මිනීමරුවන් සැමරීම
දෙමළ ජාතිවාදීන් ප්‍රභාකරන් ඇතුළු මිනීමරුවන් සමරලා. ප්‍රභාකරන්
වෙනුවෙන් කේක් කෑමට වවුනියා මණ්ඩපයේ සිංහල සිසුන්ට බල කරලා. යාපනය සරසවියේ ප්‍රභාකරන්
සැමරීමට ගුරුවරු සිසුන් සමග එක් වෙලා. ප්‍රභාකරන්ගේ පින්තූර යාපනයේ ප්‍රදර්ශනය
කරලා. රුවන් විජේවර්ධන කියනවා චෙන්නායිහි පමණක් ප්‍රභාකරන්ගේ විශාල රූප ප්‍රදර්ශනය
කරලා තිබුණා කියලා. එයින් කියන්නෙ දෙමළ ජාතිවාදය ලංකාවට විරුද්ධ ව තමිල්නාඩුවේත්
තියෙන බව. එහෙත් ප්‍රභාකරන් සැමරීමට විරුද්ධ ව ජ වි පෙ
වචනයක්වත් කියන්නෙ නැහැ. ආණ්ඩුවත් බොරුවට හරි ප්‍රභාකරන් සැමරුවන්ට විරුද්ධව නීතිය
ක්‍රියාත්මක කරනවයි කියද්දි ජ වි පෙ ඒ ගැන කතාකරන්නෙ නැහැ. ආණ්ඩුව අද නීතිය ක්‍රියාත්මක
කිරීමක් ගැන කියන්නේ පළාත් පාලන මැතිවරණ ළඟ නිසා. එහෙත් නීතිය ක්‍රියාත්මක කිරීමට
පෙර නීතිය නවාවි. ඊට පෙර පළාත් පාලන මැතිවරණ තියේවි.