Main Logo

Showing posts with label Group of 16. Show all posts
Showing posts with label Group of 16. Show all posts

Saturday, 30 June 2018

දහසය පනස්හතර හා මෛත්‍රිපාල


දහසය පනස්හතර  හා මෛත්‍රිපාල



දහසයේ කණ්ඩායමක් දැන් නැහැ කියනවා. දහසය පනස්හතරට එකතුවෙලා හැත්තෑවක් වෙලා. ඒ අතර බැසිල් කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ තමන් කියලා. ඒ කියන්නෙ බැසිල්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා ගෝඨාභය නමට ඉදිරිපත් කරනවා කියන එක ද? මේ කතන්දර අස්සෙ රනිල්ගෙ ආණ්ඩුව තවමත් තියෙනවා. එය තව අවුරුදු එකහමාරක් ම පවතින්න බෙහෙවින් ඉඩකඩ තියෙනවා.

Thursday, 28 June 2018

ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?

 ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?                 



මුහුණු පොතේ ඉන්න පඬි පෝතකයන් මා මෙයට පෙර දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති දේ කියවා නැතිව පමණක් නොවෙයි ඔවුන් නිගමනය කරනවා දෙමළ කතා කරන ජනයා මෙරටට පසුව පැමිණි නිසා ඔවුන් මේ රාජ්‍යයට අයත් නැති බව මා කියනවා කියා. දෙමළ කතා කරන ජනයා මේ රාජ්‍යයට අයත් නැති බවක් මා කිසිම තැනක කියා නැහැ. මේ පඬි පෝතකයන් ලබා ඇති අධ්‍යාපනයේ තරම! මයිකල් රොබට්ස්ගෙ කියමන් අනුගමනය කරමින් ඔවුන් අහනව කරාව දුරාව සලාගම කුල මෙරටට පැමිණියෙ කවදා ද කියලා. ඔවුන් මෙරටට පැමිණියා නොව දහහතර වැනි සියවසේ මෙරටට පැමිණි සමහරුන් එකලත් පැවති කුලවලට අවශෝෂණය කෙරුණා. දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව යන මැයෙන් ලියන ලිපි පෙළට ඉක්මනින් ම නැවත යන්න ඕන. ඒත් එදිනෙදා දේශපාලනය ගැන ලියන්නත් සිද්ධ වෙනවා.

Monday, 18 June 2018

දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු


දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු



අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි.

Friday, 15 June 2018

දහසය දෙනා මහින්ද හා මෛත්‍රිපාල


දහසය දෙනා මහින්ද හා මෛත්‍රිපාල



දහසය දෙනාගේ කණ්ඩායමට ඇතැමුන් විවිධ කොන්දේසි දමන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක්. ඔවුන් ඊනියා ජාතික ආණ්ඩුවේ සිටි බව ඇත්ත. එහෙත් ඔවුන් එ ජා පෙරමුණටවත් එ ජා පක්‍ෂයටවත් ගියේ නැහැ. ඔවුන් 2015 අගෝස්තුවේ තරග කෙළේ අද ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න අය මෙන් ම සංධානයෙන්. එකලත් ජනාධිපති මෛත්‍රිපාල සිිරිසේන. එහෙත් ඔවුන් තරග කෙළේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන්.