Main Logo

Showing posts with label Collecting Marks. Show all posts
Showing posts with label Collecting Marks. Show all posts

Thursday, 14 November 2019

බොරු සහ පට්ටපල් බොරු

      සිංහල ලිත් ඉලක්කම් 


බොරු සහ පට්ටපල් බොරු 




දැන් නොනගත කාලයයි. දේශපාලනය ගැන ලියන එක හරි නැහැ. මැතිවරණ නීතිය පැහැදිලි නැති වුවත් අවශ්‍ය නම් නීතියේ කණෙන් රිංගලා යන්න පුළුවන් වුනත් ජනාධිපතිවරණය ගැන ලියන්න අවශ්‍ය යැයි කියල හිතෙන්නෙ නැහැ. ඊනියා උගත් බුද්ධිමත් තරුණ තරුණියන්ට සමහර විට තවමත් හිත හදාගන්න බැරි වෙලා ඇති. අද ජනමාධ්‍ය වැඩ කරන්නෙත් මේ තරුණ තරුණියන්ට බයෙන්. ඔවුන්ගෙ ඡන්දෙ දිනා ගන්න ඕන ය කියලා සමහර ජනමාධ්‍ය යම් යම් දේ ප්‍රචාරය කරන්නෙ නැහැ. තරුණ තරුණියන් මා ගැන දන්නෙ නැහැ. දන්න අය දන්නෙ මිථ්‍යා මතධාරියකු ලෙස. ඒ නිසාත් ජනමාධ්‍ය මට තැනක් දෙන්නෙ නැහැ. 

Tuesday, 29 October 2019

ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

        සිංහල ලිත් ඉලක්කම්


ලකුණු දමා ගැනීම් හා සුජිත් විල්සන්

ඊයේ ලිපියෙන් මා කියා සිටියේ ජාතික ව්‍යාපාරය තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමට උත්සාහ කරන අය පිළිබඳ කතාවක්. මට නෙළුම් පොකුණේ ඉදිරි පෙළේ අසුනක් හිමි නොවීම වැදගත් දෙයක් නො වෙයි. ප්‍රශ්නය එසේ අසුන් ගත් අයට ඒ සඳහා තිබුණු සුදුසුකම් මොනවාද කියන එක. එලෙස අසුන් වෙන් කෙළේ  කවු ද ආදී කරුණු දැන ගන්න පුළුවන් වේවි කියා මා හිතන්නේ නැහැ. මට ලකුණු දමා ගැනීමේ අවශ්‍යතාවක් නැහැ. මා සාමාන්‍යයෙන් වැඩ කරන්නේ තනියම. මට අවශ්‍ය සිංහලයන්ට බටහිරයන්ගෙන් ස්වායත්ත වූ ශක්තිමත් මතවාදයක් සැපයීම හා සිංහලයන් කතන්දර හදන්න පුරුදු කිරීම. අවාසනාවකට ඒ දෙවැනි කරුණ ඉටු වන්නේ නැහැ. සිංහලයන් පුරුදු වී සිටින්නේ තොරතුරු හොයන්න මිස කතන්දර හදන්න නො වෙයි.