අලුත් දේශපාලනයක්
බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම මෙරට දේශපාලන ඝාතනවල ආරම්භය නොවෙයි.
එහෙත් එය නූතන දේශපාලනයේ ආරම්භය යැයි කියන්න පුළුවන්. ඒ මහතාගේ ඝාතනයෙන් පසු ගමනක
අවසානය යනුවෙන් වාර්තා චිිත්‍රපටියක් නිෂ්පාදනය වුණා. එයින් බණ්ඩාරනායක මහතාගේ
ගමනක අවසානය වගේ ම එක් දේශපාලන ගමනක අවසානයත් තවත් දේශපාලන ගමනක ආරම්භයත් සනිටුහන්
වුණා.