Main Logo

Showing posts with label Charitha. Show all posts
Showing posts with label Charitha. Show all posts

Saturday, 24 March 2018

රනිල් ඉවත් කිරීමේ ඉතිහාසය


රනිල් ඉවත් කිරීමේ ඉතිහාසය



විශ්වාසභංග යෝජනාව ගැන විවිධ කතා පැතිර යනවා. මෙහි පීතෘත්වය ගන්න ද නොගන්න ද කියලා මහා විද්වතුන් කල්පනා කරනවා. ඒ සාර්ථකත්වය ගැන හරියට ම කියන්න බැරි නිසා. මා පළමු කොට ම කිව යුත්තක් නම් විශ්වාසභංග යෝජනාව මගේ අදහසක් නොවන බව ය. එය කාගේ අදහසක් වුණත් මා එයට සහාය පළ කරනවා. එය ජයග්‍රහණය කරනු දැකීම, රනිල්ගේ ආණ්ඩුව අහෝසි වී වෙනත් අයකු අගමැති ධුරය දරණ ආණ්ඩුවක් පිහිටුවනු දැකීම මගේ අභිලාෂයයි. ඒ නව අගමැති කවුරුන් විය යුතු ද යන්න මා පිළිවෙළින් කියා ඇති.

Monday, 5 March 2018

මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා



මගේ කතාව එදත් ප්‍රතික්‍ෂෙප වුණා


විශ්වවිද්‍යාලයක දර්ශන අංශාධිපතියකු මා ගැන කණගාටුවන බව එක්තරා වෙබ් අඩවියක සඳහන් කර ඇති බව මගේ මිතුරකු කිව්වා. මා බැසිලිකාවේ වෙබ් අඩවි කියවන්නේ නැහැ. මෙරට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතිවිශාල බහුතරයකට නිරවුල් ව කල්පනා කිරීමට තර්ක කිරීමට නොහැකි බවට මට අවුරුදු පනහකට වැඩි අත්දකීමක් තියෙනවා. මේ කියන ආචාර්යවරයාත් එබන්දෙක්. බැසිලිකාවේ කොළඹ විශ්විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් ගැන මා දන්නවා. ඔවුන් ශිෂ්‍ය අවධියේ සිට ම දන්නවා. ඔවුන් නිකම් වචන පමණක් කියවනවා. ලියනවා. තර්ක කරන්න බැරි අය තර්කානුකූල අන්තයන් ගැන කියනවා. ඔවුන් සිටි තැන් ගිය තැන් දැන්  ඉන්න තැන්, ඒ තැන් මාරු කළ හැටි මට කියන්න පුළුවන්. බැසිලිකාවේ අනෙක් එක් කථිකාර්යවරයකුට සිංහල තේරෙන්නේ නැති බවත් මා දන්නවා.