Main Logo

Showing posts with label Nehru. Show all posts
Showing posts with label Nehru. Show all posts

Friday, 24 January 2020

ඊනියා අනාගමික රාජ්‍ය හා ඉන්දියාව

  සිංහල ලිත් ඉලක්කම් 


ඊනියා අනාගමික රාජ්‍ය  හා ඉන්දියාව


සිංහල බෞද්ධ රාජ්‍යය යන්නෙන් විවිධ පුද්ගලයන් විවිධ දේ අදහස් කරනවා. පැහැදිලිව ම එය ඊනියා අනාගමික රාජ්‍යයක් නො වෙයි. අනාගමික රාජ්‍යය යන්නෙන් බොහෝ විට කියැවෙන්නේ ආගමකින් ස්වාධීන වූ රාජ්‍යයක්. එහෙත් එවැනි රාජ්‍යයක් ලෝකයේ කොහේවත් නැහැ. ඇතැම් රාජ්‍ය ක්‍රිස්තියානි රාජ්‍ය, මුස්ලිම් රාජ්‍ය ආදී වශයෙන් ඒ ඒ රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ම සඳහන් වෙනවා. සමහරවිට රාජ්‍යයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි අනාගමික රාජ්‍යයක් ලෙස හැඳින්වෙන්න පුළුවන්. එහෙත් එවැනි රාජ්‍යයක් වුවත් ආගමකින් ස්වාධීන ද?

Monday, 21 October 2019

හකීම්, පලාලි කා වෙනුවෙන් ද?

      සිංහල ලිත් 


හකීම්, පලාලි කා වෙනුවෙන් ද?




හකීම් සහාරාන් දැනන් හිටලා නැහැ. ඒත් ඔහු ළඟ ම රැස්වීමක වාඩි වෙලා. හකීම් සහාරාන්ගෙ නම දැනන් හිටියෙ නැද්ද කරන වැඩ ගැන දැන හිටියෙ නැද්ද ආදී වශයෙන් දැන හිටිය කියන එක වෙනස් වෙනවා. මා හකීම් දන්නවා යම් ආකාරයකට, එත් මුණ ගැහිලා කතා කරලා නැහැ. අපි සමහරුන් එක්ක කතා කරල තියෙනවා. ඒත් නමවත් දන්නෙ නැහැ. හකීම්ට අද කොහොමටවත් කියන්න බැහැ තමා සහාරාන් දැන හිටිය කියලා. ඒත් ඔහු සහාරාන් වෙනුවෙන් කතා කළා. ඔය මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුණෙ අතන මෙතන රතන හිමියන්ගෙ උපවාසය නිසා නො වෙයි. අතන මෙතන රතන හිමි සිද්ධියෙන් සිද්ධියට පනිනවා නැහැ වැඩම කරනවා. දේශපාලනඥයකු හැටියට උන්වහන්සේට ඕන කරන්නෙ ප්‍රසිද්ධිය හා මන්ත්‍රීකම. පුළුවන් නම් ඇමතිකමක්. මුස්ලිම් ඇමතිවරු අස්වුණෙ සහාරාන් ආරක්‍ෂා කරන්න. මුස්ලිම් ත්‍රස්තවාදයෙ සහාරාන් වෙනුවෙන් පෙනී හිටීමට. 

Thursday, 19 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10



1948 දි අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉන්දියාවටත් ඩොමීනියන් නිදහස ලැබුණා. ඒත් ඒ එතෙක් පැවති ඉංගිරිසි ඉන්දියාව දෙකඩ කරලා පකිස්ථානය කියල තවත් රටක් ඇති කරලා. ඒ ඉන්දියාවත් පකිස්ථානයත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ජනරජ බවට පත්වුණෙ ඉංගිරිසි රජු අයින් කරලා. ඔවුන් ජනරජ දින තමයි උත්සශ්‍රීයෙන් සමරන්නෙ. අපට ජනරජයක් වෙන්න අවුරුදු විසිහතරක් බලා ඉන්න වුණා. ජනරජයක් වෙලත් අපි ජනරජ දිනය අමතක කරලා. අඩු තරමෙන් එදාට නිවාඩුවක්වත් නැහැ. අපි තාමත් සමරන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දිනය.