Main Logo

Thursday 17 December 2015

ප්‍රෝටීන හා ෆෝටෝන (2015 දෙසැම්බර් 16 විදුසර ලිපිය)

ප්‍රෝටීන හා ෆෝටෝන

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා වෙනත් අයකුගෙන් ගත් මත, අදහස් ආදිය විස්තරාත්මක පිටු අංක සහිත ව කීමට මැළිවෙයි. ඔහු පිටු අංක තබා මූලාශ්‍රයවත් පැහැදිලිව නො කියයි. ඔහු දැනට ඉදිරිපත් කරන ඊනියා ජීවිතයේ අරුත ගැන අදහස් මා කලින් ද සඳහන් කර ඇති පරිිදි බටහිර ලෝකයෙහි සාකච්ඡා කෙරී ඇත. විකිපීඩියා කියවීමෙන් වුවත් යමකුට ඒ බව දැනගත හැකි ය. එවැනි අදහසක් ගත් තැන නොව ඉතා සුළු කරුණක් ගත් තැන පවා පාඨකයාගෙන් හැකිතාක් වසං කිරීමට අමරතුංග මහතා උත්සාහ දරයි. 


පසුගිය දෙසැම්බර් 09 වැනි දින පළවූ ඒ මහතාගේ ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. “ජීවිතයේ අරුත (meaning) සහ අරමුණු (purpose) යනුවෙන් දෙකක්‌ ඇති බව පෙනේ. ජීවිතයේ අරුත කුමක්‌ වුවත් අපට අරමුණක්‌ කරා යා හැකි ද? අරමුණ අප සඳහා යෑයි සිතිය හැක. අරුත අප සඳහා නො වන්නට පුළුවන. අරමුණ සාක්‌ෂාත් කරගත්තත් නො ගත්තත් එය අප සඳහා අප ගේ හැකියාවන් මගින් සකසාගන්නා දෙයකි. ජීවිතයේ අරුත අප සඳහා යෑයි සිතා ගැනීමට හේතුවක්‌ නැත. ජීවිතයේ අරුත විශ්වය/ස්‌වභාවධර්මය සඳහා විය හැකි ය.” මෙහි මුලින් ම කියැවෙන වාක්‍යය අමරතුංග මහතා ලබාගෙන ඇත්තේ එක්තරා වෙබ් අඩවියක පළ වූ ලිපියකිනි. අමරතුංග මහතාට අරමුණ හා අරුත යනුවෙන් දෙකක් ඇති බව පෙනේ යැයි නොකියා අහවල් වෙබ් අඩවියෙහි පළ වූ අහවල් ලිපියෙහි එසේ සඳහන් කර ඇති බව කීමට තිබිණි. 

අරුත හා අරමුණ ගැන අමරතුංග මහතා පවසන අදහස් ගැන අපි එකඟ නො වෙමු. අරුත යන්න ඉංගිරිසි මීනිං (meaning) යන්නෙහිත් අරමුණ යන්න ඉංගිරිසි පර්පස් (purpose) යන්නෙහිත් පරිවර්තන වෙයි. එහෙත් මලලසේකර ශබ්දකෝශයෙහි පර්පස් යන්නට අරමුණ මෙන් ම අර්ථය යන්න ද සඳහන් වෙයි. කෙසේ වෙතත් අමරතුංග මහතාට දැන් අවශ්‍ය වන්නේ අරුත හා අරමුණ යන දෙකෙන් තමන් කතාකරන්නේ ජීවිතයේ අරුත ගැන බව පැවසීමට ය. ජීවිතයේ අරුත විශ්වය/ස්වභාව ධර්මය සඳහා විය හැකි යැයි අමරතුංග මහතා පවසයි. මෙහි හැකි යැයි කීව ද අමරතුංග මහතා ඇතුළු යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි අය ද අනුකාරකයෝ ද අපේ ජීවිතවල අරුත/අරමුණ විශ්වය/ස්වභාව ධර්මය සඳහා යැයි නිශ්චිත ව කියති. ද සයන්ස් ඩිල්‍යූෂන් පොත හා තවත් පොත් ලියා ඇති රූපට් ෂෙල්ඩේ‍රික් මහතා ද ඉන් වෙනස් නො වේ. 

අමරතුංග මහතාට කිසිවක් පැහැදිලිව ලිවීමට නොහැකි වීම මේ සංවාදයෙහි ඇති ප්‍රධාන ම ගැටළුවකි. ඒ මහතාට නිරවුල් අදහස් ද නැත. අමරතුංග මහතාගේ ඒ ලිපියෙහි ම සඳහන් පහත සඳහන් වාක්‍ය සලකා බලන්න. “ජීවිතයේ අරුත සහ අරමුණු වශයෙන් වෙන් කොට දැක්‌වුව ද එසේ සම්පූර්ණයෙන් වෙන් කරන්නට නොහැකි ය. ජීවිතයේ අරුත විශ්වය විසින් නිගමනය කෙරෙනවා නම් අරමුණ ද ඒ සඳහා ම සැකසී ඇති ක්රි යාදාමයක්‌ විය යුතු ය. කෙනකු ගේ ජීවිතයේ අරමුණ මිනිසාට සේවය කිරීම යෑයි සිතමු. ඔහු එම අරමුණ සාක්‌ෂාත් කරගන්නා විට ඔහු ගේ ජානවල යම්කිසි ඉතා කුඩා වූ වෙනසක්‌ ඇති වන්නට පිළිවන. එම වෙනස ජීවිතයේ අරුත හා සම්බන්ධ වී ඇත. කෙනකු ගේ ජීවිතයේ අරමුණ විද්යාවව හදාරා අලුත් සොයාගැනීමක්‌ සිදු කරන්නට නම් එය සිදු කරන විට ද ඔහු සිදු කරන්නේ ඔහු ගේ ජානවල වෙනස්‌ වීම් මගින් ජීවිතයේ අරුතට අනුකූලව ක්රි යා කිරීම ය. අප මෙතැන දී ඉදිරිපත් කරන අදහස ද අප ගේ මූලික මතවාදය වන ජීවිතයේ අරුත වනාහි DNA, RNA, ප්රොටීන් නිෂ්පාදනය වන්නේ ය යන්නට අනුකූල බව පෙනී යා යුතු ය. එම නිසා කිව හැක්‌කේ යමකු තම ජීවිතයේ අරමුණු සාක්‌ෂාත් කරගැනීමට වෙහෙසන විට ඇත්තෙන් ම ඔහු සිදු කරන්නේ ජීවිතයේ අරුත වූ විශ්වයට/ස්‌වභාවධර්මයට සේවය කිරීම ය. සමහර අය ජීවිතයේ අරුත සහ අරමුණ පටලවාගෙන ඇති බව බෝධි ධනපාල මහතා පවසා ඇත. එසේ සිදු විය යුතු නැත. ඒ දෙකේ සම්බන්ධතාව මා පැහැදිලි කොට දී ඇත. එම පැහැදිලි කිරීමෙන් පෙන්නුම් වන්නේ ජීවිතයේ අරමුණ වනාහි ජීවිතයේ අරුත සඳහා ලැබෙන වේතනය බව ය.”

අමරතුංග මහතා අරුත හා අරමුණ අතර වෙනස පිළිබඳ මූලාශ්‍රය ගැන අපට ඉඟියක් ලබා දෙයි. ඔවුන්ගේ වාදයකට අවතීර්ණ වීමට මා කිසිසේත් ම සූදානම් නැත. අමරතුංග මහතාට අනුව එක් එක් අයගේ ජීවිතවල අරමුණු වෙනස්විය හැකි ය. යමකුට ඒ අරමුණ මිනිසාට සේවය කිරීම විය හැකි ය. තවත් අයකුගේ අරමුණ (බටහිර) විද්‍යාව හදාරා අලුත් යමක් සොයාගැනීම විය හැකි ය. (මේ කතාකරන්නේ සිංහල බෞද්ධයන් ගැන නම් විය නො හැකි ය. සිංහල බෞද්ධයකු අලුත් සොයාගැනීමක් කර නැත. එහෙත් ඇතැම් සිංහල බෞද්ධයෝ මහත් ආඩම්බරයෙන් බටහිර විද්‍යාව හා ථෙරවාද බුදුදහම අතර සම්බන්ධයක් දකිති. එවැනි සම්බන්ධයක් ඇත්නම් බටහිර විද්‍යාවේ නොබෙල් තෑගි යම් ප්‍රමාණයක් සිංහල බෞද්ධයන්ට හිමිවිය යුතු ය) ඒ අරමුණ කුමක් වුවත් ඒ ඒ අයගේ ජානවල වෙනස්වීම මගින් කෙරෙන්නේ ජීවිතයේ අරුත යැයි අමරතුංග මහතා හා ෂෙල්ඩ්‍රේක් මහතා ඇතුළු යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අයත් අය හෝ අනුකරණය කරන අය හෝ කියන ආකාරයට විශ්වයට/ස්වභාව ධර්මයට සේවය කිරීම ය. මෙය කෙතරම් දුරට ඊනියා පරිණාමවාදය සමග එකඟ වන්නේ දැයි අමරතුංග මහතා අපට කියා දෙන්නේ ද? අපට අපේ ගතිගුණ අනුව ජාන වෙනස් කළ හැකි ද? එසේ වෙනස් කළත් ඒවා ඊළඟ පරම්පරාවට යන්නේ ද? විකෘතීන් හා ස්වාභාවික වරණය සමග මේ සියල්ල එකඟ වන්නේ ද? මෙය ලැමාර්ක්ගේ (Lamarck - මේ මා දන්නා උච්චාරණය ය) අදහස් සමග වඩාත් ගැලපෙන්නේ ද?  අමරතුංග මහතා මේ සියල්ල අපට පහදා දෙන්නේ ද? 

අමරතුංග මහතාට අනුව මුළු මහත් සත්ත්ව සන්තතියට ම පොදු වූ ජීවිත අරුතක් ඇත. එහෙත් ඒ ඒ මිනිසාට විශේෂිත වූ ජීවිත අරමුණු තිබිය හැකි ය. ජිවිතයේ අරුත යන පද අමරතුංග මහතාගේ අදහසක් නොවන බව විකිපීඩියා ලිපි කියවීමෙන් වුවත් දැනගත හැකි ය. ඒ පද මීනින් ඔෆ් ලයිෆ් (meaning of life) යන ඉංගිරිසි ප්‍රකාශයෙහි සිංහල පරිවර්තනය ය. මෙය යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික යෙදුමකි. එම සංස්කෘතියෙහි දෙවියන් වහන්සේට සේවය කිරීම විශ්වයට/ස්වභාව ධර්මයට සේවය කිරීම ලෙස පමණක් වෙනස් කෙරී ඇත. දෙවියන් වහන්සේගේ තැනට විශ්වය පත්වී ඇත. දෙවියන් වහන්සේ ලෝකය මැවූ (නිර්මාණය කළ) සේක යන්න වෙනුවට විශ්වය ඊනියා මහා පිපරුම සමග නිර්මාණය වී ඇත යන්න  ආදේශ වී ඇත. බටහිර ගණිතයෙහි ඊනියා ස්වසිද්ධි හා අර්ථ නොදක්වන ලද ගණිතමය භූතාර්ථ (මඅටහඑමඅටඉචඅල එනටඉටඉඑස) දෙවියන් වහන්සේගේ තැනට පත් වී ඇත. බටහිර විද්‍යාවත් බටහිර ගණිතයත් නිර්මාණය කෙරෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එය රේඛීය චින්තනයකි. 

අමරතුංග මහතාගේ ලිපි ගැන අපි නොවැම්බර් 11 වැනි දා මෙසේ කීවෙමු. “අමරතුංග මහතා අවුල් සහගත ව කීව ද අවුල නිරවුල් කරගත් පසු ඔහු ප්‍රධාන මාතෘකා හතරක් ඔස්සේ කරුණු දක්වන බව පෙනෙයි. පළමුවෙන් ම ඔහු කියන්නේ ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව බව ය. දෙවනුව ඔහු යථාර්ථයක්  ගැන සඳහන් කරයි. තුන්වනුව නියතිවාදයක් ගැන කතාකරයි. හතරවැනුව ඊනියා ජීවිතයේ අරුත ගැන ඔහු කියන පරිදි තමාගේ ම මතයක් ඉදිරිපත් කරයි. අපි අමරතුංග මහතාගේ එදිනෙදා ලිපිවලට පිළිතුරු දීමේ දී මේ මාතෘකා හතර සිහියේ තබා ගනිමු.”  මෙහි කරුණු දැක්වීම් කෙරෙණුයේ හතරවැනි මාතෘකාව ඔස්සේ ය. 

ජීවිතයේ අරුත ගැන කතාකළ ද අරමුණ ගැන කතාකළ ද බටහිර විද්‍යාව හැදෑරීමෙන් බෞද්ධකම නැතිකර නොගත් සිංහල බෞද්ධයනට ඒ ප්‍රශ්නයක් නො වේ. සිංහල බෞද්ධයනට ඇත්තේ ජීවිතයේ අරුත සෙවීමවත් අරමුණ දැනගැනීමවත් නොව දුක නැති කිරීම ය. එහි දී අප ජාන වෙනස් කරන්නේ ද නැද්ද ආදී ප්‍රශ්න කිසිසේත් ම අදාළ නො වේ. බටහිර විද්‍යාව හා බුදුදහම මිශ්‍ර කර මැලේ අච්චාරු දැමීමට උත්සාහ කරන අමරතුංග මහතා වැන්නවුන්ට නම් තණ්හාව ජාන වෙනස්කිරීම (පරිණාමවාදය සමග එකඟ නොවුණ ද) ආදිය ගැන අතාර්කික කතා කියමින් පුවත්පත්වල පිටු පිරවිය හැකි ය. 

මේ පිළිබඳ ව අපි පසුව තවදුරටත් කතාකරමු. ඒ අමරතුංග මහතාගේ අවුල පාඨකයාට දැනගැනීමට සැලැස්වීමට ය. ඔහු අවුලක සිටීම ගැන අපට ප්‍රශ්නයක් නැත. එහෙත් ඔහු පාඨකයන් අවුල් කරන විට අපට මැදිහත්වීමට සිදුවෙයි. මෙහි දී රූපට් ෂෙල්ඩ්‍රේක් මහතාගේ ද සයන්ස් ඩිල්‍යූෂන් පෙතෙහි එක් පරිච්ඡෙදයක් ගැන සඳහන් නොකර බැරි ය. ඒ පොතෙහි පස්වැනි පරිච්ඡෙදය (2013 කඩදාසි කවර සහිත ප්‍රථම මුද්‍රණයෙහි 130 –- 156 පිටු) නම් කර ඇත්තේ ඉස් නේචර් පර්පස්ලස් (ස්වභාව ධර්මය අරමුණු රහිත ද?) යනුවෙනි. මෙහි ප්‍රෝටීන සම්මිඤජනය (නැමුම) ගැන ද සඳහන් වෙයි. 

ෂෙල්ඩ්‍රේක් මහතාගේ ඉහත සඳහන් පොතෙහි අදාළ පරිච්ඡෙදය කරුණු කිහිපයක්  නිසා වැදගත් වෙයි. ඒ කරුණු සමහරක් සාකච්ඡා කිරීමට පෙර ක්වොන්ටම්  යාන්ත්‍රිකය ගැන යමක් සඳහන් කළ යුත්තේ අමරතුංග මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රාඥයකු වන බැවිනි. ඔහු තම දෙසැම්බර් 09 ලිපියෙහි පහත සඳහන් කරුණු ප්‍රකාශ කරයි. එය තරමක් දීර්ඝ වුවත්, පාඨකයාගේ දැනගැනීම සඳහා අපි ඒ උපුටා දක්වමු.  

“මෑත දී (2011 වර්ෂයේ) චීනයේ මොන්ගෝලියානු විශ්වවිද්යාරලවල සිදු කරන ලද පරීක්‌ෂණවලින් පෙනී යන්නේ ඇමයිනෝ අම්ල දම්වැල් සරලව තිබී අතරමැදි ව්යයුහවලට නො යා කෙළින් ම ක්රි යාකාරී සංකිර්ණ ව්යනුහයට ක්‌ෂණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් පිනුම (දඋඅනටඋම ජඋමප) උපයෝගි කරගැනීමෙන් යෑයි එම විද්යා්ඥයන් පවසන බව ය. ළඉඅඔටඋ ළඋඔ සහ ඣඋන ළඋ නමැති විද්යා ඥයන් දෙදෙන ගණිතමය මොඩල නිර්මාණය කිරීමෙන් මේ බව පෙන්වා දී ඇත. එම ගණිතමය මොඩල සම්මිඤ්ජන වේගය සහ උෂ්ණත්වය සටහන් ප්රමස්‌තාර සමග පෑහෙන බව ඔවුන් පෙන්වා දී ඇත. ඇමයිනෝ අම්ල දම්වැල අතරමැදි ව්යබුහයන් රාශියක්‌ මඟ හැර ඉතා ම සංකීර්ණ වූ ව්යදුහයකට ක්ෂිණයකින් ළඟා වන්නේ ක්‌වොන්ටම් යාන්ත්රයණය උපයෝගි කරගනිමින් යෑයි මේ විද්යා්ඥයෝ පෙන්වා දෙති. මෙහි සත්යපයක්‌ නැතැයි කියන විද්යා ඥයන් ද සිටින බව පෙනේ.

ක්‌වොන්ටම් පිනුම යනුවෙන් හැඳින්වෙන්නේ අණුවක්‌ තුළ ඉලෙක්‌ට්රොවනයක්‌ එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට සංක්රකමණය වීම ය. ඒවා එක්‌ ශක්‌ති මට්‌ටමකින් වෙනත් ශක්‌ති මට්‌ටමකට ක්‌ෂණයකින් සංක්ර මණය වන්නේ ය. එසේ සිදු වන විට විද්යුත් චුම්බක විකිරණ පිට වීමක්‌ හෝ උරාගැනීමක්‌ හෝ සිදු වේ. එම විකිරණ ක්‌වොන්ටිකරණය වී ෆෝටෝන් ලෙස පිට වීම හෝ උරාගැනීම හෝ සිදු වේ. මෙය නැනෝ තත්පර කිහිපයකින් සිදු වේ.

ප්රොිටීන් සම්මිඤජනය වන විට මෙවැනි දෙයක්‌ සිදු වනවා ද? එක්‌ සරල ව්යමුහයකින් අතරමැදි ව්ය ුහයන් මඟහැර සංකීර්ණ ක්රි යාකාරී ව්යදුහයට ප්රො ටීන සම්මිඤජනය වීම ක්‌වොන්ටම් යාන්ත්රමණයට අනුව සිදු වන දෙයක්‌ ද? ප්රො ටීන් සම්මිඤජනය සිදු වීමේ දී ඉලෙක්‌ට්රෝන එක්‌ ශක්‌ති මට්‌ටමක සිට තවත් ශක්‌ති මට්‌ටමකට සංක්රමමණය වීමක්‌ සිදු වනවා ද?”

ඇමයිනෝ අම්ල සරල ව තිබී සංකීර්ණ ව්‍යුහයක් ගන්නේ කෙසේ දැයි අමරතුංග මහතා අසයි. එය ඒ මහතා අසන ප්‍රශ්නයක් නොවන බව පළමුවෙන් කිව යුතු ය. එහෙත් ඒ ප්‍රශ්නය වැරදි ප්‍රශ්නයක් විය හැකි ය. ප්‍රෝටීන අණුවක් දඟර ගැසුණු, නැමුණු ඇමයිනෝ අම්ලවලින් සමන් වී ඇත. ඇමයිනෝ අම්ල සරල ව තිබී පසුව ප්‍රොටීන අණු බවට පත්වන්නේ කෙසේ ද යන්න අපි පළමුවෙන් මෙතනින් පටන් ගනිමු යන යුදෙවු ක්‍රිස්තියානි රේඛීය චින්තනයෙන් ගලා එන්නකි. පටිච්චසමුප්පදායෙහි චක්‍රීයබව (චක්‍රිය චින්තනය මත පදනම් වීම) ගැන කෙතරම් කතාකළ ද සිංහල බෞද්ධ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට තමන්ට සංස්කෘතියෙන් උරුම නොවුණු එහෙත් බටහිර අධ්‍යාපනයෙන් අනුකරණය කිරීමට පුරුදු කෙරී ඇති යුදෙවු ක්‍රිස්තියානි රේඛීය චින්තනයෙන් කැඩීමට නො හැකි ය. 

ඒ කුමක් වුවත් එම චින්තනයෙහි හැදී වැඩී ඇති ෂෙල්ඩ්‍රේක් මහතා ඔවුන්ට ආවේණික වූ ආකාරයට සංකිර්ණ ව්‍යුහ සහිත ප්‍රෝටීන අණු සෑදෙන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අසයි. ක්වොන්ටම් යාන්ත්‍රිකය අනුව ප්‍රෝටීන අණු යනු විභව ලිඳක අවම ශක්ති ව්‍යුහයක් සහිත ස්ථායී අවසන් අවස්ථා ය. (ඉහත සඳහන් අදාළ පරිච්ඡෙදයෙහි 144 වැනි පිටුව). පටන් ගැනීම අවසානය ආදිය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අදාළ කරුණු මිස සිංහල බෞද්ධයනට අවශ්‍ය දේ නො වේ. ප්‍රශ්නය වන්නේ ඇමයිනෝ අම්ල මේ අවසන් අවස්ථාව දැනගන්නේ කෙසේ ද යන්න ය. එහෙත් මෙය ද වැරදි ප්‍රශ්නයක් යැයි සිතමි. 

කෙසේ වෙතත් මෙයට ඊනියා ක්වොන්ටම් පිනුම සමග  ඇති සම්බන්ධය කුමක් ද? අමරතුංග මහතා අර මොංගෝලියානු පරීක්‍ෂණ හා සම්බන්ධ විද්‍යාඥයන් දෙදෙනා ඊනියා ක්වොන්ටම් පිනුම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලිව නොකියන බැවින් ඒ ගැන යමක් ප්‍රකාශ නොකර සිටීම වැදගත් ය. එයින් කියැවෙන්නේ ඇමයිනෝ අම්ලවල පරමාණුවල (අණුවල යැයි කීම නිවැරදි නො වේ) ඇති ඉලෙක්ට්‍රෝන එක් ශක්ති මට්ටමක සිට තවත් ශකති මට්ටමකට මාරුවීමෙන් ප්‍රෝටීන අණු සෑදෙන බව ද? සියළු ප්‍රෝටීන සැකසීමේ දී මේ පිනුම් ඇති වන්නේ ද?  ඇමයිනෝ අම්ල ඊනියා අතරමැදි අවස්ථා මගහරින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? ඇමයිනෝ අම්ලවලට ඒ අතරමැදී අවස්ථා ගැන දැනුමක් වේ ද?

අමරතුංග මහතා එවැනි සංකීර්ණ ප්‍රශ්න ගැන නොව සරල ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්නේ ද? ඊනියා කවොන්ටම් පිනුමක දී ඉලෙක්ට්‍රෝනය චලනය වන්නේ ද? එසේ චලනය වන්නේ අවකාශ කාලයෙහි ද? අමරතුංග මහතා නැනෝ තත්පර ගැන කියන බැවින් ඒ ප්‍රශ්නය අදාළ ය. කෙසේ වෙතත් ඉලෙක්ට්‍රෝනය එක් කක්‍ෂයකින් චුත වී වෙනත් කක්‍ෂයක ප්‍රතිසන්ධිය ලබා ගන්නේ ද? එසේ කරන්නේ එකම ඉලෙක්ට්‍රෝනය ද? වෙනත් ඉලෙකට්‍රෝන ද? ඉලෙක්ට්‍රෝනය නොනැසී පවතින්නේ ද? අර විමෝචනය කරන හෝ අවශෝෂණය කරන හෝ විකිරණයට (ෆොාටෝන) ශක්තියක් වේ ද? ෆෝටෝනවලට ගම්‍යතාවක් වේ ද?   

නලින් ද සිල්වා

2015 දෙසැම්බර් 14