෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය
1. තිරියාය
ශිලාලේඛනය මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් ලැබී ඇති දීර්ඝතම පද්‍යමය ශිලාලේඛනය වශයෙන්
වැදගත් වේ. ප‍්‍රධාන ශිලාලේඛනයට සම්බන්ධ යැ යි සැලකිය හැකි කුඩා ලේඛනයක් ද ඒ
අසලින් ම ලැබී ඇත. එහි එන සිංඝලේන්ද්‍රශිලාමේඝ-මහාරාජස්‍යත‍්‍රයෝවිංශතිමේ වර්ෂේ
රාජ්‍යෙ ලිඛිතම්. යන්නට අනුව අටවැනි සිවසේ සිංහලයේ රජ කළ ශිලාමේඝ රජු දවස මෙම
කුඩාලිපිය ලියන ලද බව පෙනේ. ලිපි දෙකේ ම දක්නට ලැබෙන අක්‍ෂරවල සාම්‍යය සලකා බැලූ
පරණවිතාන මහතා ලිපි දෙක ම අටවැනි සියවසට අයත් යැ යි අදහස් කළේ ය.