Main Logo

Showing posts with label Limits. Show all posts
Showing posts with label Limits. Show all posts

Friday, 5 June 2020

මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය 


අප බොහෝ දෙනකු තමන් ඉගෙන ගත් විෂයට විෂයවලට ලැදියි. ඒ ගැන වරදක් කියනවාටවත් කැමති නැහැ. තමන් ඉගෙන ගත් විෂයෙන් හරි විෂයවලින් හරි කැඩිල එන එක බොහෝ දෙනකුට හිතා ගන්නවත් බැහැ. එහෙත් බෞද්ධයනට නම් එය ගැටළුවක් වෙන්න අමාරුයි. අවසානයේ නිවන සම්මාබෝධියේ දී සියළු දැනුම් අත්හරින්න ඕන. සියළු දැනුම් අප අනිත්‍ය දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම අනවබෝධය, අපේ අවිද්‍යාව, නිසා සංස්කරණය කර ගන්නා දේ. ඒ සංස්කරණය ඒ ඒ අයගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. එමෙන් ම ඒ ඒ අයගේ චින්තනය මත පදනම් වෙනවා. 

Thursday, 11 April 2019

කළු කුහර හා උළුඳු වඩ

කළු කුහර හා උළුඳු වඩ

ලංකාවේ උගතුන් අතර කළු කුහර මෙතරම් ජනප්‍රිය බව මා දැන සිටියේ නැහැ. බටහිර ජනමාධ්‍ය ලංකාවේ ජනමාධ්‍යවල ලොකු අයියා. බටහිර තාරකා විද්‍යාඥයන් කළු කුහරයක් දැක ඇති බවයි ඔවුන් වාර්තා කෙළේ. මෙරට උගතුනුත් කළු කුහරයක ඡායාරූප දැකලා. ඒක හොඳයි. සමහරුන් ඒ ගැන තම තමන්ගෙ කතන්දරත් හදලා. කළු කුහර පේන්න නම් ඒ එච්චර ම කළු වෙන්න බැහැලු. ඒකත් ඇත්ත. අවුරුදු පනහකට ඉස්සර, ඒ කියන්නෙ මගේ දැන් වයසින් තුනෙන් එකක පමණ කාලෙ, මාත් ඔය කුහර ගැන අධ්‍යයනය කළා. ඒ කුහර පේන බවක් නම් ඒ දවස්වල කිව්වෙ නැහැ. දැන් පේන්න පටන් අරන් ද දන්නෙ නැහැ. ඔහොම යන කොට කළු කුහරය කුහරයෙන් එළියට එන්නත් බැරි නැහැ. අපි අහස දිහා බලන් ඉමු. මා නම් කළු කුහර ගැන ඉගෙන ගන්න කාලෙ අහස දිහා බැලුවෙ නැහැ. ඊට පස්සෙ නම් අහස දිහා තමයි බලන් ඉන්නෙ. ඒ අහසින් තරුවක් කඩා වැටෙනකම් නො වෙයි.