Main Logo

Showing posts with label Mattala. Show all posts
Showing posts with label Mattala. Show all posts

Monday, 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 

Sunday, 13 August 2017

ජාත්‍යන්තර ආණ්ඩුවක්  


ජාත්‍යන්තර ආණ්ඩුවක්



මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට යම් යම් දේට බදු දීමට තීරණයක් ගන්න යනවා. ආණ්ඩුව කිව්වෙ බටහිරයන් තම ප්‍රතිපත්ති අනුමත කරන නිසා තමන්ට ආධාර ලැබෙන බවයි. එහෙත් එක් පැත්තකින් බටහිරයන්ට අපට ආධාර කිරීමට තරම් ශක්තියක් නැහැ. ඔවුන්ගේ රටවලත් ආර්ථිකය කඩා වැටෙන්නෙ කොයි මොහොතෙ ද කියලා කියන්න බැහැ. අනෙක් පැත්තෙන් රණවිරු දඩයම ගැන ආණ්ඩුව දැනට කර ඇති දේ බටහිරයන්ට අනුව සොච්චමක්. ඒ දඩයම තවදුරටත් වැඩි වැඩියෙන් කිරීම බටහිරයන්ගෙ බලාපොරොත්තුවයි. බටහිරයන්ට මුදල් නැහැ. එමෙන් ම ආණ්ඩුවේ රණවිරු දඩයම ගැන බටහිරයන් සෑහීමකට පත් වී නැහැ.