෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල
ලිත් ඉලක්කම්
0 1
2 3 4 5 6 7 8 9
නඩුව ජාතිකවාදී කඳවුර හා සුමන්තිරන්
දැන් ඉතින් මොනව කරන්න ද? ඡන්දෙට ලැහැස්ති වෙන්න ඕන. සකලවිධ සිංහල විරෝධී විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධී කඳවුරට ඡන්දෙ කරන්න වෙලා. ඔවුන් ඒකට අකමැති බව කවුරුත් දන්නවා. ඕන නම් හූල් වැඩේ ටිකක් පරක්කු කරන්න බොරු තර්ක ටිකක් ගේන්න පුළුවන්. ඒත් හුඟක් පරක්කු කරන්න බැහැ. මැතිවරණ කොමිසමට වැඩ ටිකක් වැඩි වෙනවා. අවශ්‍ය ම නම් මැතිවරණය දින දෙකක දි හරි තුනක දි හරි පවත්වන්නත් පුළුවන්. මැතිවරණ පනතෙ 24(3) වගන්තිය යටතෙ කොමිසමට ඒක කරන්න පුළුවන්. ඡන්ද පොළ සංඛ්‍යාව වැඩි කරන්න වෙයි. නිරෝධායන නීති රීති හින්ද දින කිහිපයක දි ඡන්දය පැවැත්වීම ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට කොහොම වුණත් රටේ සෞඛ්‍යයට හොඳයි.