එකක් ම නොවන එක් බමුණු කතාවක්
පැරණි කතාවක එක් බමුණෙක් කියනවා මා අර බමුණන් ඒක භාර්යා සේවනයට කැමති
කරවා ගත්ත කියලා. ඒ බමුණන්ගෙන් එක් අයකු කියනවා ඔව් අපි ඒක භාර්යා සේවනයට කැමති
කියලා. ටික වෙලාවකට පස්සෙ තුන්වැනි බමුණෙක් දෙවැනි බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය ඔබ
ඒක භාර්යා සේවනය කියන්නෙ කුමකට ද කියල.
එතකොට දෙවැනි බමුණ කියනව මා ඔය ලේබල්වලට කැමති නැහැ. අපේ ගෙදර ඇවිල්ල බලන්න
වැඩ සිද්ධ වෙන ආකාරය. ඒක තමයි ඒක භාර්යා සේවනය කියන්නෙ කියල. යමක් තීරණය වෙන්නෙ
ලේබල් වලින් නොවෙයි වැඩවලින් කියල. තුන්වැනි බ්‍රාහ්මණයා දෙවැනි බ්‍රාහ්මණයගෙ ගෙදර
ගියේ නැහැ. තුන්වැනි බ්‍රාහ්මණය සමනල්ලු බලන්න ගියා.