Main Logo

Monday 6 February 2017

අන්තර්කාලීන ආණ්ඩුවක්


අන්තර්කාලීන ආණ්ඩුවක්



ඊයේ (පෙබරවාරි 05) අප පාණදුරේ රැස්වීමකට ගියා. එය සංවිධානය කර තිබුණේ ජාතික හිමිකම් සංවිධානයෙන්. එහි නිර්මාතෘ හා සභාපති පූජ් බෙංගමුවේ නාලක ස්වාමින් වහන්සේ. පාණදුරේ රැස්වීම කැඳවා තිබුණේ ජාතික හිමිකම් සංවිධානයේ කළුතර දිස්ත්රික්කයේ ආසන සංවිධායකයන් පත් කර ගැනීමට. රැස්වීමට මාත් සංවිධානයේ ලේකම් නීතිඥ ජානක බණ්ඩාරත්, එහි සම්බන්ධීකාරක නීතිඥ නුවන් බැල්ලන්තුඩාවේත් සහභාගි වුනා. රැස්වීම සංවිධානය කර තිබුණේ පළාත් සභා මන්ත්රී ලලිත් එල්ලාවලයි.




මගේ කථාවේ දී මා අවධාරණය කෙළේ මේ ආණ්ඩුවට නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමට ජනවරමක් නැති බවයි. මා කියා සිටියේ ආණ්ඩුව නන්දිකඩාල් ජයග්රහණය ආපසු  හැරවීමට නව ව්යවස්ථාවක් සම්පානය කිරීමට යන බවයි. සංධානයෙන් අගෝස්තු මැතිවරණය තරග කර ජයග්රහණය කළ සියල්ලන් නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්රියාවලියෙන් ඉවත්විය යුතු බව මා කියා සිටියා.  එමෙන් නන්දිකඩාල් ජයග්රහණය ආපසු හැරවීම සඳහා ගෙනෙන ව්යවස්ථා සංශෝධනවලට   මන්ත්රීවරුන් විරුද්ධ විය යුතු බවත් නන්දිකඩාල් ජයග්රහණයෙන් දේශපාලනික පරාජය කෙරුණු දහතුන්වැනි ව්යවස්ථා සංශෝධනය හා පළාත් සභා ව්යවස්ථාවෙන් ඉවත් කළ යුතු බවත් මා කියා සිටියා. දහතුන් වැනි ව්යවස්ථා සංශෝධනයෙන් මෙරට සරල සන්ධීය රාජ්යයක් වූ බවත් ආණ්ඩුවට අවශ් සහසන්ධීය රාජ්යයක් දක්වා එය පළල් කිරීමට බවත් කී මා අවශ් නම් පළාත් සභා කිසියම් ආකාරයක ව්යවස්ථා සම්පාදනයකින් තොරව සංවර්ධනය සඳහා පමණක් යොදා ගත යුතු බවත් කියා සිටියා.

 

එහෙත් කිසිවක් බොහෝ දෙනකුට ජීර්ණය කර ගැනීමට නො හැකි වූවා. ඉන් එක් අයකු කියා සිටියේ ජනතාවට කිසිවක් ඇඟට නොදැනෙන බවත් අද ඇති ඇඟට දැනෙන ප්රශ්න හේතුකොටගෙන ඔවුන් නිශ්ශබ්ද විරෝධයක් දක්වන බවත් ඔවුන් නිසි අවස්ථාවේ දී නිසි පිළිතුරු දෙන බවත් . ඔහු පැහැදිලි කියා සිටියේ මැතිවරණයක දී ආණ්ඩුව පරාජය කිරීමට ජනතාව කටයුතු කරනු ඇති බවත් අපත් ඇඟට දැනෙන ප්රශ්න අමතක නොකළ යුතු බවත්. අප ප්රශ්න අමතක නොකළ යුතු බව ඇත්ත නමුත් අපට ප්රධාන ප්රශ්නය  වූ ව්යවස්ථාව කොහොමටවත් අමතක කරන්න බැහැ.  ජාත්යන්තර සුපිරිව්යුහය විසින් මේ ආණ්ඩුව පත් කෙරුණේ නන්දිකඩාල් ජයග්රහණය ආපසු හරවන ව්යවස්ථාවක් සම්පාදනය කිරීමට.



මේ ඇඟට දැනෙන කතාව මේ රටට ප්රශ්නයක්. අපට ඇඟට දැනෙන හා හිතෙන් මවා ගන්නා දේ හැරෙන්න වෙනත් දෙයක් හිතන්න බැහැ. අර ඇඟට දැනෙන ප්රශ්නවලට පිළිතුරු දී ආණ්ඩුව පෙරළන්න වෙන්නේ 2020 ආසන්නයේ දී. එහෙත් ආණ්ඩුව ව්යවස්ථාව සම්පාදනය කරන්නේ එයට පෙර. අනෙක් අතට ආණ්ඩුවට යම් සහන දී මැතිවරණ පවත්වන්නත් පුළුවන්. පළාත් පාලන මැතිවරණ දිගින් දිගට කල් දමන ආණ්ඩුව මහා මැතිවරණයක් කල් දැම්මොත් මොක කරන්නෙ. මා කියා සිටියේ ව්යවස්ථාව පරාජය කළ යුතු බවත් සඳහා කළ හැකි එක් දෙයක් නම් රනිල් ඉවත් කිරීම බවත්. එයට නම් සභාවෙන් අත්පොළොසන් හඬක් නැගුණා. රනිල් පරාද කිරීම හා ව්යවස්ථාව පරාජය කිරීම අතර සම්බන්ධය ඇඟට දැනෙන එකක් නො වෙයි. ඒත් රනිල් ඉවත් කිරීම අර ඇඟට දැනෙන ප්රශ්නවලට විසඳුමක් බව ඔවුන්ට ඇඟට දැනෙනවා. අත්පොළොසන් හඬ ව්යවස්ථාව ගැන නොව රනිල් ඉවත් කිරීම ගැනයි. සිංහල බෞද්ධයන්ට ප්රවාද ගැන හිතන්න බැහැ. මා යෝජනා කෙළේ ව්යවස්ථාව පරාජය කිරීමට රනිල් ඉවත් කර 2020 වන තුරු අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ආණ්ඩුවට අප යම් යම් දේ කිරීමට වඩා නොකිරීමට බල කළ යුතු බවත්. නොකළ යුතු ප්රධාන කරුණ වන්නේ ව්යවස්ථාවක් සම්පාදනය කිරීමයි.  



එකක්වත් එහි සිටි බොහෝ දෙනකුගේ ඇඟට දැනුනේ නැහැ. එහෙත් එයටත් වඩා ප්රශ්නයක් වූයේ මා මගේ සටන්පාඨය වෙනස් කළ බව එක් අයකු කියා සිටීමයි. ඔහුට අනුව මා ක්ෂණික ව්යවස්ථාව පරාජය කිරීම යන සටන් පාඨයෙන් රනිල් ඉවත් කළ යුතුය යන සටන්පාඨයට මාරු වූවා. මා අවස්ථාවාදියකු යන ප්රශ්නයත් නැගෙන්න ඇති. දේශපාලනඥයකු පමණක් නොව දේශපාලනඥයන්ගෙන් කිසිම තනතුරක් වරප්රසාදයක් ලබා ගැනීමේ කිසිම බලාපොරොත්තුවක් නැති මට අවස්ථාවාදියකු වීමට අවශ් නැහැ. අප රනිල් ඉවත් කිරීමේ සටන් පාඨය ඉදිරිපත් කර දැන් අවුරුද්දකටත් වැඩියි. අද ඇතැම් දේශපාලන විද්යාඥයන් යැයි කියා ගන්නා අය රනිල් ඉවත් කිරීමට කතා කරන්නේ ප්රධාන වශයෙන් මහින්ද ඉවත් කිරීමටයි. ඔවුන් දැන් මහින්දගේ වැරදි කීමට පටන් ගෙන. මේ සුබ පෙරනිමිත්තක් නම් නො වෙයි. ඔවුන් රනිල් ඉවත් කිරීමට හර්තාල්, ජනමතවිචාරණ, විශ්වාසභංග  යෝජනා කරනවා. එකක්වත් ප්රායෝගික නෙවනවා පමණක් නොව හරතාල් වැනි ක්රියාවලින් රනිල් වඩාත් ශක්තිමත් වේවි. සයිටම් විසඳුම් ඉදිරිපත් නොකර පාරට බැසීමෙන් සිදු වන්නේත් රනිල් ශක්තිමත් වීමයි. අප රනිල් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනවාරි 25 දා හා 28 දා තරම් මැතක ලියු ලිපි ඔබේ අවධානයට යොමු කරනවා. ඔබ ලිපි නැවත කියවීමට මහන්සි නොවන බැවින් ඉන් උපුටා ගත් කොටස් කිහිපයක් පමණක් මෙහි පළ කරනවා.



ජනවාරි 25 ලිපියෙන්. නව ව්යවස්ථාව පරාජය කිරීම සඳහා අනිවාර්ය අවශ්යතාවක් වනුයේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමයි. පාරලිමේන්තුවේ වෙනත් ඔළුගෙඩි මාරුකිරීමෙන් ව්යවස්ථාව සම්බන්ධයෙන් ප්රතිඵලයක් අත්වීමට නම් ප්රථමයෙන් රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතුයි. එය පහසු කටයුත්තක් නො වෙයි. විසිපස් වතාවකටත් වඩා පැරදී ජා පක්ෂයේ නායකත්වය රැකගත් පුද්ගලයෙක් එසේ මෙසේ කෙනකු වෙන්න බැහැ. රනිල් නීතිය නවන්න මෙන් නීතියේ කණින් රිංගා යන්නත් දන්නවා. බැඳුම්කර වංචාවේ දී ඔහු ක්රියාකරන ආකාරයෙන් වුනත් ඔහුගේ තරම තේරෙනවා. ඔහු මෙවර අගමැති වූයේ ලෙහෙසියෙන් ඉවත් වීමට නො වෙයි.



….. .. .. මෛත්රිපාල තම පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම සඳහා රට පාවා දුන්නා. එසේ වුවත් අද රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට බලතල ඇති එක පුද්ගලයා මෛත්රිපාලයි. අප මේ තත්වය තේරුම් ගත යුතුයි. මෛත්රිපාල ගැන විශ්වාසයක් තැබිය නොහැකි වුවත්, අවිශ්වාසය රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට යොදා ගන්න වෙනවා. රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ගැන අප කතා කරන්න පටන් ගෙන දැන් අවුරුද්දකට වැඩියි. පමා වී නමුත් තවත් අය අද ගැන කතාකිරීම සතුටට කරුණක්.



කළ යුතු එක දෙය රනිල් අගමැති පදවියෙන් ඉවත් කිරීමයි. ජනාධිපතිට එය කළ හැකියි. එහෙත් ඔහුට සඳහා ශක්තියක් තිබේ යන්න ප්රශ්නයක්. අද ජාත්යන්තර සුපිරිව්යුහය රනිල් පිටුපස ඉන්නවා. සුපිරිව්යුහයට මෛත්රිපාල අවශ් වූයේ මහින්ද ගෙදර යැවීමට පමණයි. ඔවුන්ට දැන් මෛත්රිපාලගෙන් වැඩක් නැහැ. එහෙත් ඔවුන්ට මෛත්රිපාල ඉවත් කිරීමටත් බැහැ. දහනවවැනි සංශෝධනය මෛත්රිපාලට පක් වෙනවා. එහෙත් මෛත්රිපාලටත් අද දේශපාලනයේ යම් ස්ථාවරභාවයක් ඇති කර ගත හැක්කේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමෙන් පමණයි.



.. .. .. රටේත්  තමාගේත් සුභ සිද්ධිය සඳහා රනිල් ඉවත් කිරීමට මෛත්රිපාල පෙරට එන්නේ නම් පමණක් ඒකාබද්ධ විපක්ෂය ඔහුට සහාය දිය යුතුයි. මෛත්රිපාල රනිල් සමග ඇතිකර ගත් යහපාලන ගිවිසුම අවුරුදු දෙකකට පමණයි. දැන් ගිවිසුම ඉවරයි. එය කල් ඉකුත් වූ ගිවිසුමක්. මෛත්රිපාලට දැන් වෙනත් අයකු සමග ගිවිසුමක් ඇති කර ගත හැකියි. එය දළදා සමිඳු අබියස මහා සංඝයා වහන්සේ ඉදිරියේ ඇති කර ගත යුතු ගිවිසුමක්. එවැනි ගිවිසුමකින් නව ව්යවස්ථාව පරාජය කළ හැකියි. රනිල් අගමැති සිටිය දී ව්යවස්ථාව පරාජය කිරීම එතරම් පහසු නැහැ.



ජනවාරි 28 ලිපියෙන්. ආණ්ඩුව පරාජය කිරීම හා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම යනු දෙකක් නොව එකක්. ව්යවස්ථාව පරාජය කළහොත් එයත් ආණ්ඩුවේ පරාජයක්. 





මේ ලිපිිය තවත් ලිපි කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි .



https://www1.kalaya.org

  

නලින් සිල්වා



2017 පෙබරවාරි 06