Main Logo

Showing posts with label Pandukabhaya. Show all posts
Showing posts with label Pandukabhaya. Show all posts

Thursday, 4 June 2020

තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය






                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



තපස්සු භල්ලූක, තිරියාය සහ තිරියාය සංස්කෘත සෙල්ලිපිය

1.       තිරියාය ශිලාලේඛනය මෙතෙක් ශ‍්‍රී ලංකාවෙන් ලැබී ඇති දීර්ඝතම පද්‍යමය ශිලාලේඛනය වශයෙන් වැදගත් වේ. ප‍්‍රධාන ශිලාලේඛනයට සම්බන්ධ යැ යි සැලකිය හැකි කුඩා ලේඛනයක් ද ඒ අසලින් ම ලැබී ඇත. එහි එන සිංඝලේන්ද්‍රශිලාමේඝ-මහාරාජස්‍යත‍්‍රයෝවිංශතිමේ වර්ෂේ රාජ්‍යෙ ලිඛිතම්. යන්නට අනුව අටවැනි සිවසේ සිංහලයේ රජ කළ ශිලාමේඝ රජු දවස මෙම කුඩාලිපිය ලියන ලද බව පෙනේ. ලිපි දෙකේ ම දක්නට ලැබෙන අක්‍ෂරවල සාම්‍යය සලකා බැලූ පරණවිතාන මහතා ලිපි දෙක ම අටවැනි සියවසට අයත් යැ යි අදහස් කළේ ය.

Saturday, 20 July 2019

වංග කතාවක්

වංග කතාවක්
මගේ මිතුරකු පසුගිය දා වංගයේ නැත්නම් බංගයේ පවතින ජනප්‍රවාදයක් එවා තිබුණා. මේ ජනප්‍රවාදයට අනුව බිජය සිංහ නමැත්තකු කාලිංගයේ (වත්මන් ඔඩෙස්සා ප්‍රාන්තයේ) තාම්රලිප්ත රාජධානියේ කුමාරයෙක්. අද තාම්රලිප්ත බටහිර බෙංගාලයේ මිද්නාපුර් දිස්ත්‍රික්කයේ තම්ලුක් ලෙස සැලකෙනවා. බිජය සිංහ රජුගේ දෙවැනි බිසවගේ (ද්වරාණි –- රාණි රැජන) පුතෙක්. රජුගේ ප්‍රධාන බිසව (පතෝරාණි) බිජය සිංහ ගැන ඊර්ෂ්‍යාවෙන් පසු වී තිබෙනවා. බිජය සිංහ ජනතාව අතර ජනප්‍රිය වූ අයෙක්.  ඔහු තම දෑතින් සිංහයකු මැරිය හැකි අයෙක්.