Main Logo

Showing posts with label Trotsky. Show all posts
Showing posts with label Trotsky. Show all posts

Thursday, 25 June 2020

බද්‍යුද්දීන් හා සිවල් නිගමන

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3   4  5  6  7  8  9






බද්‍යුද්දීන් හා සිවල් නිගමන

බදියුලා කීප දෙනෙක් ගැන ම දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරලා තියෙන ජනාධිපති කොමිසමේ කියැවෙනවා. නැහැ එතැන අර ගණිතය ගැන විකාර කියවන ප්‍රංශ මහා දාර්ශනිකයකු කියන බදියු ගැන කිසිවක් කියැවෙන්නෙ නැහැ. මා ගණිතඥයකුවත් දාර්ශනිකයකුවත් ඉතිහාසඥයකුවත් භෞතික විද්‍යාඥයකුවත් නො වෙයි. මා ඒ විෂය ගැන උනන්දුවක් දක්වන්නකු පමණයි. ලෝකයේ ගණිතඥයන් යැයි කියන අයගෙන් බොහෝ දෙනකු බදියු ගණිතය ගැන කියන දේ සතපහකට මායිම් කරන්නේ නැහැ. ඒත් කිහිප දෙනකු බදියුගෙ විකාර කියවල තියෙනවා. ඔවුන් බදියුගෙ ගණිතය ගැන කියා ඇති දෙයින් තමයි මා ඒ ටික කිව්වෙ. 

Saturday, 14 September 2019

දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා

        සිංහල ලිත් ඉලක්කම් 


දැනුම් පද්ධති හා විද්වත් වෘත්තීයික මාෆියා




මේ රටේ විද්වතුන්ගේ හා වෘත්තීයිකයන්ගේ යනුවෙන් අධිකාරි දෙකක් තියෙනවා. අවශ්‍ය නම් මාෆියා දෙකක් කිව්වත් කමක් නැහැ. මා මේ සඳහන් කරන්නේ එනමින් පිහිටුවා ගෙන ඇති සංසද සමිති ආදිය ගැන නො වෙයි. අඩු තරමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ගැනවත් නො වෙයි. ඒත් මා කියන දේ ගැන අති විශාල බහුතරයක් විරුද්ධ වේවි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. මට මිතුරන් ඇත්තේ අතළොස්සක් පමණයි. කවුදෝ පඬි පෝතකයකු ළඟ දී කියා තිබුණා මා තමා වැන්නන්ගේ මිතුරකු නොවන බව. එවැන්නන් සමග මිතුරු වීමට මට කිසි දිනෙක වුවමනාවක් තිබුණේ නැහැ. 

Monday, 28 January 2019

එකක් ම නොවන එක් බමුණු කතාවක්


එකක් ම නොවන එක් බමුණු කතාවක්



පැරණි කතාවක එක් බමුණෙක් කියනවා මා අර බමුණන් ඒක භාර්යා සේවනයට කැමති කරවා ගත්ත කියලා. ඒ බමුණන්ගෙන් එක් අයකු කියනවා ඔව් අපි ඒක භාර්යා සේවනයට කැමති කියලා. ටික වෙලාවකට පස්සෙ තුන්වැනි බමුණෙක් දෙවැනි බමුණගෙන් අහනවා බ්‍රාහ්මණය ඔබ ඒක භාර්යා සේවනය කියන්නෙ කුමකට ද කියල.  එතකොට දෙවැනි බමුණ කියනව මා ඔය ලේබල්වලට කැමති නැහැ. අපේ ගෙදර ඇවිල්ල බලන්න වැඩ සිද්ධ වෙන ආකාරය. ඒක තමයි ඒක භාර්යා සේවනය කියන්නෙ කියල. යමක් තීරණය වෙන්නෙ ලේබල් වලින් නොවෙයි වැඩවලින් කියල. තුන්වැනි බ්‍රාහ්මණයා දෙවැනි බ්‍රාහ්මණයගෙ ගෙදර ගියේ නැහැ. තුන්වැනි බ්‍රාහ්මණය සමනල්ලු බලන්න ගියා.