකාවෙි හා වෙනත් රටවල ලංකාවෙි විවිධ නිකායවලින් කෙරෙන සංඝනායක පත්විමි සමග සමාන නොකළ යුතු ය. මෙරට නිකාය එකක්වත් ස්වාධීන රාජ්‍ය නොවන අතර විවිධ රටවල සංඝනායක හිමිවරුන්ට ද කිවයුතු බලයක් නැත. ඒ සංඝනායක ස්වාමීන්් වහන්සේ ඒ ඒ රටවල රාජ්‍ය විසින් පිළිගනු නො ලැබෙති. එහෙත් මෙරට රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා රාජ්‍යය විසින් ද පිළිගනු ලැබෙයි. මෙි රෝමානු කතෝලික පල්ලිය හා රෝමානු කතෝලිකයන් ගැන පඬියන් කියන්නේ කුමක් ද? ලංකාවෙි ජනයාගෙන් පිරිසක් අදහන ආගමක නායකයන් වෙනත් ස්වාධීන රාජ්‍යයක් විසින් පත්කරනු ලැබීම හා ඒ ආගමෙහි අනන්‍යතාව රෝමය (වතිකානුව) සමග බැඳී තිබීම ලංකාවෙි ස්වාධීනත්වයට කෙසේ බලපාන්නේ ද යන්න ගැන පඬියන්ට තමන් දන්නා බටහිරයන්ගෙන් යමි හෝඩුවාවක් ලැබී තිබෙි ද? කාදිනල්වරයා ප්‍රමුඛ පල්ලියේ රෝමානු බැඳීම නැති කිරීමට පඬියන් කර ඇත්තේ කුමක් ද?

සිංහල බෞද්ධ ආධිපත්‍යයක් ගැන කතාකිරීමට යොදවාගෙන ඇති තවත් පිරිසක් නමි යමි ආකාරයක කුල පීඩනයක හසු වූ සිංහල බෞද්ධයන් ම ය. කුල ක්‍රමය නරක දෙයක් නො වෙි. ලංකාවෙි තිබූ කුල ක්‍රමය කුල පීඩනයක් බවට පත්කරනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. ඒ කුල පීඩනය හින්දු කුල පීඩනයෙන් අංශු මාත්‍රයක් පමණක් වුවත් මෙරට කසිකබල් පුවත්පතක් එය ඉස්මතු කිරීමට විශාල වෑයමක් ගන්නා අතර ඉංගිරිසින් ප්‍රධාන බටහිරයන් ද එයට හසු වූ අය ඊනියා සිංහල බෞද්ධ ආධිපත්‍යයකට විරුද්ධව කටයුතු කිරීමට මෙහෙයවන්නේ තමන්ගේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයෙන් ජනතාවගේ සිත්සතන් වෙනත් පැත්තකට යොමු කිරීමට ය. අපි මෙි සිංහල බෞද්ධ විරෝධී බලවෙිග හඳුනාගෙන බටහිර ක්‍රිස්තියානි නූතනත්වය හා දැනුමි ආධිපත්‍යය මෙරටින් අතුගා දැමීමට සූදානමි වෙමු.