අගෝස්තු එකොළහ
අගෝස්තු එකොළොස්වැනි දා පොහොට්ටුවේ පළමුවැනි සම්මේලනය පවත්වා ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දැනුම් දීමට යන බව සඳහන් වෙනවා. පොහොට්ටුවේ සම්මේලනයක් පවත්වා ම නැද්ද? එහි සභාපති නම් ජී එල් පීරිස්. ලේකම් කෙනකුත් ඉන්නවා. ඒත් ඒ පිටිපස්සෙ දැන් ඉන්නෙ බැසිල්. ඒත් පොහොට්ටුව නිර්මාණය කෙළෙ බැසිල් නොවෙයි. ඔහු එහි උප්පැන්නය සඳහා නම දුන්නා පමණයි. නුගේගොඩ රැස්වීම පැවැත්වෙන විටත් පොහොට්ටුව නිර්මාණය වී තිබුණා. පඬි පෝතකයකු කියන්න පුළුවන් නමක් තිබුණෙ නැහැ කියල. නමක් නැති වුණත් මිනිසුන් එක්රොක් වෙමින් සිටියා. ඒ කාලෙ බැසිල් රට ගම අත්හැරල ගිහින් හිටියෙ.