Main Logo

Showing posts with label Parallel Lines. Show all posts
Showing posts with label Parallel Lines. Show all posts

Friday, 5 June 2020

මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





මිහිඳු හිමියන් දේවානම්පිය තිස්ස හා චතුස්කෝටිකය 


අප බොහෝ දෙනකු තමන් ඉගෙන ගත් විෂයට විෂයවලට ලැදියි. ඒ ගැන වරදක් කියනවාටවත් කැමති නැහැ. තමන් ඉගෙන ගත් විෂයෙන් හරි විෂයවලින් හරි කැඩිල එන එක බොහෝ දෙනකුට හිතා ගන්නවත් බැහැ. එහෙත් බෞද්ධයනට නම් එය ගැටළුවක් වෙන්න අමාරුයි. අවසානයේ නිවන සම්මාබෝධියේ දී සියළු දැනුම් අත්හරින්න ඕන. සියළු දැනුම් අප අනිත්‍ය දුක්ඛ (අයහපත් හිස් බව) අනාත්ම අනවබෝධය, අපේ අවිද්‍යාව, නිසා සංස්කරණය කර ගන්නා දේ. ඒ සංස්කරණය ඒ ඒ අයගේ මනසට ඉන්ද්‍රිය පද්ධතියට හා සංස්කෘතියට සාපේක්‍ෂයි. එමෙන් ම ඒ ඒ අයගේ චින්තනය මත පදනම් වෙනවා. 

Saturday, 10 February 2018

සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු



සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු


කුලකවාදය පිළිබඳ ප්‍රශ්න මතුවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය නිසා. එහි කියැවෙන එක් කරුණක් අනුව යම් ප්‍රස්තුතයක් සත්‍යය නම් එහි නිෂේධය අසත්‍යය විය යුතුයි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයෙ සත්‍යය විය යුතුයි. උදාහරණයක් ලෙස (උදාහරණ දීමට සිදුවන්නේ බොහෝ දෙනාට වියුක්ත ප්‍රකාශ තේරුම් ගැනීමට අපහසු නිසා) යම් සත්වයකු මිනිසකු නම් ඒ සත්වයා මිනිසකු නොවන්නකු විය නොහැකියි. යමකු මිනිසකු යන්න සත්‍යය නම් ඒ තැනැත්තා මිනිසකු නොවේය යන්න අසත්‍යය වෙනවා.