Main Logo

Showing posts with label .Bhikkus. Show all posts
Showing posts with label .Bhikkus. Show all posts

Wednesday, 4 September 2019

කාලෝ හා පියසර ශිල්පාධිපති

       සිංහල ලිත් ඉලක්කම්


කාලෝ හා පියසර ශිල්පාධිපති




සිංහල බෞද්ධ සංස්කෘතිය අද තරම් පරිහාණියකට වෙන කිසිම දවසක පත් වී නැහැ. එයට ප්‍රධාන හේතුව බටහිර සංස්කෘතික ආධිපත්‍යය බවට සැකයක් නැහැ. අප හිතනවා සුද්දන් කළු සුද්දන් පිරිසක් ඇති කර රටින් පිට වී ගියා ය කියා. මෙහි  දී කළු සුද්දන් ලෙස අප එදා දැක්කේ  ඉංගිරිසි ක්‍රමයට තම ජීවිත සකස් කරගත් එදා නම් ටයි කෝට් කලිසම් ඇඳි ඉංගිරිසියෙන් කතා බහ කරන අප එදා කී විධියට හැම් බේකන් කන පිරිසක්. එහෙත් අද හැමෝ ම වගේ කලිසම් අඳිනවා. මගුල් ගෙවල්වල දී ටයි කෝට් කලිසම් අඳින අය තමයි අති මහත් බහුතරය. අද හැම් බේකන් කෑම අරුමයක් නො වෙයි. අද ඉංගිරිසිත් සිංහල වගේ කතා කෙරෙනවා. බොහෝ විට සිංහල නම් කතා කෙරෙන්නෙ ඉංගිරිසි වචනත් හැකිතාක් එකතු කර ගෙන. එයට තාක්‍ෂණයත් යම් ප්‍රමාණයක් බලපානවා. මෙසේජ් සෙන්ඩ් කිරීම තරුණ තරුණියන්ගේ පුරුද්දක් වෙලා. 

Tuesday, 16 July 2019

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

දුර්වල කෙරුණු සිංහල බෞද්ධ සංස්කෘතිය

රන්ජන් රාමනායක වැදගත් පුද්ගලයෙක් නොවෙයි. ඔහු තම කතාවකින් පොදුවේ මහා සංඝයා වහන්සේට අපහාස කරලා. ඔහු දැන් නම් කියන්නෙ ඇතැම් භික්‍ෂූන් වහන්සේ ගැනයි කිව්වෙ කියලා. රනිල් ඔහුගෙන් කරුණු විමසලා. රනිල්ගේ කරුණු විමසීම්වල ඇති වැඩේ මොකක් ද? අද වන විට පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තෙක් නැහැ. සහරාන් නොමැරුණා නම් ඔහුත් නිදහස් වෙනවා. දැන් වුණත් නිදහස් කරන්න පුළුවන්. සහරාන් මිය ගියේ වෙන අයකු පිපිරවූ බෝම්බයකට වෙන්න පුළුවන්. පොලීසියට බද්‍යුද්දින්ට විරුද්ධ ව ඉදිරිපත් කරන්න තරම් චෝදනාවක් නැහැ. කොහොමටත් අධිකරණයට කලින් තීරණ ගැනීමේ හැකියාව පොලීසියට තියෙනවා. හොරාගෙ අම්මගෙන්වත් පේන අහන්නෙ නැතිව ඉන්න පොලීසියට පුළුවන්.