Main Logo

Showing posts with label October 2018. Show all posts
Showing posts with label October 2018. Show all posts

Thursday, 2 July 2020

තුනෙන් දෙකේ බහුතරය

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9





තුනෙන් දෙකේ බහුතරය 


තුනෙන් දෙකේ බහුතරයෙ කතාව මැතිවරණ වේදිකාවෙ රැව් පිළිරැව් දෙනවා. කලකට සිට මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රශ්නයක් වී තිබෙනවා. එහි අක් මුල් ඇත්තේ මනාප පොරයේ මිස රටේ ජාතියේ අනාගතයේ නොවෙයි. අගෝස්තු මැතිවරණයෙන් පත්වන පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් සුදුසු තත්වයක සිටීවි යැයි මා කල්පනා කරන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට වග කිව යුතු විශාල පිරිසක් අලුත් පාර්ලිමේන්තුවේ දැක ගන්න පුළුවන් වේවි. ඔවුන් අද දහනවයට විරුද්ධ වුණත් එදා දහනවයට පක්‍ෂව ඡන්දය දුන්නා. 

Monday, 29 June 2020

ලොකු චිත්‍ර කතාවක්

         

                         සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    5  6  7  8  9






ලොකු චිත්‍ර කතාවක්

අගමැති මහින්ද රාජපක්‍ෂ ලොකු චිත්‍රය ගැන අවධානය යොමු කරන්න කියලා. ඒක වැදගත් ප්‍රකාශයක්. තොණ්ඩමන්ගෙ අවමගුල, කරුණාගෙ ප්‍රකාශය ආදිය මේ ලොකු චිත්‍රයෙ නොවැදගත් තිත් කිහිපයක් වෙන්න පුළුවන්. ලොකු චිත්‍රයෙ අදහස එක් එක් අය එක් එක් විධියට කියනවා. සමස්තය දෙස බලන්න කියන එක එය ම නොවුණත් එයට කිට්ටු අදහසක් ගෙනෙනවා. 

Wednesday, 3 June 2020

නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්



දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි.