Main Logo

Showing posts with label Gunaruvan. Show all posts
Showing posts with label Gunaruvan. Show all posts

Thursday, 2 July 2020

තුනෙන් දෙකේ බහුතරය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ බහුතරය 


තුනෙන් දෙකේ බහුතරයෙ කතාව මැතිවරණ වේදිකාවෙ රැව් පිළිරැව් දෙනවා. කලකට සිට මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් වී තිබෙනවා. එහි අක් මුල් ඇත්තේ මනාප පොරයේ මිස රටේ ජාතියේ අනාගතයේ නොවෙයි. අගෝස්තු මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් සුදුසු තත්වයක සිටීවි යැයි මා කල්පනා කරන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට වග කිව යුතු විශාල පිරිසක් අලුත් පාර්ලිමේන්තුවේ දැක ගන්න පුළුවන් වේවි. ඔවුන් අද දහනවයට විරුද්ධ වුණත් එදා දහනවයට පක්‍ෂව ඡන්දය දුන්නා. 

Sunday, 28 June 2020

එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය

         

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





එම්සීසී මයිලෝ හා ජාතික ව්‍යාපාරය



ගුණරුවන් වාර්තාව පිළිබඳ ව එතරම් අවධානයට ලක් නොවූ කරුණු දෙකක් තියෙනවා. එකක් ඒ වාර්තාව සිංහලෙන් පළ වී තිබීම. වෙනත් කමිටු කොමිසම් වාර්තා ඉංගිරිසියෙන් පමණක් නිකුත් වෙලා ටිකක් කල් ගිහින් සිංහලට පරිවර්තනය කෙරෙනවා. වාර්තාව සිංහලෙන් පළ කිරීම පිළිබඳ සභාපතිතුමාටත් සෙසු සාමාජික මහතුන්ටත් අපේ ප්‍රණාමය පළ කරන්න ඕන. මෙය පුදුම තත්වයක්. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව වී අවුරුදු හැටහතරකට පස්සෙත් අපි වාර්තාවක් සිංහලෙන් පළකිරීම පිළිබඳ ව ප්‍රණාමය පළ කරනවා.